IMG-LOGO

ලෝකයේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ගැන බිරිඳ කියන කතා...

ICC හෙවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය නොහොත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මහගෙදර මෙහෙය වූ (2010 - 2011 සඳහා) සම්මාන ප‍්‍රදානයේදී ලොව හොඳම එක්දින ක‍්‍රීඩකයාට සහ ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම ලැබුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර හටය. ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මාන උළෙලකදී අපේ ශ්‍රී ලංකාවට ලැබුණු මේ අභිමානය සැබැවින්ම ඉහළින්ම අගය කළ යුතුමය. අසල්වැසි ඉන්දියාව වැනි කෝටි සියයකට එහා ගිය ජනතාවක් වෙසෙන රටක මහේන්ද්‍ර සිං දෝනි පවා අභිබවා ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයා කිරුළ අපේ සංගාටම හිමිවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් වංශකතාවටද අමරණීය මොහොතකි. ඒ අභිමානය, ඒ ප්‍රෞඪත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් ‘සංගා’ මෙලෙස ඔටුණු පැළදීම නිසා අද ඒ සතුට මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ටම දැනෙන බව සැබෑය. නමුත් එහි අරුත හෙවත් සංගාගේ මේ විශිෂ්ටත්වය ගැන අපට වඩා ඉමහත් අභිමානයෙන් යුතුව කතා කළහැකි ප‍්‍රධාන චරිතය වන්නේ ඔහුගේ සදාදරණීය බිරිඳ යෙහාලි යැයි අපි හඟිමු. එනිසාවෙන්ම අද සඳැල්ලට අපි ඇය කැඳවීමු. ‘සංගා’ ලෝකයේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා, ඒ වගේම ලෝකයේ දක්‍ෂතම එක්දින කී‍්‍රඩකයා. මේ සම්මාන ඔහුට ලැබීම ඔබට දැනෙන විදිය? මෙවැනි අවස්ථාවකදී  ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ ලොකු සතුටක්. මට දැනෙන සතුටද අපමණයි. දක්‍ෂතම කී‍්‍රඩකයාට අමතරව ජනපි‍්‍රයම කී‍්‍රඩකයා සම්මානය ලබන්න කුමාර්ට ඡුන්ද ලැබෙන්න ඇත්තෙ අපේ රටේ ආදරණීය ජනතාවගෙන් විතරක් නෙවෙයි. ලෝකය පුරා සිටින කි‍්‍රකට් වලට ආදරය කරන බොහෝ විදේශිකයින් පවා ඡුන්දය දීම විශේෂිත දෙයක් ලෙසයි මා දකින්නේ. මේ ජනපි‍්‍රයම සම්මානය ඔහුට ලැබුණේ කි‍්‍රකට් නිසාම නොවෙයි. එයින් පිටත බොහෝ දේ නිසා මේ සම්මානය ඔහුට ලැබුණු බව මට විශ්වාසයි. ඒ මොන වගේ දේ නිසා කියාද ඔබ හිතන්නෙ? ඇත්තටම කුමාර් නිතරම හරි දේ කරන්න ගොඩාක් උත්සාහ ගන්න කෙනෙක්.  බොහෝ විට කී‍්‍රඩාවේ ජීව ගුණය රකින්න කැමති කෙනෙක්. ආසාධාරණයට අකමැතිම චරිතයක්. ඒ සියල්ල ගැන බාහිර ලෝකයට ස්පර්ශ වෙන්න ඇති. ඒ නිසා ඒ සියල්ල සමග කුමාර්ගෙ දක්‍ෂතා ආදියත් සංකලනය වෙලා ඔහුට මේ ජනපි‍්‍රය කී‍්‍රඩකයා සම්මානය ලැබෙන්න ඇති. මේ නිසා මේ මොහොතේ අපේ ආදරණීය කී‍්‍රඩාලෝලීන්ට මම මගේ ගෞරවනීය ස්තූතිය පුදන්න කැමතියි. මොකද අද සමාජයේ කෙලින් කතා කරන