(අජන්ත කුමාර අගලකඩ)

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ  ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික  කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ .

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ලන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16)දිනයේදී හමුවීමට නියමිතව ඇති බවද පැවසේ .

ජනාධිපතිවරයා අද දිනයේ දී හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නිමල් ලන්සා මහතට අද (15) දුරකතනයෙන් දැනුම් දී ඇති බවද පැවසේ .