
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16) තවත් ඉහළ ගොස් තිබේ.
COMMENTS
රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්යම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.
රනිල්ගේ පුම්බපු රුපියල් බැලුනය පුපුරන්නයි යන්නේ.
රටේ ආර්ථිකය හදන්නේ නැතුව පඩ ෂෝ දාලා වැඩක් නැහැ .ඇත්ත එලිවෙනවා
පුහු මාන්නෙන්, උද්දච්ජ කමින් ලොකුවට පිම්බිලා හිටපු සිංහල ජාතිය, ලෝක හිඟන්නෝ උනා වගේ බොරුවෙන්, තක්කඩිකමින් පුම්බපු රුපියල මස්තබාල්දු උනා...ඩොලර් උපයන මිනිස්සුන්ව හිඟන්නෝ කරලා, පුස්සෝ පිම්බෙන්න ගියාම ඔහොම වෙනවා...
දැන් රුපියල් පහක් ඔන ටොපියක් ගන්න.
ගිය සතියේ හිටපු නායකයෙක් සතුටින් කිව්වෙ රුපියල් ෂක්තිමත් වෙනව, කියලා........පව් වැඩේ...කටවහ වැදුන වත් ද මන්ද......
රට්ටුත් බාල්දුවෙලා, රටත් බාල්දුවෙලා තියෙද් දී රුපියල විතරක් බාල්දුවෙලා නොතියේ ද?
සමහරවිට කෝකිල පහල යන්නේ imf යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ. එවිට පිටරටින් බඩු ගේන්න පුළුවන්. එවිට ඩොලර් වලට තියෙන ඉල්ලුම ආයෙමත් වැඩි වෙනවා. ඊළඟට විදේශ ණය සම්බන්ධ ගෙවීම් කරන්න පටන් ගත්තොත් ඒවටත් ඩොලර් ඕන. එවිට ඩොලර් ඉල්ලුම තවත් වැඩි වෙයි එවිට ඩොලරය 450 ට යයිද? අපනයනය වැඩි කවදත් ඒ නැත්තං හොම්බෙන් තමයි යන්නේ.
ඩොලරය රුපියල් 400 වෙන්න මාස තුන හතරක් යන එකක් නැහැ.
ඊයෙ පෙරේදා දාපු ඩොලර් රුපියල් ෂෝ එක තේරුම් ගන්න මොළ කළදක් නැතුව මහ බැංකුව අඩුගානට ඩොලර් වලින් පුරවපු මෝඩයන්ට මගේ හදපිරි මෙව්වා එක පිරිනමමි…
අල්ලගෙන ඉන්දල අත හරියම තමා සතුට වැඩි..
සමන්ත විද්‍යාරත්න කියන විදිහට නම් රුපියලත් රනිල්ගේ කලිසම වගෙයිලු, උස්සන් උස්න්න ඒක පහලට වැටෙනවලු !
ජනමතයක් නැතිව බලය අතට ගත්තම බල තන්හාවට මොන උප්පරවැට්ටි දැම්මත් ඒවා අතේ පත්තුවෙනවා
රුපියල ඉහල ගියේ කෘතිමව. රජයට ඒක පෙන්වන්න ලොකු උවමනාවක් තිබුනත් බලධාරීන්ගේ මැදිහත්වීම මත නැවත රුපියල අවප්රමානය වන්නේ රටට ලැබෙන විදේශීය ප්‍රේෂන දිරිමත් කිරීමටයි.රුපියල ප්රතිප්රමානය වීමට රටේ අපනයන වැඩිකලයුතු අතර කෘතිම ක්‍රමවලින් රුපියල ප්රතිප්රමානයවීම අහිතකර බව බලධාරීන්ගේ මතයයි.
අපේ රට පසුගිය අවුරුදු 72 ක් තිස්සේ ණයට ඉල්ල ඉල්ලා දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන් ,සහ රට වැසියන් නිසා බාල්දු වෙන එකයි රුපියල බාල්දු උනහම මොකෝ
උස්ස උස්ස පහතට යන කලිසම සහ රුපියල
රට ඉන්න මිනිස්සුන්ට වාහන ගෙන්නන්න දීල ඒ් වාහන රෙගුවෙන් මුදා හරින්න ඔන්න මෙන්න කියල රුපියල ඉහල දමා කෘතිමව. රට ඉන්න මිනිස්සුන්ට රුපියල් වලින් ගෙවිය යුතු බද්ධ ගෙවන්න වැඩිපුර ඩොලර් එවන්න ඔන. ඒ ඩොලර් ටික ඇදගත්තට පස්සෙ ආයෙත් රුපියල බහින්න ඇරිය.