IMG-LOGO

ලෝක කැරම් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

කොළඹ ගලදාරී හෝටලයේදී දැන් පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව ශ්‍රී ලංකාව අද (2) දිනා ගත්තේය. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැති ලෝක කැරම් තරගාවලියේදී පිරිමි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිලට මෙවර අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය. 2008 වසරින් පසුව අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකා පිලට පරාජය කිරීමට නොහැකි වු ඉන්දියාව ලෝක කැරම් කිරුළ නැවතත් හිමිකර ගත්තේය. මුලික වටයේදී පෝලන්තය, කටාර් රාජ්‍යය, කැනඩාව පරදවා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පහසුවෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ. පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිශාන්ත ප‍්‍රනාන්දු සහ ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී අතර පැවැති තරගයෙන් පර්දේශී වට 3/0 ක ජයක් ලැබීය. චමිල් කුරේ සහ කේ. ශිනිවාස් අතර තරගය වට තුනක් දක්වා තියුණු තරගයක්ව පැවැතිය ද අවසානයේදී ඉන්දිය ක‍්‍රීඩකයා වට 2/1 ක ජයක් ලැබීය. මොහොමඞ් ෂෙරිෆ්ඞීන්, ප‍්‍රකාශ් ගයික්වාල් හමුවේ වට 3/0 ක පරාජය ලැබීමත් සමග ඉන්දියාවට ජය හිමිවිය. කාන්තා කණ්ඩායම් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදවා තරග 3/0 ක ජයක් ලබාගත් ඉන්දියාව නැවතත් ලෝක කැරම් කාන්තා ශූරතාව රැක ගත්තේය. රටවල් 18 ක කණ්ඩායම් සහභාගිවන තරගාවලියේ කේවළ ඉසව් හෙට (3) ආරම්භවන අතර අනිද්දා තරගාවලියේ අවසන් දිනයයි. චමිල් කුරේ, කණ්ඩායම් තරගයේදී...........



අදහස් (0)

ලෝක කැරම් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

රවීන්ද්‍ර Saturday, 03 November 2012 11:35 AM

මේක බලන්න අපේ අය ගියාද ??(ස)

:       0       0

ලලිත් Monday, 05 November 2012 01:10 AM

අධෛර්යමත් වෙන්න එපා. ලබන පාර දෙමු වැඩේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site