IMG-LOGO

ලෝක කැරම් ශූර නිශාන්තට ඇමැති ඩිලාන්ගෙන් රැකියාවක්

කොළඹදී පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දුට විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ රැකියාවක් ලබාදීමට විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා තීරණය කර තිබේ. එම ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඔහුට ක‍්‍රීඩා අරමුදලින් රුපියල් ලක්‍ෂ 10 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ද දැන් තීරණය කර ඇත. නිශාන්ත, වසර දෙකක කාලයක් තිස්සේ රැකියාවක් නොමැතිව කැරම් ක‍්‍රීඩාවේ නිරතව සිටි ක‍්‍රීඩකයෙකි. ලෝක ශූරතාවලියකදී ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් ශූරතාවක් දිනා ගත් දෙවැනි අවස්ථාව ලෙස නිශාන්තගේ මෙම දස්කම ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්විය. රටවල් 18 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 120 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙවර ලෝක කැරම් තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඉදිරි සතියේ දිනයක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දිරයට කැඳවීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.නිශාන්ත සිය පුතු, දියණිය, බිරිඳ සහ මව සමගින්............



අදහස් (0)

ලෝක කැරම් ශූර නිශාන්තට ඇමැති ඩිලාන්ගෙන් රැකියාවක්

හර්ෂණ Friday, 09 November 2012 02:43 PM

හොද වැඩක්

:       0       0

අනුරාධ Friday, 09 November 2012 10:11 AM

වාසනාවන්ත පුතෙක් . අම්මා වගේමයි. වාසනාවන්ත දරු පවුලක්. ඔබට ජය වේවා (ස)

:       0       0

දමිත් Friday, 09 November 2012 10:21 AM

ඉතා හොද වැඩක්

:       0       0

ඉරේෂ් Thursday, 08 November 2012 11:44 PM

ඒවා හොද වැඩ. (නි)

:       0       0

රිෂාඩ් Friday, 09 November 2012 11:28 AM

ජය වේවා! (ස)

:       0       0

තිලක් Sunday, 11 November 2012 09:45 PM

ඔහු ලෝක ශූරයෙක්. අපි ඔහුට ගරුකළ යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 November 2012 01:13 AM

මම කිවුවනේ කලින්ම, ඇමතිතුමාට කියන්න කියලා. (නි)

:       0       0

ඇන්ටන් Friday, 09 November 2012 12:01 PM

මොනවා ලැබුණත් දේශපාලනය පැත්තටනම් යන්න එපා (ස)

:       0       0

හෂාන් Friday, 09 November 2012 03:45 AM

ක්‍රීඩාවට හොද දවසක්

:       0       0

නාරද Friday, 09 November 2012 04:18 AM

ඔබට සුබපැතුම්! ඉදිරියටත් රටේ ගෞරවය රකින්න කැරම් ක්‍රීඩාවෙන් ලොව ජයගන්න. (නි)

:       0       0

වරුණ Friday, 09 November 2012 08:04 AM

ජය වේවා! (නි)

:       0       0

චමීර Friday, 09 November 2012 08:33 AM

ඇමතිවරු කරන්න ඕන ඔන්න ඔය ව‍ගේ වැඩනේ..ක්‍රීඩාවට ජය (ස)

:       0       0

නිශාඩ් Friday, 09 November 2012 09:40 AM

අනේ වාසනාවන් !!! නිශාඩ්ගේ පවුලේ උදවියට මේක ලොකු සහනයක් වේවි. මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site