රුසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සීමාව පසුකරමින් ආසාදිතයන් සංඛ්‍යාවෙන් ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව ආසාදන 8,946ත් සමඟ මේ වනවිට රුසියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 353,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාවේ සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,633කි.
රුසියාවේ කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසන්නේ පසුගිය පැය 24 තුළ පමණක් මරණ 92 ක් සිදුවී ඇති බවයි.
ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,686,436 කි. ආසාදිතයින් 365,213 ක් වාර්තා කරමින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත.
සිකුරාදා (22) ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වෙන්නේ සෑම නිරෝගී රුසියානුවන් හත් දෙනකුගෙන් එක් අයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවයි.
මොස්කව් නගර සීමාවේ ලොක් ඩවුන් නියෝගයන් කඩ කරන පුද්ගලයින්ට දඬුවමක් ලෙස පැය 100 ක කාලයක් දක්වා රෝහල්වල සමාජ සේවා කටයුතු සඳහා යොදවන බව නගර ආරක්ෂක අංශය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුසියාව කොරෝනා ආසාදිතයින් 350,000 සීමාව පසුකරයි