IMG-LOGO

ලෙඩ අම්මාට පිහිට සාමණේර හිමි පමණයි

හලාවත දැදුරුඔය ජල ටැංකිය අසල  නිවසේ පදිංචි වී සිටි එම් එම් දයාවතී නැමැති තිදරු මව රෝද පුටුවක ආධාරයෙන්  ඇය සිය සැමියා වන ජෝන් සුරේන්ද්‍ර (62) මහතා සමඟ සිය දුක කියා මහජන අාධාරයක් බලාපොරොත්තුවෙන්  ලංකාදීප කාර්යාලයට ආවාය.

 එහිදී ඇය මෙසේ ද  පැවසුවාය.

අපි පදිංචි වෙලා හිටියේ හලාවත දැදුරුඔය ජලටැංකිය අසල  නිවසේ. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා.  පුතුන් දෙදෙනක් සහ දියණියක්. බාල පුතා වයස අවුරුදු 11 යි.  උන් වහන්සේ මහන වී හලාවත සිරිපාලිත පිරිවනේ අධ්‍යාපන කටයුතු කරනවා. දියණිය සහ අනික් පුතා විවාහ වෙලා .

මම දියවැඩියාව, හෘද රෝගයෙන් සහ අධික රුධිර පීඩනයෙන් වැනි රෝග වලින් පෙළෙනවා. හලාවත රෝහලේ කාලයක් නේවාසික ප‍්‍රතිකාර ගෙන පසුව කොළඹ ජාතික රෝහලට මාරුකළා.  බෙහෙත් ගන්න කොළඹ එන්න අමාරුයි ලොකු වියදමක් නිසා අපි දෙන්නා මීට වසර 2 1/2 පෙර කොළඹට ආවා. තැන් තැන් වල කාමර අරගෙන පදිංචිව සිටියා.

දියවැඩියා තත්ත්වය උත්සන්න වෙලා ඉකුත් මායි මාසේ මගේ  දකුණ කකුල කැපුවා.  අපි දෙන්නා තවත් අසරණ වුණා. රෝගී මට වැඩක් කරගන්න බැහැ එම නිසා මගේ සැමියා රැකියාවකට නොගොස් මා  බාලගන්නවා.

අපි දැන් පදිංචි ව සිට්නේ මට්ටක්කුලිය කැලණිගග මෝල පාරේ කාමරයක. එම කාමරයට මාසෙට රුපියල් 5000 ක් ගෙවන්න  ඕනේ. අපිට සලකන්නේ අපේ පුංචි සාමනේර වහන්සේ විතරයි. උන්වහන්ස්ට ලැබෙන පිරිකර විකුණලා  තමයි  මුදල් අපට ලබාදෙන්නේ. ඒ මුදලින්  වේලක් හැර වේලක් කාලා අපි මේ කාමරයේ දිවි ගෙවනවා. අපිට ස්ථිර අදායම් මාර්ග නැහැ. අපේ සාමනේර හිමියේ පමණක් ඉදහිට අපි බලන්න වඩිනවා. . එත් උන්වහන්සේට ඒ කාමරයට  වඩින්න අමාරුයි.

මම ඉල්ලන්නේ අපිට වේලක් හැර වේලක් හරි කාලා වැටිලා ඉන්න කුඩා නිවසක් ලබා දෙනවානම් ලොකු පිනක් කියලා. මට මාසෙකට බොහෙත් සඳහාත් ලොකු මුදල් අවශයි. අපේ පුංචි හාමුදුරුවන්ට හැමදාම අපේ මේ  බර දරන්න අමාරුයි.

හාමුදුරුවෝ ලොකු කැමැත්තක් තියනවා අපිට අපේම කියලා ගෙයක පදිංචිකරවන්න. ඒත් අසාව ඉෂ්ට කරන්න උන්වහන්සේ තවමත් පුංචි අවුරුදු 11 යි. උන්වහනේසේගේ  කැමැත්ත ඉටුකරන විට අපි ජීවත් වෙයි ද කියාල කියන්න බැහැ. ඒ නිසයි අපි අපේ දුක කියන්න ලංකාදීප කන්තෝරුවට ආවේ.

