( තිලකරත්න දිසානායක.)

මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන යුවළක් , බැලුම්මහර ප්‍රදේශයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.

විවාහ වීමට සිටින යුවලක් බව කියන මොවුන්ගෙන් පිරිමි තැනැත්තා යක්කල , අඹගස්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවත් තරුණිය 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන බවට අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි. 

ගම්පහ පොලිස් අධිකාරී චින්තක පීරිස් මහතාට ලැබී ඇති තොරතුරක් මත මෙම යුවල ලැගුම්ගෙන සිටි ස්ථානය දී පොලිස් කණ්ඩායමක් විසින් වටලා මොවුන් අත් අඩංගුවට ගනු ලැබූ බවත් එම අවස්ථාවේ පිරිමි තැනැත්තා සන්තකයෙහි තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 250 ක් සහ තරුණිය සන්තකයෙහි තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සොයා ගනු ලැබූ බවත් පොලීසිය සඳහන් කරයි.