IMG-LOGO

ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා

(මනෝප‍්‍රිය ගුණසේකර)

2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා දැනුම් දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

 

 

 



අදහස් (5)

ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා

ravin Wednesday, 19 January 2022 06:39 PM

අපොයි, එච්චරකල්? නිදොස් කොට නිදහස් උත්තරේ තමයි..

:       0       18

fairoos Wednesday, 19 January 2022 08:20 PM

නිදොස් කොට නිදහස් කරයි... සර් එක්ක මොන තීන්දුද?

:       0       15

පිටිගල මිලානෝ Wednesday, 19 January 2022 08:27 PM

ස' නඩු ටික ගොඩදාගන්න වගේ මේ පාර ඇවිල්ලා තියෙන්නේ. ස' මොනතරම් වැඩ්ඩෙක්ද කියන්නේ පවුලේ ඔක්කොගේම නඩු ටික ගොඩදාලා යාලුවාව මරණ දඬුවමෙනුත් බේරලා ආණ්ඩුවේ හොඳම ජොබ් එකකුත් සෙට් කරලා දුන්නා. කවුද කියන්නේ ස' ෆේල් කියලා? ස' නේ හොඳටම කරලා තියෙන්නේ...

:       0       15

sharm warn Thursday, 20 January 2022 09:48 AM

ඔච්චර තෙපර බාන්න දෙයක් නැහැ.මොන හිතකින් මුදල් ඇමති මල්ලිව හිරේ යවන්නද අයියෙක් වෙලා

:       0       2

pradeepa Thursday, 20 January 2022 01:20 PM

අන්තිමට ලිත් ඉබේම ප්‍රින්ට් වෙලා, සල්ලිත් ඉබේම ගෙවලා, කවුරුත් නැතිව, මේවා මැෂින් නිසා සිදුවුණු දෝෂ බව කරුණාවෙන් සලකන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site