(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.
නඩත්තු කටයුත්තක් සඳහා අංක අංගනයට රැගෙන ආ දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර් ග ෙයන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී ඇත
දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බවත් ඉන් කිසිවකුටත් අනතරක් ෙනාමැති බවත් පොලිස් නිලධාරියක් පැවැසීය.


COMMENTS
එයත් රාජ්‍ය සේවකයෙක්නේ... ඉතින් නිදාගන්න එක සාමාන්‍ය දෙයක්...
මේවගෙන් වන පාඩුත් අන්තිමට අපේ කරමතින් තමයි....
කොහොමටත් ඔක පීල්ල උඩ දිගටම යනව නෙ කියල හිතගෙන නිදාගන්න අති.
බැලුමක් පුම්බන්න දෙන්නේ නැද්ද?