IMG-LOGO

ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන්

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර  කවුළුව විවෘත කිරීම   රාජ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට  පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315  ක්ෂණික දුරකථන අංකය  365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම   සක්‍රීයව පවතී.

ඊට අමතරව sltb.eseat.lk වෙබ් අඩවියෙන් හා 1315 ජංගම දුරකථන app එක හරහාද මෙම පහසුකම සලසා ඇත .

ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක්  වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා  දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර මහතාට දුරකථනයෙන් අමතා තොරතුරු  ලබාගැනීම ඇතුළු  පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.

මෙම පහසුකම් කල්මුණේ සමන්තුඩේ කාත්තන්කුඩි කින්නියා මන්නාරම  මුලතිව් කඩුවෙල බණ්ඩාරවෙල තංගල්ල මාකුඹුර මීගමුව පොතුවිල් කලවංචිකුඩි එරාවූර් යාපනය කිලිනොච්චිය මහනුවර වැල්ලවාය බිබිලේ කතරගම පොලොන්නරුව මහියංගනය අක්කරේපත්තුව අම්පාර වාලච්චේන හැටන් කරේ නගර්  මහරගම දෙහිඅත්තකණ්ඩිය  ගාල්ල අම්බලන්ගොඩ අනුරාධපුර මඩකලපුව  ත්‍රි - මලේ වව්නියාව පේදුරුතුඩුව මොනරාගල බදුල්ල මාතර නුවරඑළිය සහ කඩවත  යන ප්‍රධාන  බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගම හා එක්ව මෙම  වැඩසටහන ක්‍රියාත්මකය .


මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  සභාපති එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් , HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ලියනගේ , බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන)  පී.රත්නායක ,  මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .

 

 

 

 



අදහස් (9)

ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන්

sachith Thursday, 16 March 2023 11:29 AM

ඉතාම හොඳ දෙයක් .සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .රේල්ලුවේ ඔන්ලයින් වෙන්කිරීම් වලට උන දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

:       1       19

Zoyza Thursday, 16 March 2023 12:15 PM

බන්දු මාමා නැත්තේ ඇයි ?

:       1       10

Mahesh Silva Thursday, 16 March 2023 12:53 PM

වැඩේ නම් හොඳයි... හැබැයි රජයෙන් සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් කළොත් පට්ට ස්ලොව් ... පර්ෆෝමන්ස් ටෙස්ටින් එකක්වත් කරලා දාන්න මේවා...

:       0       10

Prabhath de Silva Thursday, 16 March 2023 01:05 PM

විශිෂ්ට සේවාවක්.

:       0       7

Damith Thursday, 16 March 2023 01:11 PM

හොඳ වැඩක් දිගටම කරගෙන ගියොත් තවත් හොඳයි.

:       0       8

ජයේ Thursday, 16 March 2023 01:50 PM

ආසයි! බයයි!!

:       0       7

හරිපිය Thursday, 16 March 2023 03:05 PM

ඇනවුම් කරන විට අදාල මුදල අවකල යුතු ය. නැතිනම් හිස් ආසන ඇති බස් රථ වුවද අතර මගින් මගීන් නන්වා ගත නොහැකි ය. මගියෙකු ගමන් අවලංගු කරන විට යම් දඩ මුදල් පැනවීම හා ඉතිරි මුදල් දිය යුතුයි. එවැනි අවස්ථාවක හිස් වන ආසන ගැන කොන්දොස්තර මහතා දැනුවත් කරන ක්‍රමයක් තිබිය යුතුය.

:       0       11

චන්දන Thursday, 16 March 2023 03:48 PM

හොඳ වැඩක් . කොච්චර කල් යයිද දන්නෙ නැහැ .

:       0       0

බදීෂා ගොඩමහ කුඹුර Thursday, 16 March 2023 04:08 PM

IKTAR සම්බන්ධව නැති නිසා මේක දුවයි. උන් ගෑවුන තැන අවුල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 564 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 495 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site