IMG-LOGO

ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

ජපානයේ චිබා නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මිශ‍්‍ර කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයේ තරග දෙකම පරාජය වු ශ්‍රී ලංකා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවැති තරගයෙන් එංගලන්තය තරග 4/1 ක පහසු ජයක් ලබා ගැනීමට සමත්විය. සචින් ඩයස්, මෙම තරගයේ එකම ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා විය. සචින් පිරිමි කේවළ ඉසව්වේදී එංගලන්ත ක‍්‍රීඩක ඇලෙක්ස් ලේන්, 22/20 ක් සහ 21/17 ක් ලෙස පරාජය කිරීමට සමත්විය. ජාතික බැඞ්මින්ටන් ශූරී තිළිණි ප‍්‍රමෝදිකා, කාන්තා කේවළ ඉසව්වේදී චිලොයි බර්ච් (21/14, 22/20) හමුවේ පරාජය වුවාය. එංගලන්ත ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 633 වැනි ස්ථානයේ පසුවෙයි. පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව්වලදී ද ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයයි. තරගාවලියේ පළමු දිනය වු ඊයේ (25) ප‍්‍රබල චීනය හමුවේ ශ්‍රී ලංකා පිල තරග 5/0 ක අන්ත පරාජයක් ලැබීය. රටවල් 30 කින් කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවිය.



අදහස් (0)

ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 02:07 PM

තවම පොඩි ළමයිනේ. ලොකු වෙනකොට හොදට සෙල්ලම් කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 351 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 522 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 217 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site