IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්

(යොහාන් භාසුර)

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ.

“ගිහි කථා, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අවස්ථාව දිය යුතුය” ලෙස එහි සඳහන් වේ.

මෙම අන්තිම කැමති පත්‍රය 2020 වසරේ ජනවාරි මස 6 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය මගින් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් මහතා වෙත යොමුකර තිබේ.

ඒ මහතා දේහය රැගත් රථ කොළඹ නිවසින් අද (29) පස්වරු 2.00 ට පිටත් වූ අතර දේහය පස්වරුවේ රුහුණු විහ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)  

 



අදහස් (2)

රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්

Bamunuarachchi Thursday, 29 February 2024 11:51 PM

අවමංගල කතාව මංගල ස්වර්ගයේදී පිළිගැනීමේ මංගල කතාවක්‌ හැටියට කරාවි...

:       0       1

සනත් ගමගේ Friday, 01 March 2024 11:23 AM

ගී කියන කන්දේ සිට රොනී හදපු අයවැය කාටත් හොඳටම මතකය ඔබට සුබ ගමන්.......

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site