
(යොහාන් භාසුර)
තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්‍ෂ 10 ක් පමණ වටිනා දුම්වැටි 12,000 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොල්ලුපිටිය නාගරික පොදුවෙළඳ සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය අද (14) සමත් විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන සහ සහකාර පොලිස් අධිකාරී සාගර යන මහත්වරුන්ගේ උපදෙස් අනුව බස්නාහිර පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරිස් මහතා ඇතුළු කණ්ඩායම මෙම වැටලීම කළ බවත් කොල්ලුපිටිය නාගරික පොදු වෙළදපොළ සංකීර්ණයේ පළතුරු වෙළදාම කරමින් ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ එම පුද්ගලයන් නීති විරෝධී විදේශ දුම්වැටි වෙළදාමේ නිරත ඇති බවත් පොලිස් විහේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් මාලබේ සහ කඩවත යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 57 සහ 54 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනා සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සදහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය බාරදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 10 ක දුම්වැටි කොල්ලුපිටියෙන් අල්ලයි