මෑත කාලීනව ඇති සිංදු රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "මනුදම්" ගීතය හැඳින්විය හැකිය. බොහෝ පිරිසගේ හදවතට දැනෙන්නේ මෙහි ඇති වෙනස් වීඩියෝව නිසාවෙන්. අද වනවිට ෆේස්බුක්වල බොහෝසෙයින් ෂෙයාර් වෙමින් පවතින මෙම ගීතයේ ගායකයන් දෙදෙනා වනුයේ, ඉෂාන් කාවින්දව සහ දිනේෂ් ලක්ෂ්මන්ය. මෙම ගීතය පිළිබඳව පැවසීම "සාරවිට" අපත් සමග ඉෂාන් සම්බන්ධ විය.
"මනුදම්" ගැන බොහෝ දෙනා කතාකරන්නේ?
සිංදුව ගැන කියනවානම්, අපි මුලින්ම ඕඩියෝ එක රෙකෝඩ් කළා. ඊට පස්සෙ අපි වීඩියෝ එක කරන්න අදාළ නිෂ්පදන ආයතනයට ඇඩ්වාන්ස් එකක් දීලත් තිබුණේ. ඒ දවස්වල තමයි ගංවතුර ආපදාව ඇති වුණේ. ඊට පස්සේ තමයි අපි මේ සිංදුවේ වීඩියෝ එක කරන්න හිටපු සල්ලි ආධාර වශයෙන් ලබා දුන්නා. ඊට පස්සෙ අපිම වීඩියෝ කරලා එක් Upload කළා. ඊට පස්සෙ තමයි මේ පිළිබඳව බොහෝදෙනා කතා කරන්න ගත්තේ. ෆේස්බුක් පේජ්වලින් ගොඩක් සහයෝගයක් ලබා දුන්නා.
ඔයාලා කරපු වීඩියෝ එකේ අන්තර්ගතය ගැන පැහැදිලි කළොත්?
අපි මේ සඳහා වීඩියෝවෙන් ගොඩක්ම අන්තර්ගත කළේ ලෝකේ තියෙන දිළිඳුකම නැති කරන එක සහ ඒ වෙනුවෙන් කැපවෙන අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියන දේ තමයි වීඩියෝවෙන් පෙන්නන්නේ.
ඔබ ගැන සඳහන් කළොත්?
මම ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේ. මමයි, දිනේෂ් ලක්ෂ්මන් කියන අයියයි තමයි මෙම ගීතය කළේ. මම මියුසික් ක්ෂේත්‍රයට අලුතින් ආවේ. "මනුදම්" කියන්නෙ මගේ පළමුවෙනි ගීතයයි. ඊට කලින් Cover Song එහෙම කළා. දැනට මියුසික් කරගෙන යනවා. පොඩි ස්ටූඩියෝ එකක් තියෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මාසයකින් තව ගීතයක් එන්න තියෙනවා. එකේ තේමාව වන්නේ ලංකාවේ මහලු නිවාස එපා කියලා.
ඔයා ගීත නිර්මාණය කරන්නේ සමාජ පණිවුඩයක් ගෙන ඒම සඳහාද?
ඔව්, ඇත්තටම ඕනේ වෙනසක් කරන්න. මියුසික්වලින් ලංකාව වෙන දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. අද තියෙන මේ රැල්ලේ ගොඩාක් එහාට යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඩිලාන් ක්‍රිෂාන්ත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රසික හිත් වෙනතකට ගෙන යන 'මනුදම්'
මහීෂ මාලගමුව Sunday, 26 June 2016 02:18 PM
ගොඩක් හොදයි මේ වගේ දේවල් ! (බ)
මහේල Friday, 24 June 2016 04:03 PM
ඇති යන්තම් ලංකාවේ වැදගත් දෙයක් බිහිවෙනවා (නි)