දයාවතී මහත්මියට  උපකාර කිරීමට කැමැති  පරිත්‍යාශිලීන් වෙතොත් ලංකා බැංකුවේ හලාවත 2 ශාඛාවේ එම් එම් දයාවතී නමින් ඇති 79538467 දරණ ගිණුමට බැර කරන ලෙසට ඇය ඉල්ලා සිටියි.

(දුරකතන අංක - 0721175167)

GLA_2882 GLA_2878



අදහස් (0)

ලෙඩ අම්මාට පිහිට සාමණේර හිමි පමණයි

අනුරාධ Friday, 09 September 2016 02:20 PM

ඔයාලා පැමිණ ඇත්තේ අනිවාර්‍යයෙන්ම පිහිටක් ලැබෙන ඉර හඳ මෙන් විශ්වාස තැනකට. අපේ පුංචි හාමුදුරුවන්ට මේ පිනම ඇති නිවන් අවබෝධ වෙන්න.අපේ මේ පුංචි රටේ හදවත උණුවෙන අයගේ අඩුවක් නැහැ.අපි ඔයාලට හැකි පමණින් උදවු කරනවා. (අ)

:       0       0

රූපවතී Saturday, 10 September 2016 07:09 AM

අපේ පාඨක මහත්ම මහත්මීන් එකතුව කරන ඕනෑම දෙයකට මා ඒකාන්තයෙන්ම උදව් දෙමි. දුරකථන අංකයක් මෙහි පළකර ඇත (නි)

:       0       0

රූපවති Friday, 09 September 2016 02:24 PM

අනේ පරිත්‍යාග ශීලී පින්වත් පාටක මහත්මයෙක් හෝ මහත්මියක් සිටී නම් පර්චෙස් 5 ක ඉඩම් කෑල්ලක් හොයල දෙන්න මේ අසරණ මාපිය දෙපළ පදිංචි ඒ කියන පලාතෙන්..මම කුඩාවට නිවසක් හදා දෙන්නම් පව් අසරණ මනුස්සයන්ගේ ජීවිත කෙරෙහි රජයක් වුණාම මීට වඩා හොදින් ටිකක් ඔවුන් කෙරෙහි සොයා බලන්න වටිනවා ...? අහිංසක මිනිසුන් කීදාහක් රටේ හිසට වහලක් නැතිව ..කුසට අහරක් නැතිව ඉන්නවද ..?හැකියාවක් ඇති කෙනෙ වේනම් මට දැනුම් දෙන්න ....මා ඔවුන්ට නිවසක් සාදා දෙමි ..!!! (අ)

:       0       0

අනූ Friday, 09 September 2016 02:54 PM

මේ අම්මගෙන් කිරි බීවේ පොඩි සාදු විතරද . අර බැදලා ඉන්න දුවයි පුතයි කිරි බීවේ නැද්ද .මවු සෙනහස පිය සෙනහස දන්නේ නැති ඔය දුවටයි පුතාටයි මෙයිට වැඩිය ඉරණමක් අත්වෙයි.පොඩි සාදු නිවන් දකිත්වා (බ)

:       0       0

සාලින්ද Saturday, 10 September 2016 09:16 AM

ගෙයක් හදාදෙන්න පුළුවන් නම් හොඳයි. ඉඩමකුත් දෙන්න වෙනවා (නි)

:       0       0

අබය Saturday, 10 September 2016 09:22 AM

රූපවතී නෝනා, ගෙයක් හදලා දෙන්න ඉඩමක් කොළඹින් නම් හොයන එක හිතාගන්නවත් බැහැ. ඒ විදියේ පහසුකම් ඇති ඉස්පිරිතාලයක් ඇති දුර පළාතක තමයි නිවසක් ගැන බැලිය යුත්තේ. එහෙම වුණොත් අපිත් ඔබතුමිය සමඟ ඉන්නවා හැකි ආකාරයට. (නි)

