IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලෙඩ වකුගඩුවට ඇමෙරිකාවෙන් කෘත්‍රිම වකුගඩුවක්

රෝගීයකුගේ සිරුරෙන් ලබා ගන්නා පටක භාවිතා කරමින් කෘත්‍රිමව සෑදූ වකුගඩුවක් සාර්ථක වී ඇතැයි මහාචාර්ය මාර්ටින් බර්චල් මහතා සහ මැසචුසෙට්ස් රෝහලේ වෛද්‍ය හැරල්ඩ් ඔට් මහතා ප්‍රමුඛ ‍ඇමෙරිකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් කියා සිටින්නේ මෙම කෘත්‍රිම වකුගඩුව ස්වභාවික වකුගඩුවක් තරම් ක්‍රියාකාරී නොවූව ද එමගින් මුත්‍රා පෙරීම සාර්ථකව සිදුවන බවයි. ප්ලාස්ටික් හදවත් ඇතුළු කෘත්‍රිම අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ කටයුතු මේ වනවිට සාර්ථක වී තිබුණ ද වකුගඩුවක් කෘත්‍රිමව සෑදීම අතිශය සංකීර්ණ බව ද එම විද්‍යාඥයෝ පෙන්වාදෙති. වකුගඩුවක් බද්ධ කිරී‍ම අවශ්‍ය රෝගියාගේම පටක යොදා ගනිමින් කෘත්‍රිම වකුගඩුව නිර්මාණය කරන බැවින් එය බද්ධ කළ පසු සිරුර විසින් ප්‍රතික්ෂේප නොකරන බව ද පර්යේෂකයෝ පවසති. කෘත්‍රිම වකුගඩු කිහිපයක් මේ වනවිට සතුන්ට බද්ධ කැර පර්යේෂණ කරමින් ඇති බවත් එහි සාර්ථකත්වය අනාගතයට වඩාත් සුබදායී පණිවිඩයක් වනු ඇති බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ රජරට වියළි කලාපයේ ද වකුගඩු රෝගීහු බොහෝ වෙති. වකුගඩු නරක් වීම නිසා මුත්‍රා පිරිසිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් රෝහල්වල නැත.



අදහස් (0)

ලෙඩ වකුගඩුවට ඇමෙරිකාවෙන් කෘත්‍රිම වකුගඩුවක්

විමල් Tuesday, 16 April 2013 05:06 PM

මම ඇමරිකාවට ආදරෙයි.(නදී)

:       0       0

රජින්ද Tuesday, 16 April 2013 11:20 AM

මේ නිර්මානය නම් ඉතාමත්ම විශිෂ්ටයි. එහෙත් වෙළද මාෆියාව විසින්, මේකේ ප්‍රතිපල හොදයි කියලා මිනිස්සුන්ගේ වකුගඩු බලෙන් ලෙඩ කරලා මේක විකුණගන්න හදයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 April 2013 12:36 AM

අති විශිෂ්ඨ සොයා ගෑනීමක් (නි)

:       0       0

වජිර Tuesday, 16 April 2013 01:16 PM

හොද වැඩක්. නමුත් අපේ දුප්පත් ජනතාවට ඕවා ගන්න සල්ලි නැහැ. කරුණාකර අපිට බොන්න පිරිසිදු වතුර ලබා දෙන්න.(නදී)

:       0       0

ඩොන් Tuesday, 16 April 2013 03:52 AM

බොහොම හොඳ වැඩක්. කරුණාකරලා එය ලංකාවටත් හඳුන්වා දෙන්න පුලුවන් නම් මහා පිනක්. දුප්පත් මිස්සුන්ට කරන අති විශාල සේවයක්. (නි)

:       0       0

උපාලි Tuesday, 16 April 2013 04:50 AM

අනේ දොස්තර මහත්වරුනේ වකුගඩු නම් අපට වැඩියි. අපි ඕනෑතරම් ඒවා දියකරලා හරිනවා අරක්කු වලින්. පුළුවන් නම් කෘත්‍රිම මොළ ටිකක් හදලා ඉක්මනට මෙහාට එවන්න බැරිද? අපට ඉතාම තදින් වුවමන වෙලා තියෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 April 2013 07:21 AM

තවම මේ ගැන අදහසක් කියන්න අමාරුයි (නි)

:       0       0

අමරේ Tuesday, 16 April 2013 07:35 AM

මේ නිවුස් එක නිවැරදි නැහැ .එත්තටම වෙලා තියෙන්නේ මීයෙක්ගෙන් ගත්ත වකුගඩුවක් තව මීයෙක්ට බද්ද කරලා. (නු)

:       0       0

චන්දා-සිඩිනි Tuesday, 16 April 2013 02:46 PM

රජරට වකුගඩු ප්‍රශ්නය කියනකොට, අපිට ආණ්ඩුවක් තියෙනවද කියල හිතෙනවා. එකට සෞඛ්‍ය ඇමැතිත් රජරට ආණ්ඩුවේ ප්‍රබලයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site