පිරිසක් විසින් පැහැර ගැනුණු අවුරුදු පහක දරුවා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ගෙවා බේරා ගත් බව වවුනියාවේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කළ බව වවුනියාව පොලිසිය කියයි.
දරුවා පෙර පාසල් ගොස් පැමිණෙන අවස්ථාවක සංවිධානාත්මක කල්ලියක් දරුවා පැහැරගෙන ගිය බවත්, දරුවා නිදහස් කිරීමට නම් රුපියල් තිස් ලක්ෂයක් ඉල්ලූ බවත්, එතරම් මුදලක් නැතැයි කීවිට රුපියල් දස ලක්ෂයක් ඉල්ලා සිටි බවත්, එම මුදල් පාර්සලය වව්නියාව පූවරසන්කුලමේ කසල බැහැරකරන ස්ථානයේ දමා ගිය පසු දරුවා එවූ බවත් ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සඳහන් වෙතියි පොලිසිය පවසයි.
කප්පම ගෙවීමට පෙර පොලිසියට දැන්වූයේ නම් මුදල ගෙවීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ බවත්, සිද්ධිය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් කියිපයක් යෙදවූ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ දහයේ කප්පම ගෙවා දරුවා බේරා ගනියි
පහන් Thursday, 11 June 2015 08:22 AM
සිංහලය හරියට හරි සිංහල රටේ නැත්නම් වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමකට පැවතීමක් නැත .ලංකාව අරාබි වසන්තයක් නොවන්නේ ඒ නිසාය (ම)
කමල් Thursday, 11 June 2015 08:42 AM
පොලීසියට කොන්දක් දුන්නානම් හරි. කුඩු කාරයාට, එතනෝල් කාරයාට යටත් පොලීසියක් ව්ශෟවාස කළ හැකිද යන්න සහ පොලීසිය කප්පම්කරුවන් සමඟ සම්බන්ධ යන්න පියාට හැගෙන්න ඇති. දුෂිතයන් පොලීසියෙන් එලවා දමා විශ්වාසය තහවුරු කර ගත යුතුයි (ම)
විජයබාහු Thursday, 11 June 2015 08:59 AM
කමල් හරියටම දැනගෙන වගේ වුණ දේවල්. මෙහෙම දෙයක් වුණ වෙන්න බැරිද. දෙගොල්ලොම එකතු වෙලා ශ්‍රී ලංකා පොලිසිය අපිට වැඩක් නැ කියල ලෝකෙට පෙන්නන්න හැදුව වෙන්න බැරිද. (ම)
සඳුන් Friday, 12 June 2015 07:57 AM
ලංකාවේ වැඩිපුරම නරක ආදර්ශ දෙන්නේ සාමාන්‍ය ජනතාවද පොලිසියද? (ස)
ඇසල Thursday, 11 June 2015 10:09 AM
පොලිසිය කියන කතාව හරි.(හේ)
කුමාරි Thursday, 11 June 2015 10:51 AM
පාට පාට කන්නාඩි වලින් බලන හැමෝටම ඇත්ත තිත්තයි. (බ)
නාමල් Thursday, 11 June 2015 12:13 PM
මෝඩ කතා කියන්න එපා විජයබාහු. ඒ මිනිස්සු බයට ළමයව නිදහස් කරගන්න සල්ලි දෙන්න ඇති. ඔහේ මෝඩ විදිහට ජාතිවාදය ගාවාගන්නවා... (නි)
විජේසුන්දර Thursday, 11 June 2015 12:14 PM
කොහොමහරි කමක් නැහැ දරුවා බේරුනානේ! (නි)
විජයබාහු Thursday, 11 June 2015 12:32 PM
නාමල්ට තරහා ගියාද? ඔයා කියන්නේ කමල් කිව්වා එක හරි මං කිව්ව එක වැරදියි කියලද. ඔයාලා දෙන්නගෙයි අර පොලිසියට ගල් ගහන්න කිව්ව එක්කෙනාගෙයි තියන වෙනස මොකද්ද? (නි)
සංජීව Thursday, 11 June 2015 12:56 PM
සැකකරුවෝ අත්අඩංගුවට ගනීවි.ළමයා මියගොස් තිබේවි.අපි නොදන්නා ලංකාවේ පොලිසිය! (නි)
දුමින්ද Thursday, 11 June 2015 01:33 PM
උතුරට අපේ පොලිසියේ හැකියාව අවිශ්වාසද.? (ර)
සිංහලයා Thursday, 11 June 2015 07:24 AM
අපි ඉතුරු හමුදා අයවත් උතුරින් ඉවත්කර දෙම්මු, එතකොට උතුරේ ජනයා ට සැනසීමෙන් ඉන්න පුළුවන් ලු නේහ්.(ම)