:       0       0

අශෝක Saturday, 10 September 2016 09:17 AM

අනුර, ඔවුනුත් ඉතා දුකසේ ජීවිතය ගැටගසා ගන්නවා වෙන්න බැරිද? අපිට යමක් කළහැකි නම් අනුන්ගේ යුතුකම් ගැන සොය සොයා සිටීමෙන් වැඩක් තියෙනවද? අඩුම ගණනේ රුපියලකින්වත් ආධාරයක් කරන්න බලන්න. (නි)

:       0       0

චන්න බුවනක Friday, 09 September 2016 04:43 PM

රූපවති මහත්මිය, ඔබ මීටපෙරත් මේ වගේ අයට ආධාර කර තිබෙනවා මම පුවත් වලින් දැක්කා. මේ අයටත් ආධාර කරන්න යන එක ලොකු පිනක්. (නි)

:       0       0

අරවින්ද Friday, 09 September 2016 05:16 PM

මේ දේවල් දකිනකොට මට වෙලාවකට හිතෙනවා පින්කෙතක් සේ බුදු දහම අවුරුදු 2500 අඛණ්ඩව අපේ රටේ තිබුනත්, අපි මහා අවාසනාවන්තයි කියලා. (නි)

:       0       0

විකී Friday, 09 September 2016 07:34 PM

රූපවති, ගොඩක් පින් එවැනි අදහසක් පළකළාට.හෙට ඒ අයට ම‍ම කතාකරලා කරන්න පුළුවන් දෙයක් කරන්නම් (නි)

:       0       0

සිසිර Friday, 09 September 2016 10:37 PM

එයාලගේ සෞඛ්‍ය වියදම් මට බලාගන්න පුලුවන්. මට පොඩි හාමුදුරුවෝ ඉන්න පන්සලේ අංකය දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වජිරබුද්ධි Saturday, 10 September 2016 11:05 AM

රුපියල් 15,000 ක් මුදලින් ආධාර කළා. ඔබත් ශක්ති පමණින් උදව් කරන්න. හැමට පින්! තෙරුවන් සරණින් ජය වේවා! (නි)

:       0       0

විජේ Saturday, 10 September 2016 11:44 AM

මෙවන් බුදු පුතුන් වාසනා! (නි)

:       0       0

ගුණසිරි Saturday, 10 September 2016 04:10 PM

බුදු දහම කියන්නේ මහා විශ්මිත දහමක් පින්වතුනි. මේ දහම විසින් මෙහෙයවන කාරුණික සිතැත්තෝ නිවන කරාම පියවර මනිත්වා! (නි)

:       0       0

ෆ්‍රැන්ක්ලින් Saturday, 10 September 2016 05:18 PM

මේ අගනා පොඩි හාමුදුරුවන්ට සහ පරිත්‍යාගශීලී සියලු දෙනාටම මම යේසුස් වහන්සේගේ පිහිට පතමි. (නි)

:       0       0

පෙරේරා Saturday, 10 September 2016 03:45 AM

රූපවතී වැනි අය මේ ලෝකේ හරිම අඩුයි. ඔබව අගය කරමි (නි)

:       0       0

සුජාතා Friday, 09 September 2016 12:05 PM

පව් මේ පුංචි හාමුදුරුවෝ! මොනතරම් අමාරුකම් තිබුනත් දෙමව්පියන්ව නොසළකා ඉන්න හොඳ නැහැ. අපේ සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කළා නම් ගෙයක් ලබානොදී ඉන්න එකක් නැහැ (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 10 September 2016 06:38 AM

රූපවති මහත්මියනි, ඔබට වෙන කුසල් අවශ්‍ය නැත. ත්‍රිවිධ රත්නය ඔබ ආරක්ෂාකර නිරෝගීව තබත්වා! (නි)

:       0       0

ගුණසිරි Friday, 09 September 2016 01:30 PM

පෙරකළ පින් නැති බවත් මහ දුකක් අපේ හාමුදුරුවනේ,ඇස් ඇත්තෝ මේ දුක දැකලවත් පින් කරන්න උත්සහ කරත්වා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site