IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක්

(යොහාන් භාසුර)

රාජ්‍ය සේවා විශ්‍රාමික සමිති ඒකාබද්ධ ජාතික සංවිධානය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේදී අද (18) විරෝධතාවක් පැවැත්වීය.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරිහූ පැය දෙකකට ආසන්න කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව විසිර ගියහ.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 

උපාධිධාරීන් පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර මාර්ග අවහිරවී ඇතැයි පවසමින් පොලිය මෙම ජල ප්‍රහාරය එල්ල කළේය. 

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාකරුවෝ මාර්ගයේ අනෙක් පසට වී විරෝධය ක්‍රියාත්මක කළහ. 

(ඡායාරූප: ශාන්ත රත්නායක) 

 



අදහස් (13)

රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක්

Kule Tuesday, 18 June 2024 01:14 PM

අපේ රටේ තරුණ ළමයිනුත් විශ්‍රාම වැටුප් ගන්නවා වගේ

:       2       12

MahindapalaTuesday, 18 June 2024 02:15 PM

මම හිතන්නේ විශ්‍රාමිකයින් ඇවිල්ලා තියෙන්නෙ දැනට අනධ්‍යන කට්ටිය වර්ජනය කරන නිසා උපාධිය වෙනුවෙන් සහතික ගන්න බැරුව සිටින දරුවන්ගේ දෙමාපියන් වෙන්න ඇති. දැන් ඒ අයත් දරුවන්ට සිදුවූ අසාධාරණ වෙනුවෙන් දැඩිසේ මානසික පීඩාවට පත්වෙලා තමා ඉන්නෙ. ඇත්තටම උපාධිධාරී රැකියා ප්‍රශ්නය විසදීමට නොහැකි නිසා විශ්ව විද්‍යාල ගැටලුවට විසදුම් නොදෙනවා කියලා සැකයක් තියෙනවා

:       2       4

sam Tuesday, 18 June 2024 01:21 PM

මෙතන බහුතරයක් බොහොම අඩු වයසෙන් විශ්‍රාම ලබාපු අය වගෙයි!

:       2       10

රංබොඩ Tuesday, 18 June 2024 01:39 PM

උපාධිය තෙක් නොමිලේ ඉගැන්නුවාට කිසිම රජයක් බැඳිලා නෑ රැකියා ලබා දෙන්න. ඒක තම තමන් සොයා ගත යුතුයි .

:       3       36

Achini Tuesday, 18 June 2024 01:46 PM

මනූෂයා කියයි පිට රට යන්න කියලා

:       5       5

R.T.sarath Tuesday, 18 June 2024 01:52 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියහම තිබෙන පුටු මේස ප්‍රමාණයට වැඩිය නිලධාරියෝ ,නමුත් වැඩක් කරගන්න ගියහම සති මාස ගණන් ගතවෙනවා , ඉස්සර එක නිලධාරියෙක් ලඟට යන්න ඕනේ එකේ දැන් 3-4 දෙනෙක් ලඟට යන්න වෙලා, අල්ලසක් නොදී මොකවත් කරගන්න බැහැ , පාස්පෝර්ට් , හැදුනුම්පත් , රිය බලපත් දෙපාර්තමේන්තුවල රස්තියාදුව හැමෝම දන්නවා , දැනට සිටින රජයේ නිලධාරියෝ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් , අවංකව සිතන්න ඔබලාට උසස් අධ්‍යාපනය දක්වා උගන්වා ඇත්තේ ජනතා මුදලින් , අපි ඔබලාට රජයේ රැකියාවකුත් දීල පස්සේ විශ්‍රාම වැටුපකුත් දීල ඔබලාගේ ජීවිතාන්තය දක්වා නඩත්තු කරන්න ඕනෙද ? අද තිබෙන නොයෙකුත් බදු බර නිසා ජනතාව ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්

