(බී.ජී.චතුරංග)
රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග විශ්‍රාමික දුම්රිය නිලධාරිනියකගේ අවිවාහක පුත්‍රයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ජයන්ති මාවතේ දුම්රිය නිවාසයක පදිංචි ව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ගම්පහ ප්‍රදේශයේ සිට දිවයින පුරා මත් කුඩු බෙදා හරිනු ලබන දිවයිනේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ, අනුරාධපුර බෙදුම්කරු ලෙස සැකකරු කටයුතු කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම සැකකරුගේ මවට ගම්පහ ප්‍රදේශයේ නිවසක් ඇති බවත් ඔවුන් දෙදෙනා වරින්වර අනුරාධපුර දුම්රිය නිවසේ සහ ගම්පහ නිවසේ පදිංචිව සිටින බවද පොලිසිය කියයි.
ගැණුම්කරුවෙකු හට හෙරොයින් මත්කුඩු මාර්ගයේ අසල ස්ථානයක සැඟවීමට යෑමේදී අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 930 ක ප්‍රමාණයක් තිබී හමුවූ බව ද පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත්වූ සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම යන මහත්වරුන් ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර, පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන්(61406), පො.කො.රාජරත්න (66934) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු