IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ලංකාව, කොරියාව යළි ගුවනින් එක් වෙයි

වසර  තිහකට පමණ  පසු  කොරියන් ජාතික ගුවන් සේවය, කොරියාවේ  සෝල් නුවර සහ  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සෘජු  ගුවන් ගමන් අද ඇරැඹීය.

මගීන් 276 දෙනෙකුට ගමන් කළ හැකි කොරියා ගුවන්සේවයට අයත් ඒ 330-300  වර්ගයේ ගුවන් යානයක් කටුනායක  ගුවන් තොටුපොළේ සිට සිය මංගල ගුවන් ගමන කොරියාවේ  සෝල් නුවර වෙත  අද සවස හයයි තිහට පිටත්ව ගියේය. ගුවන් ගමනට ගත වන කාලය පැය අටකි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,  සිවිල් ගුවන්සේවා අමැති ප්‍රියංකර ජයරත්න සහ ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය  මහත්වරු  විසින් මංගල ගුවන්ගමන පිටත්වීමට පෙර  ගුවන් නියමු කපිතාන් ලී ජිඔන් චෝල් ඇතුලූ කාර්ය මණ්ඩලය මල් දම් පළදවා පිළිගත්හ.

1970 දශකයේ  ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වුවද  ලොව පුරා ගුවන් ක්ෂේත්‍ර  වල පැවති ආර්ථික කඩා වැටීම  හේතුවෙන් එය නතර කර ඇත.

කොරියන් ගුවන් සේවය ඉරිදා  අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කොළඹ සිට සෝල් නුවර වෙතත් ,  සෙනසුරාදා  සඳුදා සහ බදාදා සෝල් නුවර සිට කොළඹ වෙතත් සිය ගුවන් ගමන්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙයි.
 
නැවත  ආරම්භ වූ   නව ගුවන් සේවාව මගින් ශ්‍රී ලංකාවත් කොරියාවත්  අතර සම්බන්ධතාවය වර්ධනය  කිරීමට බලාපොරොත්තු වන බවත්,  එය ශ්‍රී ලංකාවේ  සංචාරක කර්මාන්තයට   රුකුලක් වනු ඇති බවත් කොරියානු ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත මෙන්ඩිස් මහතා කියයි. 

 



අදහස් (0)

ලංකාව, කොරියාව යළි ගුවනින් එක් වෙයි

දුසන්ත යග්ගහවිට Tuesday, 12 March 2013 03:08 AM

කොරියන් ඡාතිකයන් කිසිම වැඩක් අත් මේස් නැකිව කරන්නෙ නැහැ. (නි)

:       0       0

දුමිදු Monday, 11 March 2013 03:46 PM

සන්තෝසයි (දී)

:       0       0

ඩේමියන් Tuesday, 12 March 2013 07:29 AM

අපේ කොල්ලෝ දුක්වින්ද කාලය අවසානයි වගේ. (නි)

:       0       0

ෂෙහාර් Monday, 11 March 2013 04:37 PM

එහෙනම් අපිට වෙලාව ගොඩක් ඉතුරුයි. (නි)

:       0       0

අමරේ Monday, 11 March 2013 11:03 AM

අපේ රට වේගයෙන් දියුණු වෙනවා. සතුටුයි ගොඩක්. ඊට සාපේක්ෂව ජනතාවගේ ජීවන මට්ටම නම් ටිකක් පහත්.ජනතාවගේ අතේ ගැවසෙන මුදල් වැඩි කළ යුතුයි. එතකොට තමයි ආර්ථිකය සමබර වෙන්නේ (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 11:04 AM

ජය වේවා! (නි)

:       0       0

පියරත්න Monday, 11 March 2013 11:08 AM

රට රටවල සමගිය තියෙන්න ඕනේ (දී)

:       0       0

හේමසර හිමි Monday, 11 March 2013 05:24 PM

සියල්ලන්ටම සුභ ගමන්! (නි)

:       0       0

රංග Monday, 11 March 2013 11:22 AM

ඒක සතුටු දායක පුවතක් (දී)

:       0       0

ගීත් Monday, 11 March 2013 05:48 PM

සුපිරි වැඩ කියන්නේ ඕවට තමයි. නියමයි. (නි)

:       0       0

ජයතිලක Monday, 11 March 2013 05:56 PM

හොද විශිෂ්ට වැඩක්. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 11 March 2013 12:07 PM

හොද වැඩක්. සුබ පැතුම්...!! මේ වගේ ඉතාලියේ මිලානෝ නගරයටත් සතියකට එකවරක් හෝ ශ්‍රී ලංකන් ගූවන් සේවයක් ලබා දෙන්න. (නි)

:       0       0

අනුරුද්ධ Monday, 11 March 2013 06:36 PM

හොද වැඩක්. නියමයි. (නි)

:       0       0

ඉරේෂා Monday, 11 March 2013 12:39 PM

ගොඩාක් හොදයි (දී)

:       0       0

කල්ප Monday, 11 March 2013 06:50 PM

නියමයි, නියමයි (දී)