:       0       24

aggona chandare Tuesday, 18 June 2024 02:12 PM

මේ මිනිස්සුන් තර්ක කරන්නේ හරියට ලංකාවට අයිති රන් ආකර හා තෙල් ආකර තියෙනවා වගේනේ . රජයේ කාර්යාලවලට ගියාම පෙනෙනවා නේ කොහොමද සේවකයින් හොර කරන්නේ කියල . මෙතන ඉන්න මහත්තුරු කියමුකෝ බලන්න කොහොමද ඒ කාලේ හොර ඔටි දැම්මේ , හාප්ශිට් එකේ ඉඳන් ගෙදර ගෙනිච්චේ කියල . ඒ වගේම උපාධි නංගිලා ඔයාල ඔහේ මොකක් හරි විෂයන් 3 ක් තෝරාගෙන උපාධි ගත්තට රජයක් රජය බැඳිලා නැහැ ඔයාලට රැකියා දෙන්න . බදු අඩු කරන්නලු , ලයිට් බිල් අඩුකරන්න ලු , රැකියා දෙන්න ලු , විශ්‍රාම වැටුප වැඩි කරන්නලු . ඔක්කොම් එකත්වෙලා හොරකම් කරලා අනුන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා . ඔක්කොම් එකතුවෙලා වින්දවමු . නැත නම් අසාධාරනයි නේ.

:       0       18

saman Tuesday, 18 June 2024 03:21 PM

අනුර මහත්තයා ආවම මේ අයට රස්සා මවලා හරි දෙනවා.

:       0       2

චන්දිම Tuesday, 18 June 2024 03:24 PM

සමහරු කතා කරන්නේ නිකම් තරහෙන් වගේ. එහෙම නෙවි රටක අධ්‍යාපනයක් ලැබ ගත පිරිස ඵලදායි විදියට රටේ දියුණුවට යොදා ගත හැකි පරිදි ව්‍යුහාත්මක වටපිටාව හදන ඒක රජයක වගකීම. ඒක කරන්නේ කොහොමද කියල දැක්මක් තිබිය යුත්තේ රජයට. නමුත් රජය කරන මිනිස්සු ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඊළඟ වටයේත් බලයට එන්න මිසක් මේවා ගැන නොවෙයි. නිකම් චන්දෙ ගන්න විතරක් අරවා බෙදනවා මේවා බෙදනවා අරෙහෙන් මෙහෙන් ජොබ් දෙනවා බොරු කයිවාරු ගහනවා විතරයි. මේ ලියන මගේ දරුවා හෙට අනිද්දා ඉතාම තරඟකාරී රාජ්‍ය විශ්ව විදයලයකින් සිවිල් ඉංජිනේරු උපාධිය ලබනවා. නමුත් පුද්ගලික අංශයේ පවා ඒ ක්ෂේත්‍රයේ රස්සා දැන් නැහැ. එතකොට රජය වගේම අපිත් පුද්ගලිකව ඇති විශාල ධනයක් වැයකරලා අන්තිමට නිකම් ඉන්නේ කොහොමද? රජය ගත් අධුරදර් ශි බදු ප්‍රතිපත්ති නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටිලා. රජය නේද ඒවා නිවැරදි කරන්න ඕනි. ඔවුනට ගානක් වත් නැහැ.

:       1       0

Prabha Tuesday, 18 June 2024 04:52 PM

90% කළා උපාධි කරපු අය .රැකියා තියන ක්ෂේශ්ත්‍රයක උපාධියක් නොකර ඔය ඉල්ලන්නේ විශ්‍රාම වැටුපක් ඇති රජයේ රැකියා

:       0       12

Casmir Tuesday, 18 June 2024 05:49 PM

රැකියාවක් කරන්න පෞද්ගලික අංශයට යන්න. නිකන් ඉඳලා පිං පඩි ගන්න රාජ්‍ය අංශයට යන්න..

:       0       0

Kundalini Wednesday, 19 June 2024 08:30 AM

කදුළු ගෑස් වලට වියදම් කරවන අපේ මුදලින් ඉගෙන ගත්තු නිකමුන්ට වැඩක් නොකරන ගෙදර ඉදගෙන යන්න පුළුවන් පින් රස්සා ලැබේවා. එන්න අපි බදු ගෙවමු ගෙවලා තව රැකියා ලබාදෙමු

:       0       1

Asanga samantha Thursday, 20 June 2024 10:50 AM

මුන් උපාධි ගත්තට වඩිය හොදයි මාලු විකුනුවනම්. මුන් සේර්ම 3% අය. උපාධි ගත්තා කියලා රකියා ලගට ගෙනත් දෙන්නේ නත. අපේ දරුවොත් උපාධි අරගෙන තමන්ම රකියා ඔයා ගත්තා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1273 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site