IMG-LOGO

රේල් බස් සේවාවේ ගැටලු රැසක්

මහනුවර හා පේරාදෙණිය අතර ඇරඹූ නව රේල් බස් සේවාව පසුගිය 3 වැනි දා  සිට මේ දක්වා ධාවනය නොවු බවත් එම සේවාව අද දින නැවත ඇරඹියද ප්‍රවේශ පත් නොදීමේ ගැටලුව තවමත් පවතින බවත් මගීහු කියති.

රේල් බස් සේවාව ඇරඹුවේ මහනුවර හා පේරාදෙණිය අතර මහා මාර්ගයේ ඇති වාහන තදබදයට පිළියමක් නිසා වුව ද එම සේවාව අරඹා දින කිහිපයන් යන විටදී  රේල් බසයේ ගමන් කිරිම සදහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම නිසා තමන් ගැටලුවට මුහුණ පෑ බව ඔවුහු සඳහන් කරති.

දුම්රිය ප්‍රවාහන අධිකාරී පි.ඒ.එස් වර්ණසුරිය මහතා පවසා සිටියේ යාන්ත්‍රිකව ඇති වු ගැටලුවක් හේතුවෙන් රේල් බස් රථ දෙක මේ වන විට ධාවනය නොවුවත් එහි අලුත්වැඩියා සිදුකර  ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි. රේල් බස්  රථ වල ගමන් ගන්නා මගීන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන අයුරින් ප්‍රවේශ පත්‍ර අලවි කරන්නෙකු යොදා එම ගැටලුවද ඉතා කඩිනමින් විසඳන බවද වර්ණසුරිය මහතා පැවැසීය.

IMG_2946 IMG_2949



අදහස් (0)

රේල් බස් සේවාවේ ගැටලු රැසක්

ප්‍රදීප් Friday, 09 September 2016 10:14 PM

මේච්චරටම සේවක හිඟයක් තියෙනවා වෙන්න බැහැනේ. මෙවැනි සරල ප්‍රශ්නයක්වත් විසඳාගන්න බැරිද ? (නි)

:       0       2

දීපාල් නිරෝෂ් Saturday, 10 September 2016 11:01 AM

අපේ රටේ විරැකියාවෙන් පෙළෙන ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ වගේම රැකියා පුරප්පාඩුත් තියනවා. ඇත්ත ප්‍රශ්නය අර පුරප්පාඩු වලට විරැකියානුවන් අකමැතිවීම. ඔන්න ඔය හිඩැසට තමයි අර "එට්කා" කියන සතා ඉව අල්ලමින් ඉන්නේ. (නි)

:       0       0

අර්නස්ට් Saturday, 10 September 2016 04:34 PM

දැන් තියන කසිකබල් කෝච්චි වල යනවට අපිටයි සල්ලි දෙන්න ඕනෑ (නි)

:       0       1

උදය - වියට්නාමය Friday, 09 September 2016 11:12 AM

ලංකාවේ රැකියා නොමැති ලක්ෂ ගණනක් සිටිද්දී ටිකට් නිකුත්කරන්න කෙනෙකු සොයාගන්න බැරි දුම්රිය දෙපාර්තුමේන්තුව. (ර)

:       0       1

ගනේවත්ත Saturday, 10 September 2016 06:29 PM

බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ මෙම සේවාවේ ඇති වටිනාකම (නි)

:       0       1

ප්‍රසන්න Friday, 09 September 2016 12:10 PM

පනඅදින ලංකාවේ දුම්රිය සේවය පුද්ගලික අංශයට හෝ විකුණා දමා ගොඩගන්න..... (නි)

:       0       6

අබය Sunday, 11 September 2016 01:24 AM

මේ වාගේ සුළු ප්‍රශ්න විසඳාගන්න බැරි නම් අපේ ලොකු ලොක්කන්ගෙන් ඇති පලය කිම? (නි)

:       0       3

හේවා Friday, 09 September 2016 01:19 PM

අදක්ෂ සහ නවක නිලධාරීන් නිසා හැම දෙයක්ම කොට උඩ (අ)

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site