කෙනාට යම්කිසි තැනක රැුඳී සිටින්න අමාරුයි. ඒ නිසා ජනතාවගෙන් ලැබුණු සම්මානය වගේම දක්‍ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය අපට සතුටටම හේතුවක්. ඒ වගේම පළමු වතාවට තමයි මෙවැනි ඉහළම සම්මාන දෙකක් එකම කී‍්‍රඩකයකුට ලැබුණේ. දක්‍ෂතම කී‍්‍රඩකයාට ලැබුණු සම්මානය ගැන පුදුම විය යුතු නොවන්නේ ඔහු එතරම්ම කි‍්‍රකට් කී‍්‍රඩාවට කැපවූ කෙනෙක් නිසයි. එයා එයාගේ දක්‍ෂතා ගොඩනගා ගත්තේ කැපවීම නිසාමයි. කි‍්‍රකට් හෝ  ඕනෑම කී‍්‍රඩාවකදී උඩට ඒම ලෙහෙසියි. ඒත් රැඳී සිටින්න අසීරුයි. එයා ඒ සියල්ල ගැන වටහාගෙන කී‍්‍රඩා කරන කෙනෙක්. ඉන්දියාව වගේ අති විශාල ජනකායක් සිටින රටක මහේන්ද්‍ර සිං දෝනි පවා අභිබවා මේ ජනපි‍්‍රය සම්මානය සංගා හටම ලැබීමට වූ විශේෂ දේ හැටියට ඔබ දකින්නේ? කුමාර්ගේ කි‍්‍රකට් පිටියේදී දක්නට ලැබෙන කී‍්‍රඩාශීලීත්වයට එහා ගිය එයාගේ පුද්ගලික ජීවිතය දිහාත් කී‍්‍රඩාලෝලීන් දකින්න ඇති. මිනිස්සු ඒ දිහා බලාගෙන ඉන්නෙ. ඒ සියල්ලට සාපේක්‍ෂව කුමාර් ගත කරන ජීවිතය හරිම සමබරයි. ලෝකයේ තවත් බොහෝදෙනා මොන දේ කීවත්, එයා තිතරම හරි දේ කරන කෙනෙක්. එයා නිතරම කියන්නෙ අපි හරි දේ කරමු කියලයි. එය ජනතාවට දැනෙන්න ඇති. ඔබ සහ සංගා අතර මේ බැඳීම තියෙන්නේ පාසල් සමයේ සිටයි. එතරම් දීර්ඝ කාලයක් ඔහු හා බැඳී සිටින ඔබට ඔහු ගැන වර්ණනා කරන්න තවත් විශේෂිත දේවල් තිබෙන්න පුළුවන් නේද? මම හිතන්නෙ මම හරි වාසනාවන්ත කෙනෙක්. එවැනි සැමියකු ලැබීම සැබැවින්ම වාසනාවක්. ඔහුට ජීවිතයේ සියල්ල සමබරව ගෙනයන්න පුළුවන්. එය එදා ඉඳලම මම දුටු දෙයක්. අම්මට තාත්තට එයාගේ අක්කලා අයියලාට විතරක් නෙවෙයි, අපේ දෙමාපියන්ටත් පවුලේ අයටත් තියෙන ගෞරවය ඉහළයි. එදා පාසල් කාලයේ සිටි යාළුවො කවුරුත් එදා වගේම එයා එක්ක සිටිනවා. පරණ යාළුවො කවුරුවත් අමතක කරලා නැහැ. මේ සම්මාන ලැබෙන බවට මුලින්ම ආරංචිය දැනගත්තේ කොහොමද? සම්මාන දෙකටම යෝජනා වී තිබුණට මේ දෙකම ලැබේවි කියලා හිතුවෙ නැහැ. ඒ වගේම අපි ඒ සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන හිටියෙත් නැහැ. මොකද කි‍්‍රකට් කී‍්‍රඩාවේ දැවැන්ත නාමයන් ඇති චරිත මේ සඳහා නිර්දේශ වී තිබුණ නිසා. කොහොම වුණත් එදා නුවර තරගය ඉවර වී කොළඹ එන අතරවාරයේදී කුමාර්ගේ අම්මා තමයි පණිවුඩය දුන්නෙ. ඒ වෙලාවෙ ඔහු ඔබ සමග මොනවද කතා කළේ? එයා පුදුමත් වුණා. දෝනිව අභිබවා මේ සම්මානය ලැබීම වගේම දක්‍ෂතම එක්දින ක‍්‍රීඩකයා වීම එයා අපේක්‍ෂා නොකළ දෙයක්. ඒ හැරත් එයා සම්මාන ලබන්න හිතාගෙන කී‍්‍රඩාකරන කෙනෙක් නෙවෙයි. මෙතෙක් ලැබූ සම්මාන ඉහළයි. ඒත් ඒවායෙ එකතුවක් වත් කුමාර් ළඟ නැහැ. ඒ සම්මාන බොහෝ විට තියෙන්නේ එයාගෙ මිතුරන් සහ හිතවත් අය ළඟයි. සමහර ඒවා එයාට උදව් කරන අයට දෙනවා. කොහොම වුණත් මේ විශේෂිත