(රංජිත් රාජපක්ෂ )
වතුකරයේ ජනතාව රා බෝතලයට වහල් වි ජන්දය ලබාදෙන ජාතියක් නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත්, එම ජනතාව අපකිර්තියට පත් කරමින් මෙවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් වලකින ලෙසයි.
මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් රැගෙන එක් ජන කොට්ඨාශයක් අපහසුතාවයට පත් වන ආකාරයේ එවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සංවිධානය ඉස්මතු කර පෙන්විමටය.
වතුකරයේ කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි පහත් ක්‍රියාවන් සිදු නොකරන බවත්, වතුකරයේ ජනතාව අධ්‍යාපන මට්ටමෙන් සහ සංස්කෘතික මට්ටමෙන් ඉහල තත්ත්වයක සිටින නිසා එම ජනතාව මෙවර ජනාධිපති මැතිවරණයේදි ජන්දය භාවිතා කල යුත්තේ කුමන අපෙක්ෂකයාටද යන්න බුද්ධිමත් ලෙස සිතා තිරණය ගන්නා බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
රා බෝතලයට වහල් වි ජන්දය භාවිතා කරන ජනතාව මෙරට තුල නොමැති බවත්, කොරොනා ව්‍යසන සමයේදි වතුකරයේ ජනතාව තේ වතු වල වැඩ කරමින් උපයා ගත් වැටුපෙන් ජිවත් වු ජනතාවක් බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ රා බෝතලයට ඡන්දේ දෙන්නේ නෑ‘
Prabha Friday, 23 August 2024 02:07 PM
ඒ මිනිස්සු බුද්ධිමත් වුණු දවසට මේ ඔක්කෝම ගෙවල්වල...
Kazi Shajahan Friday, 23 August 2024 04:12 PM
ඔය වතුකරයේ මිනිස්සු හැමදාම රැවටෙනවා. මේ සැරේත් ශුවර්, ඡන්දය ළංකරලා පාන්පිටි කිලෝ10, භූමිතෙල් ටිකක් නිකන් දුන්නු ගමන් රනිල්ට ඡන්දෙ දෙනවා. මොකද ඒ මිනිස්සු එච්චරට අසරණයි.