
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ කොළඹ මාර්ගයේ පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී එහි සිරවී ගිනි ගැනීමත් සමගම කන්ටේනර් රථ රියදුරු තැනට සුදුසු නුවණ පාවිච්චි කර කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර මැද ගැට්ටට අල්ලා ගිනිගත් යතුරුපැදිය ලොරියෙන් ගලවා ගැනීමට කටයුතු කිරීම නිසා රුපියල් කෝටි ගණනක රබර් ශීට් දේපළ හානියක් වැලකී ගිය බව කහතුඩුව පොලිසිය කියයි.
යතුරු පැදිකරු පිළිස්සුම් තුවාල ලබා වෑතර දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත.
කන්ටේනර් රථ රියදුරු රබර් ශීට් තොගයක්පටවාගෙන යමින් සිටියදී තේ පානය සඳහා වෑතර ප්‍රදේශයේ හෝටලයක් අසල කන්ටේනර් රථය නවතා හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මද වේලාවකදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදි කරුවකු කන්ටේනරයේ පිටුපස ගැටි අනතුරට ලක්වී එහි ඇමිනි ගිනි ගැනීමට ලක්ව ඇත.
වහා එම ස්ථානයට පැමිණි පිරිස් යතුරුපැදිය අසල වැටී පිළිස්සුම් තුවාල ලබා සිටි පැදිකරු ඉවතට ගත්ත ද යතුරු පැදිය ඉවතට ගැනීමට නොහැකි වී ඇත්තේ යතුරු පැදියේ කන්ටේනර්රථයේ ගැටීමක් සමගම එහි ඇමිණි තිබීම නිසාවෙනි.
තේ පානය කරමින් සිටි රියදුරු මේ බව දැක වහා පැමිණ කන්ටේනර් රථය පන ගන්වා ගිනි ජාලාවකින් වෙලී තිබූ යතුරුපැදිය සමඟ කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර රථය දකුණු පසට එකවරම හරවා යතුරුපැදිය මාර්ගයේ දකුණු පස මැද දූපතේ ගැටීමට සැලසීම හේතුවෙන් යතුරුපැදිය කන්ටේනර් රථයෙන් ගැලවී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එසේ නොවන්නට කන්ටේනර් රථය එහි තිබූ රුපියල් ලක්ෂ ගණනාවක රබර් ශීට් තොගය පමණක් නොව මෙන්ම අසල වෙළඳසැල් රැසක් ද ගින්නට බිලිවීමට ඉඩ තිබූූ බව ප්‍රදේශවාසී වූ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළේ ඇති මනුස්සයෙක්. හරිනම් ඔය භාණ්ඩ අයිති වියාපාරික මහතා මැදිහත් වෙලා රියදුරුට ත්‍යාගයක් දෙන්න ඕන.