මොහොතේ සම්මාන ලබන්න එයා එංගලන්තටය ගියේ නැහැ. ඇයි ඒ? ඇත්තටම එයාට අනෙක් ටෙස්ට් තරගයට දායක නොවී  ඕනෑනම් යන්න තිබුණා. නමුත් මේ මොහොතේ කෙසේ හෝ රට දිනවීම එයාගෙ ප‍්‍රධාන පරමාර්ථය වුණා. කොහොමටත් කුමාර් කී‍්‍රඩා කරන්නෙ තමාට වඩා රට පෙරට තබාගෙනයි. මේ සියල්ල මෙසේ සිදුවුවද, ලෝක කුසලාන පරාජයේදී බෙහෝදෙනා බොහෝ දේ කිව්වා. එවිට ඔබට ඒ ගැන ඇතිවුණේ මොන වගේ සිතිවිල්ලක්ද? කුමාර් එයාගෙ කි‍්‍රකට් ජීවිතේ ඉහළම කැප කිරීම් දක්‍ෂතාවය ලෝක කුසලානය වෙනුවෙන් කළා. නමුත් එදා දවස ශ්‍රී ලංකාවට වාසනාවන්ත වුණේ නැහැ. අපි ලංකාවට ගොඩ බැස්සේ පුදුමාකාර දුකකින්. ඒත් කී‍්‍රඩාවත් හරියට ජීවිතය වගේ තමයි. ජය පරාජය දෙකම උරුමයි. එය සිහිතබාගෙන ඉදිරියට යා යුතුයි. කොහොම වුණත් අවසන් මහා තරගය දක්වා කණ්ඩායම රැගෙන යාම ගැන මට දැනුණේ ලොකු සතුටක්. ඔහු කොහොමද පරාජය දරා ගත්තෙ? එදා ඉඳලම මම එයාගෙ දකින ඉහළම ගුණාංගය වන්නේ මනස නිරවුල් වගේම හිත හයිය තමයි. පරාජය වුණත්, එයින් ලබාගත හැකි දේ අරගෙන ඊළඟ ජයග‍්‍රහණයට යන්න එය රුකුලක් කරගන්නවා. එහෙම නැතිව එයා පරාජය මතම රැුඳිලා ඉන්නෙ නැහැ. ඒ හයිය එයාට එන්න ඇත්තේ කොහොමද? දෙමාපියන් සහ එයාගෙ පවුලේ පිළිවෙත නිසා වෙන්න ඇති. විශේෂයෙන්ම එයාගෙ තාත්තා නිසා තමයි කි‍්‍රකට් කී‍්‍රඩාවේ බොහෝ දුර ගමනක් එයා ගියේ. එයා පවුලේ අය එක්ක හරි එකමුතුයි. එයාට එයාගේ ඇතුළාන්තයෙන්ම ආව ලොකු ශක්තියක් තියෙනවා. එය කුඩා කළ සිටම ලැබුණු අත්තිවාරම ශක්තිමත් නිසා වෙන්න ඇති. එදා පාසල් කාලයේදී ‘සංගා’ කථික හා වාද විවාද වගේම පාසල් වේදිකාවේ රඟපෑව නිසා ගැහැනු ළමුන් අතර ගොඩාක් ජනපි‍්‍රය චරිතයක් වුණා. ඒ කාලයේ ඒ ගැහැනු ළමුන් අතර ඔබ එක් අයෙක් කිව්වොත්? ඇත්තටම ඔහු මම හඳුනාගත්තේ කි‍්‍රකට් වලට එන්නත් පෙර ඉඳලමයි. එදා මාත් එක් නාට්‍යයක් නරඹලා තියෙනවා. ඉංගී‍්‍රසි නාට්‍යවල වගේම සිංහල නාට්‍යවලත් රඟපෑවා. ‘හුණුවටයේ කතාව’ නාට්‍යයේ මම අසඩක් ලෙස රඟපෑවා. ඒ සියල්ල සුන්දර මතකයන්. මේ ජනපි‍්‍රයත්වය සමග සංගාට බොලිවුඩයේ හෝ හොලිවුඩයේ චිත‍්‍රපටයකට ආරාධනා ලැබුණොත්? මම හිතන්නෙ මේ සම්මාන හෝ මේ සියල්ල ඔහුගේ ආධ්‍යාත්මය නෙවෙයි. එයා හරිම සරලයි. ඒ නිසා එයාගෙ ජීවිතයත් හරිම සරලයි. ඒත් එයාගෙ ඇතුළාන්තයෙහි ගැඹුරු දර්ශනයක් ඇති.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ
 



අදහස් (0)

ලෝකයේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ගැන බිරිඳ කියන කතා...

hareendra Thursday, 29 September 2011 11:00 AM

සංගා ඔබට ජය

:       0       0

මනෝරි ටානියා Monday, 03 October 2011 12:26 PM

සැබවින්ම සෙනෙහෙබර පවුලක්. පුංචි පැටව් නිවුන්නුද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site