IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රවී ඉල්ලා අස්වෙන්න යයි

(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ද ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් ද මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි කියති.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.

කරුණානායක මහතා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.



අදහස් (9)

රවී ඉල්ලා අස්වෙන්න යයි

පිටිගල මිලානෝ Thursday, 10 August 2017 06:27 AM

ඉල්ලා අස්වී මෙම යහපත් ප්‍රතිපත්තියේ පුරෝගාමියා ඔබ වන්න.

:       2       0

sena Thursday, 10 August 2017 06:34 AM

අපේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ

:       0       0

raveendra Thursday, 10 August 2017 06:34 AM

අප අවංකව අපගේ රටට සේවය කලොත් අපටද එහි හොද ප්‍රථිපල අපගේ ජීවිතවලට ළගාකරගත හැකිබව නොරහසකි. මෙය අපහැමටම පොදුදෙයකි. හිටපු සහ දැනට බලයේ ඉන්න හැම දේශපාලකයෙකුටම මෙය අදාල බව හොදින් හිතේ තියාගත්තොත් හැමෝගේම ශරීර කුඩුවට හොදය.

:       0       0

sachith Thursday, 10 August 2017 07:01 AM

දශකයේ හොදම විහිලුව.... පවු අසරණ මනුස්සයා, දැන් ඉතින් කෝට්ටේ හන්දියේ ලොතරැයි කුඩුවක් දාගෙන තම ජිවත් වෙන්න වෙන්නේ.

:       409       433

Appuhami Thursday, 10 August 2017 07:40 AM

ඔය හදන්නේ තානාපති කමක් ගන්නයි. අපි දන්නවා ලංකාවේ හැටි.

:       131       405

MOHANThursday, 10 August 2017 07:51 AM

විවිධ පුද්ගලයන් මෙහි අදහස් දැමීම නිසා මේක විහිළුවක් වෙලා. මොහු අස් වෙන්නේ ඇමතිකමෙන් පමණි. තව දුරටත් මන්ත්‍රී කෙනෙක් ලෙස සිටිනවා.

:       0       1

CHANDA Thursday, 10 August 2017 09:37 AM

හොඳම මුදල් ඇමති කුසලානේ ලැබුණු රවිතුමෝ. අනේ ඉතින් මුදල් අමාත්‍යාංශයට වගේ සේවයක් විදේශ අමාත්‍යාංශයටත් කරලම යන්නකෝ... ජනාධිපතිතුමා එකනේ බාරදුන්නේ..

:       0       0

CHANDA Thursday, 10 August 2017 10:16 AM

මෙන්න ඇතුලත්මුදලි මහත්තයාගේ නමත් විකුණනවා.

:       0       0

Pradeep Thursday, 10 August 2017 03:22 PM

හොද පුර්වාදර්ශයක්, හැබැයි මෙතුමා තාම සැකකරුවෙක් පමණි. වරදකරුවෙක් නෙමෙයි. වැරදිකරුවොත් වෙලා තාම දේශපාලනේ කරන අයටත් දඩුවම් දිය යුතුයි. මොනවා වුනත් යහපාලනෙන් එක දෙයක් පැහැදිලි. නීතියට නම් ඇගිලි ගහන්නැ වගේ. මෙච්චර කාලෙකට තමන්ගේ ඇමති කෙනෙක්ට මේ වගේ දඩුවමක් දුන්නැ .පහුගිය කලේ හොරකන් කරපු මැති ඇමතිවරුන්ටත් දඩුවම් දීල ජනතාවගෙන් හොරකන් කරපු සල්ලි ආපසු ගන්නට නීතියක් ගෙන්නත් ඕන

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site