IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලිට්‍රෝ ගෑස් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි

(යොහාන් භාසුර සහ විමුක්ති රුද්‍රිගු)

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ වන ආයතන හතක රජය සතු කොටස් විකිණීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩ්න්ග්ස් සමාගම (කොළඹ ග්‍රැන්ට් හයට්, හොටෙල් සංවර්ධන ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් සංස්ථාව යන ආයතනවල රජය සතු කොටස් විකිණීමට තීරණය කර තිබේ.  



අදහස් (9)

ලිට්‍රෝ ගෑස් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි

සචින්ත Thursday, 23 March 2023 09:26 PM

අසූගණන්වල පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව බලවේග පෙහෙකම්හල් රට තුල තිබුනා එයින් තුනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුවිට හා අටකලංපන්නේ කවුඩුවාවේ තිබුනා ඒවා එහෙමම පවත්වා ගැනීමට පුද්ගලික ආයතනයකට බද්දට දුන්නා එකක් ගත්තු අයත් නැවත විකුණා අලුතින් ගත්ත කෙනා කාමර සාදා කුලියට දීලා විශාල වශයෙන් මුදල් උපයනවා ඔය ආයතන ටිකත් එහෙම වේද කියලා හිතෙනවා එනිසා කොටස් විකුණනවා නම් දැඩි කොන්දේසි ඇතුව පමණක් ඒවායේ අයටත් කොටස් ප්‍රමාණයක් වෙන්කර විකුණනවා නම් හොදයි කියලා හිතෙනවා

:       1       0

චන්දන Friday, 24 March 2023 05:49 AM

ආණ්ඩුව බිස්නස් නෙකෙල යුතුය කියන එක ඉස්සරහ දාගෙන රාජ්‍ය ආදායම් ලැබිය හැකි ආයතන සියල්ලම කොමිස් ගහමන් විකුණලා දානව. අහිංසක මිනිසුන් ට අධික බදු පනවල ආදායම් හොයනව. මුංට හෙන නොගහ තියේවි ද.

:       4       3

විමුක්ති Friday, 24 March 2023 06:57 AM

ඊයා මට නම් එපා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එව්ව.

:       1       3

මහී Friday, 24 March 2023 07:15 AM

දියවන්නාවේ මහලු මඩම කොටස් කර විකුනන්නේ කවදාද? එයට අරක් ගත් දීර්ඝකාලීන භූතයින් පන්නා දැමුවානම් / උන්ම අනුමත කරගත් අධික වරප්‍රසාද කපා දාන්නේ කවදාද? එය බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමක් වනු ඇත...

:       3       3

නිහාල් Friday, 24 March 2023 08:41 AM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සංවර්ධන සහකාරලා ටික විකුනන්න බැරි වෙයි ද.

:       1       4

Rohitha Samarakone Friday, 24 March 2023 09:56 AM

ග්‍රේට් රනිල්...ඊළඟට අම්මවයි තාත්තවයි..

:       3       4

Samitha Senaka Aluthgamage. Friday, 24 March 2023 10:13 AM

රාජ්‍ය සමාගම් හා සංස්ථා විකුණා දැමීම ගැන එතරම් ප්‍රසාදයක් අප තුළ නැහැ.ඒත්,මේවායේ ඉහළ පරිපාලන තනතුරු දරන්නේ දේශපාලනඥයන් ගේ සමීපම අය.ඒ වගේම,ඒ ඒ රජයන් වෙත කඩේ ගිය හිතවත් බොහෝ අයත් මේවායේ සේවය කරනවා.ඒ මදිවට යුතුකම් ගැන නොබලන, අයිතිවාසිකම් ගැන පමණක් බලන, වූර්තීය සමිති කාරයන් මේ ආයතන වලට අරක්ගෙන සිටිනවා.මේවා නිසා අදාළ ආයතන විකුණා දැමීම වරදක් බව නොපෙනේ. සේවක අයිතිවාසිකම් ගැන ගැටළු තිබුණත්,රජය හා සම්බන්ධ වී තිබෙනවාට වඩා විකුණා දැමූ පසු කම්මැලි නොවී වැඩකරන්නට වෙනවා.දුම්රිය සේවය,සීටීබී එක, විදුලිය බල මණ්ඩලය,ජලසම්පාදන ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව අඩු ආයතන.මේවා ගැන සොයා බැලීමට උනන්දු විය යුතුයි.රාජ්‍ය ආයතන රටේ ජනතාවට බරක් නොවී පැවතිය යුතුයි.එසේ නැතිව,සේවකයන්ගේ හා වුර්තීය සමිති පැත්තෙන් පමණක් බලා තීරණ නොගත යුතුය.කුමන රාජ්‍ය ආයතන හෝ රටේ මුදල් ගිලින සුදු අලින් වේනම් හෝ අකාර්යක්ෂම නම්,ඒ පිළිබඳව නිසි තීන්දු තීරණ ගත යුතුය. සිදුවිය යුත්තේ එයයි.

:       1       9

සත්‍යපාල Friday, 24 March 2023 12:23 PM

සහතික ඇත්ත කියලා කියන්න පුළුවන් විරුද්ධ සමිති කාරයින්ට කියන්න කොටස් ගන්න කියලා බොහෝවිට උඋන්දැලා ගන්නෙ නැහැ මොකද එහෙම කලොත් හොරකම් වංචා දූෂණ තමන්ගෙ දෙයකට කරන්න බැරිනිසා

:       0       5

Amara Friday, 24 March 2023 12:20 PM

මුලින්ම පාර්ලිමේන්තුව විකුණල මන්ත්‍රීල ඒ කොම්පැනියනේ පත් කරා නම් මේක ගොඩදාතහැකි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site