IMG-LOGO

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා


ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින් ලංකා ගුරු සේවා සංගමයට සහ එරෙහිව  යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින්  කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කරනු ලැබිය.

මෙම පැමිණිල්ල බාර දීමට මොරටුව කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ ලේකම් තරිඳු රොද්‍රිගූ ජාතික සංවිධායක ආර්.එම්.කුමාර, සහ නිතිඥ මධුරංග විජයරත්න යන මහත්වරු එක්ව සිටියහ.

මෙම නීති විරෝධී උද්ඝෝෂණය සංවිධානය කළ වෘත්තීය සමිති නායකයන් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය අවදානම සහිත උද්ඝෝෂණය පාලනය කිරීමට ක්‍රියා නොකළ  සෞඛ්‍ය අවදානම පිළිබඳව සොයා නොබැලූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ලේන් ඉල්ලා ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුන්ගේ නායකත්වයෙන් වෘත්තිය සමිති ගණනාවකගේ මූලිකත්වය යොදාගනිමින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සිදු කිරීමේදී ඔවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාදාමය නිසා තමා ඇතුලු දෛනික රාජකාරිවලට කොළඹට පැමිණ සිටි සියලු සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ගිය සේවකයන් නීති විරෝධී උද්ඝෝෂණ මගින් දැඩි ලෙසම අවදානමකට ලක් වූ බව ඒ මහතා පැමිණ සිදු කරමින් කියා සිටියහ

මෙම නීති විරෝධී උද්ඝෝෂණය මගින් ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 262 වදන්ති ප්‍රකාරව රෝගයක් පැතිරෙන ආකාරයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය අනුව ජන ජීවිතයට අන්තරාදායක ලෙස කටයුතු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම සංවිධානය පැමිණිල්ල සිදුකරමින් වැඩිදුරටත් කියා ඇත.

 



අදහස් (12)

ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්

මැක්ස් Saturday, 24 July 2021 10:18 PM

ඉතාම කාලීන පියවරක්. ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහගේ ගුරු ත්‍රස්තවාදයෙන් රටත්, සිසු පරපුරත් මුදාගත යුතුයි.

:       0       0

Tharindu Perera Saturday, 24 July 2021 11:17 PM

ඇවන්ට්ගාඩ්, අනිත් කණත් පලාගන්න තමයි හදන්නේ...!

:       0       0

කිරි පුතා Saturday, 24 July 2021 11:53 PM

මේ කටුක අවධියක සල්ලිම ඉල්ල ඉල්ලා රටම අපහසුතාවයට පත්කරන N.G.O. නඩයට නම් දඬුවම් හිමිවිය යුතුයි.

:       0       0

gunarathna Sunday, 25 July 2021 06:31 AM

ඉතාම හොඳ වැඩක්... නමුත් මේකට නාමල් කරුණාරත්න මෙහෙයවන ගොවි උද්ඝෝෂණත් ඇතුළත් කරන්න ඕනේ. උද්ඝෝෂණ, උපවාස මේවා කරන්න ඕනේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්... නමුත් මේ ඒකට වෙලාව නෙමෙයි. මේකේ හොඳ නරක කියා දෙන්න බැහැ. මොකද අපිට උගන්නපු ගුරුවරුත් මෙතන ඉන්නවා. අපි කොහොමද වැඩේ වැරැදි වුණත් උපදෙස් දෙන්නේ?

:       21       0

chithrananda Sunday, 25 July 2021 07:23 AM

ගුරු සංගම් විතරක්ද? දැන් ඔය නීතිය කඩ කරන්නේ. කඩේ යන්න එපා මහත්තයෝ... ආණ්ඩුවේ මැති ඇමතිවරු කිරිබත් කාලා ජය සමරන ඒවා පේන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්...

:       0       44

Demuni Uduwara Sunday, 25 July 2021 07:33 AM

විහිළු කරන්න එපා..

:       2       35

sachith Sunday, 25 July 2021 09:16 AM

කොච්චර උගත්, බුද්ධිමත් සංවිධානයක්ද කියලා පේනවා පිටිපස්සේ ඉන්න කෙනා දැක්කම... මුහුණු ආවරණයකින් අමතර ආරක්ෂාවක් මිසක් මුඛ ආවරණයකින් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.

:       1       37

pradeepa Sunday, 25 July 2021 09:42 AM

ඒ එක්කම ආණ්ඩුවත් විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් නරකද? මෙයාලට මෙච්චරකල් ගිහිල්ලත් ඇයි වැටුප් වැඩි නොකළේ කියලා... එහෙම වුණොත් තමයි ඔබලා දාගෙන තියෙන නමට අරුතක් ලැබෙන්නේ...

:       3       52

Vithana Sunday, 25 July 2021 10:05 AM

ටයි කෝට් ඇන්දාම ඉබේම සභාපතිතුමෙක් වෙනවා කියලා හිතන්න ඇති... පාරේ කිරිබත් උයාගෙන කනකොට මෙයා කොහේද දන්නේ නෑ හිටියේ...? ගුරුවරුන්ට අමාරුවක් නෑ... නිකන් ස්ට්‍රයික් කරන්න ජීවිත අවදානමකුත් අරගෙන... අද බඩුමිල දරාගන්න කාටද පුළුවන්? හෙට අනිද්දාට කිරිපිටි වල මිලත් ඉහළ යයි. අනෙකුත් සේවකයිනුත් පාරට බහින දිනය වැඩි ඈතක නෑ මෙහෙම ගියොත්...!

:       1       43

මුණසිංහ Sunday, 25 July 2021 10:21 AM

ගුරු-විදුහල්පති ඉල්ලීම් සාධාරණ වේ. ඒ පිළිබඳ විවාදයක් නැත. නමුත් මේ විරෝධතා රැල්ල සමග ස්ථිරවම ගුරුවරුන් විශාල ප්‍රමාණයක් කොවිඩ්වලට ගොදුරු වෙනවා. ඒ බව ඔවුන් අවධාරණය කරගත යුතුයි. ඔවුන්ට වැක්සින් දුන්නත් එමගින් රෝගය බෝවීම වැළකෙන්නේ නැති බව අවධාරණය කරගත යුතු වෙනවා.

:       1       11

පප්ප Sunday, 25 July 2021 01:05 PM

අනේ මිනිසුන්ට තියෙන ආදරේ, කීයක් ඔහේලාට ලැබුණාද ඔය වැඩේට.., මිනිස්සු ඕවාට දෙපැත්තෙන්ම හිනාවෙනවා කොල්ලෝ...

:       5       75

Cisco Sunday, 25 July 2021 02:06 PM

මේ ඉල්ලීම් සාධාරණ වෙන්න ඇති. නමුත් මේ සංගම් නායකයින් පසුගිය කාලේ නිශ්ශබ්දව ඉඳලා හිටපු ගමන් රැල්ලක් හදන්නේ ඇයිද කියලා විශේෂයෙන් සොයා බැලිය යුතුව ඇත. මට නම් හැඟෙන්නේ මේ සංගම් නායකයින් කඩේ යන පක්ෂයක උසිගැන්වීමට මෙම සටන යොදාගෙන ඇති බවකි...

:       41       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 581 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 296 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 596 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site