(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපයකට යොමු කරනු ලැබ සිටිති.
එම රෝගීන් මෙසේ යොමු කර ඇත්තේ කුලියාපිටිය, නිකවැරටිය, දඹදෙණිය සහ ගල්ගමුව රෝහල්වල ඇති රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකවලටය.
සතියක කාලයක සිට රෝගීන් පස් දෙනකු මරණයට පත්වීම සැලකිල්ලට ගනිමින් රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීහු පසුගියදා පියවර ගත්හ.
මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පත් කරනු ලැබ ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනෙකුත් රෝගීන් පිරිසේ ආරක්ෂාව සඳහා නිවෙස් කරා යැවීමට පියවර ගත් බවද කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් කුරුණෑගලට පැමිණීමට නියමිතව සිටිති.
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට