IMG-LOGO

ලංකාව හරි පාරේ යන බව නවසීලන්තය කියයි

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇතුළුව ජාතික සංහිදියා වැඩපිළිවෙළ නවසීලන්තයේ ඇගැයීමට ලක්වන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔස්සේ සාමකාමී සංවර්ධිත රාජ්‍යයක් කරා නිවැරදි ගමන් මගකට අවතීර්ණ වී ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පැවසීය.

ඔක්තෝබර 01 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර රාජ්‍ය මන්දිරයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනමාධ්‍ය අමතා ජෝන් කී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෘෂිකර්ම, සත්ව ගොවිපොල, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක පමණක් නොව රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට නවසීලන්තය කටයුතු කරන බවය.

කලාපීය හා ජාත්‍යන්තර සංසඳවලදී ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ක්‍රියාශීලී දායකත්වය අගය කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දෙරට අතර එළැඹෙන එකඟතා සහ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම දෙපාර්ශවයේම අභිප්‍රාය බව ද පැවසීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයේ විවිධ රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළැඹිම රටක සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන බවය. එවැනි ගිවිසුම් සියයට සියයක්ම ක්‍රියාත්මක කරලීමෙන් අදාළ පාර්ශවයන් දෙකටම ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක වන මිශ්‍ර අනුපාත ක්‍රමය(විවිධ සුළු ජාතීන් පත්කිරීමේ අනුපාත ක්‍රමය) පිළිබඳව අවධානය යොමු කර ඇති නිසා, එම ක්‍රමය පිළිබඳව ශ්‍රී ලාංකේය ව්‍යවස්ථා සම්පාදකයින් දැනුවත් කරලීමේ වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද දෙරටේ අගමැතිවරු පෙන්වා දුන්හ. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහ කොමසාරිස් තත්ත්වයේ රාජ්‍ය සබඳතා ගොඩනැංවීමට කටයුතු කරන බවද ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාල පිහිටුවීමට කටයුතු කරන බවද නවසීලන්ත අගමැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී කීවේය.

පසුගිය පෙබරවාරි මාසයේ නවසීලන්ත අගමැති ජෝන් කී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ඔහුට ප්‍රදානය කළ අංජලී නම් ඇති පැටවා දැක බලාගැනීමට ද අගමැති ඇතුළු දූත පිරිස ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට ගියහ.

B37A0897 B37A1010 B37A1036 Pic-04 Pic-06



අදහස් (0)

ලංකාව හරි පාරේ යන බව නවසීලන්තය කියයි

වික්‍රම Sunday, 02 October 2016 07:06 AM

එයාලගේ කෝණයෙන් එ්ක හරි පාර වෙන්න ඇති, අපිට නම් පේන්නේ කැලේ යනවා වගේ දවසින් දවස ! (බ)

:       0       0

කමනි Sunday, 02 October 2016 07:14 AM

මිට කලිනුත් ලංකාව හරි පාරේ ගියානම් ත්‍රස්තවාදය එහෙම කෝම තියේවිද මේ වන විට? (බ)

:       0       0

සජී Monday, 03 October 2016 03:07 AM

අපි ඔයාලා කියනකල්මයි හිටියේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 175 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 498 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site