IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

 ‘නව කොරෝනා වයිරසවසංගතය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
 
එම රටවල් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉක්මනින් ම දෙවැනි රැල්ලක් ඇතිවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වාදෙයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා අංශයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් ඊයේ (26) එම අනතුරු ඇඟවීම කළේය.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ දෛනික ගෝලීය තත්ත්වය දැනුම් දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීහු මෙම මාධ්‍ය හමුව පවත්වති. දෛනිකව පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි

ඇතැම් රටවලින් දෛනික වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී තිබුණත් මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු, දකුණු ආසියානු සහ අප්‍රිකානු කලාපවලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ වැඩි වීමක් දක්නට පුළුවන් යැයි ද වෛද්‍ය මයික් රයන් එම මාධ්‍ය හමුවේදී පැවැසීය.

නව කොරෝනා වයිරසය පළමු රැල්ල පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ආසාදිතයන් වාර්තා වීම වේගයෙන් ඉහළ යා හැකි යැයි ද ඔහු කීය.

‘‘අපි තවමත් ඉන්නේ වයිරසයේ පළමු රැල්ල තියෙන කාලයේ. ආසාදිතයන් වාර්තා වීම අඩු වූ පමණින් අපට නිගමන හා තක්සේරුවලට එන්න බැහැ. වයිරසය පළමු රැල්ල සීමා කිරීමට පැනවූ සීමා ඉවත් කරන්න ඉක්මන් වුවහොත් පළමු රැල්ල තිබියදීම වයිරසයේ දෙවැනි රැල්ලක් එන්න පුළුවන්’’ යැයි හෙතෙම කීවේය.

එම නිසා යුරෝපයේ සහ උතුරු ඇමෙරිකානු කලාපයේ පමණක් අනෙක් සෑම රටක්ම මහජන සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත සමාජ ක්‍රියාමාර්ග ගත යුතු බවත් වෛද්‍ය රයන් පෙන්වාදුන්නේය.
 
එපමණක් නොව සෑම රටක්ම ආසාදිතයන් හඳුනා ගැනීම, ආසාදිතයන් නිරාවරණය වූ හෝ ආසාදිතයන් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම, ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කිරීම යනාදි ක්‍රියාමාර්ග අඛණ්ඩව මෙන්ම දැඩිව කරගෙන යා යුතු බව ද ඔහු කීවේය. ඒ තුළින් ඉතා ඉක්මනින් වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීම වළක්වා ගත හැකි බව ද ඔහු තවදුරටත් කීවේය.
 
අල්ජසීරා/රොයිටර්ස් 
 
055

 



අදහස් (2)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 11:27 AM

WHO එක කිව්වාම පෙරදී අපගේ සිත් සතන් තුළ මොන තරම් විශ්වාසයක් ගොඩනැඟී තිබුණද? ඒත්, කොරෝනා වලට මෙතෙක් බෙහෙතක් සොයාගෙන නැති බව දැනදැනත්, එය ගෝලීය වසංගතයක් ලෙස බෝනොවන බව පැවසුවා. ඒ වුණාට කොහොමද පැතිරුණ හැටි? ඒ කොහොම වුණත්, බෙහෙතක් නැති මේ රෝගයෙන් බේරී සිටීමට අප කව්රුත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුමයි. අපේ ජාසිංහ මහතා ඒවා මැනවින් අපට වටහා දෙනවා...

:       29       140

jayath Tuesday, 26 May 2020 12:57 PM

මෙයාලා කියන දේවල් ඒ තරමටම ගණන් ගන්න එපා... මුලදී මොනවද කිව්වේ? දැන් මොනවද කියන්නේ?

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 191 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site