
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
තවමත් පසුගිය කාලෙය්දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පළා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී නොමැති බවත් ෆ්‍රැන්චේ මහතා පැවැසුවේය.
තම ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ පවුල් විඳින වේදනාව කාලයට සුවපත් කළ නොහැකි බවත් සත්‍ය සහ යුක්තිය ප්‍රමාද වීමෙන් එම වේදනාව තවත් වැඩිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සමූහ මිනීවළවල්වලින් ගොඩ ගැනුණු ඇටසැකිළි පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් එම පවුල්වලට සහනයක්, යුක්තියක් සහ සංහිඳියාවක් ලබා ගැනීමට මාර්ගයක් විවර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයා පැවැසුවේය. එසේම ඉන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන තුවාලය සුවපත් කරගෙන ඉදිරිය දෙස බැලීමටද අවස්ථාවක් උදාවනු ඇතැයි ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
අනුස්මරණ කටයුතුවලදී ඇතුළුව වින්දිතයින්, ඔවුන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳව සිදු කෙරෙන නිරීක්ෂණය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම් සහ පළිගැනීම් පිළිබඳවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුව තිබෙන බව ඔහු පැවැසුවේය. තම අයිතිවාසිකම් භුක්ති විඳින්නන්ට දඬුවම් නොකළ යුතු බවත් ඔවුන් ආරක්ෂා කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා (30) දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
දොං සේතං Sunday, 31 August 2025 05:02 PM
අම්මෝ මෙන්න අපේ හාමදුරුවනේ අදිරාජ්‍යවාදීන් රටේ ස්වෛරී භාවයට බලපෑම් කරනවෝ...
විපරමා Sunday, 31 August 2025 05:08 PM
මේ විස්තරේ අහපු ගමන් තුන්මුල්ලේ විමලේ කුලප්පු වෙයි. තවත් බටහිර කුමන්ත්‍රණයක් ?
සමන් - ඕමානය Sunday, 31 August 2025 07:40 PM
මේවාත් එක්කම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදාව කල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැනද සොයා බැලිය යුතුයි. රටේ අහිංසක අසරණ පිරිස් දහස් ගණනින් මරා දැමු අරන්තලාවේ භික්ෂු ඝාතනය, කැබිතිගොල්ලාවේ බෝම්බ, මායිම් ගම්මාන වල කරන ලද සිය දහස් ගණන් කපා කොටා කරන ලද අපරාධ, ඇතුළු මේ සියල්ල විභාග කල යුතුයි. නැත්නම්, මේ ජාත්‍යන්තර ආයතන ඒක පාක්ෂික නිගමන වලට බහින එක ස්ථිරයි.
Sara Monday, 01 September 2025 02:26 AM
ගාසා එකෙන් පටන් ගමු
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 11:47 AM
තුවාලය සනීප කරගන්න නොදි, ඒක පාරවමින් ඔහෙලා ආතල් ගන්නවා! අන්න ඒක නවත්වලා අපිට තුවාලය සනීප කරගන්න ඉඩ දෙන්න...