ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ මෙරට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවල ප්‍රමුඛතා පිළිබඳව මෙරට බලධාරීන් සමඟ කළ සාකච්ඡා වලදී හඳුනාගත් බව ලෝක බැංකුව සදහන් කරයි.
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනෙක් ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වූ අතර එහිදී එම නියෝජිත පිරිස ජනපති, අගමැති සහ මුදල් ඇමැති ද මුණ ගැසුණහ.
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර සහයෝගීතාව පුළුල් කිරීම සංචාරයේ අරමුණක් වූ අතර, මෙරට වත්මන් වාතාවරණය සහ අභියෝග හඳුනා ගැනීම සඳහා එය වැදගත් වූ බවයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලෝක බැංකුවේ මූල්‍ය සහායෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක ව්‍යාපෘති ද නියෝජිත කණ්ඩායමේ අධීක්ෂණයට ලක්විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.