:       0       0

අනුර Monday, 11 March 2013 12:24 AM

අවංකවම හොද වැඩක්. (නි)

:       0       0

රෝහණ Monday, 11 March 2013 07:17 PM

සතුටු දායක වැඩක් (දී)

:       0       0

ලද්දු නිශාන් Monday, 11 March 2013 07:39 PM

වැඩේ නම් හොඳයි.මේ වගේ යුරෝපයේ රටවල් වලටත් ගුවන් ගමන් දැම්මා නම් සංචාරක ක්ෂේත්‍රය නංවන්න පුලුවන්. (නි)

:       0       0

ලංකා Monday, 11 March 2013 08:09 PM

ඇයි ඇමරිකා මහාද්වීපයට යවන්න බැරි අපේ ගුවන්යානා?? (නි)

:       0       0

ඔසඳ Monday, 11 March 2013 01:00 PM

www.manussayo.com වෙතින් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සුමුදු Monday, 11 March 2013 08:35 PM

ගොඩාක් හොඳ වැඩක්. නැත්නම් කොරියාවේ ඉන්න අපි ලංකාවට එන්න ජපන් හෝ වෙනින් රටක් හරහා එන්න ඕනෑ. දැන්නම් කෙලින්ම ලංකාවට එන්න පුළුවන්. ශ්‍රී ලංකන් ගුවන් යානයක් දැම්මනම් තවත් හොඳයි කියලා හිතනවා. (නි)

:       0       0

සිල්වා Monday, 11 March 2013 03:26 AM

සුභ පැතුම්! (නි)

:       0       0

හිරාන් Monday, 11 March 2013 01:52 PM

මෙන්න නියම රටවල්.මේ රටවල් තමයි ලංකාවේ හොදම මිතුරෝ. අපට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 11 March 2013 05:14 AM

ඇයි අත් වැසුම් දාගෙන විවෘත කරන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පෙරේරා Monday, 11 March 2013 06:30 AM

ජපානයටත් ආරාධනා ‍කළොත් හොදයි. (නි)

:       0       0

කුසුම් Tuesday, 12 March 2013 11:42 AM

ඉතාමත්ම සතුටුයි. දැන් මගේ පුතාට ලංකාවට එද්දී කෙළින්ම එන්න පුලුවන්. (නි)

:       0       0

දුමිත් Monday, 11 March 2013 07:23 AM

නියම වැඩක්. (නි)

:       0       0

හේරත් Monday, 11 March 2013 02:16 PM

ඇයි ඉතින් මෙල්බෝර්න් ඉදලම නොදාන්නේ? (නි)

:       0       0

දිල්හානි Tuesday, 12 March 2013 12:05 PM

ඊශ්‍රායලයටත් කෙළින්ම ගුවන් සේවයක් තිබුණා නම් අපිට මග රස්තියාදු නොවෙන්න තිබුණා. (නි)

:       0       0

තුෂාර Monday, 11 March 2013 07:34 AM

ඒක නම් හොද වැඩක්. සුබ පැතුම්! (නි)

:       0       0

දිලිප් Monday, 11 March 2013 08:05 AM

ඉතින් ඇයි ඇමතිතුමන්ලා ඒකට ගියේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුරේෂ් Monday, 11 March 2013 08:10 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

වරුණ Monday, 11 March 2013 08:13 AM

ඇයි දන්නෙ නැහැ මත්තලටම නාවේ? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 11 March 2013 08:18 AM

චන්ගුමීත් එයි කො‍යි වෙලේ හරි. (නි)

:       0       0

ද සිල්වා Monday, 11 March 2013 10:11 PM

මේකෙන් ශ්‍රී ලංකන් එකට පාඩු වෙයිද? (නි)

:       0       0

අංජන Monday, 11 March 2013 08:25 AM

හොද වැඩක් මේක නම්. එතකොට කටුනායක? (නි)

:       0       0

දනුක Wednesday, 13 March 2013 01:09 PM

සන්තෝසයි ...සන්තෝසයි ...සන්තෝසයි ... (දී)

:       0       0

සරත් Monday, 11 March 2013 08:24 AM

හොදම හොදයි. (නි)

:       0       0

වරුණ Monday, 11 March 2013 08:36 AM

මේ වගේම ලංකාවේ ගුවන් සේවයකුත් කොරියාවට යායුතුයි. (නි)

:       0       0

සමන් Monday, 11 March 2013 08:41 AM

නියමයි. අපිට අතරමග රස්තායාදු නොවී කෙළින්ම ගෙදර එන්න පුලුවන්. (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 02:54 PM

ප්‍රසාද්ගේ අදහස ගැනත් සළකළා බලමු (නි)

:       0       0

හිල්ම් Monday, 11 March 2013 11:22 PM

ගුවනින් හරි කමක් නැහැ එකතු වෙනවානම් (දී)

:       0       0

හිරාන් Monday, 11 March 2013 09:23 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 11 March 2013 09:25 AM

ඇමරිකාවේ ඉදලත් ලංකාවට කෙලින්ම ගුවන් සේවයක් දාන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 653 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site