IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රයන් ජයලත්ට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)
 
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ  කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.

අධ්‍යාපන කටයුතු සළකා බලා මෙලෙස ඇප නියම කරන බවත් යළි උද්ඝෝෂණ වලට සහභාගී වන බව දැන ගන්නට ලැබුණ හොත් ඇප අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා කොන්දේසියක් ද පැනවනු ලැබීය.
 



අදහස් (16)

රයන් ජයලත්ට ඇප

පුරවැසියා Monday, 23 October 2017 06:48 AM

අනේ මූ කරන අධ්‍යාපනය ආයෙත් පිකටින් තමයි

:       133       353

purawasiya Monday, 23 October 2017 07:30 AM

පුතේ ඔය විකාර වැඩ නවතා හොඳට ඉගෙන ගනින්. නැත්නම් අපිටත් කියන්දවෙන්නේ උඔව හිරේ දාපන් කියලයි.

:       110       270

Kumari Monday, 23 October 2017 07:34 AM

මේ පුවත් පතේම තියනවා ලිපියක් ප්‍රථම කෘතිම බුද්ධි ඇමති කියලා ලිපියක්. ඔහුගේ වයස අවුරුදු 27ක්. ඔවුන්ගේ ඉලක්කය 2117 වර්ෂය. ඔන්න බලාගන්න දියුණු වන රටවල සැලසුම්. ඔහු ඉලක්කගත අධ්‍යාපනයක් අවසන් කරලා රට වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් තම තරුණ ජවය, තම උගත් ශිල්පය තම උපන් බිමට දායාද කරලා. අපේ තරුණ පරපුර ආදර්ශයට ගන්න ඔහුව.

:       35       150

Chandima Monday, 23 October 2017 07:55 AM

හරි වැඩක් නේ උද්ගෝෂණය කරන්ඩ තියන ඓයිතිය තහනම් කරන්ඩ පුලුවන්ද

:       94       111

kap Monday, 23 October 2017 08:17 AM

දොස්තර මුණක් කෙසේ වෙතත්, අලුගෝසු මූණක් තමයි පේන්න තියෙන්නේ...

:       85       274

DDMonday, 23 October 2017 09:06 AM

මූනෙන් කොහොමද රස්සාව, තරාතිරම විනිශ්චය කරන්නේ? කියන කථාවලින්නම් තරාතිරම සහ වෘත්තිය තීරණය කරන්න පුළුවන් වෙයි යම්කිසි තරමකට. අකුරු ටිකක් ලියාගන්න පුළුවන් කියලා මිනිසුන්ට අපහාස කරන්න එපා. ඕවා ජාති ජාතිත් ගෙවන්න වෙන පව්.

:       124       103

Bimal Monday, 23 October 2017 08:31 AM

උද්ඝෝෂණයට අයිතිය තිබුණු පමණින් රාජ්‍ය දේපල විනාශ කරන්න අයිතියක් නැහැ. තමන්ගේ ගෙදරට කවුරු හරි කඩන් වැදිලා ගෙදර බඩුමුට්ටු පොලවේ ගැහුවාම තේරේවි. මේවා රයන්ගේ පුද්ගලික දේපල නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් උපයපු බදු මුදල් !

:       4       142

Silva Monday, 23 October 2017 08:36 AM

චන්දිම වැඩිය කතා කළොත් ඇතුලට දානවා.

:       2       15

සුජීව Monday, 23 October 2017 09:20 AM

කුමාරි, රයන් කෘතිම බුද්ධි ඇමැති වෙනකං බලාගෙන ඉන්නේ නැතිව ඔයාට වෙන්න තිබුනේ. දොස්තර මුහුණ, ඉංජිනේරු මුහුණ, ගුරු මුහුණ, ඇමැති මුහුණ, බැංකු හොරු මුහුණ. එහෙම මුහුණ බලලා කියනවද? අහෝ රටකට ගිය කලක්.

:       117       143

Ivan uk Monday, 23 October 2017 09:39 AM

අපේ රටේ නිදහස් අධ්‍යාපනය අර්ථවත් ලෙස වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. මුලින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත රටට අවශ්‍ය දේ ඉගැන්වීමට කාලය ඇවිත්.

:       0       18

kumara Monday, 23 October 2017 10:03 AM

කවුරු ආවත් කමක් නැහැ.. පොදු දේපළ විනාශ නොකර කරන දෙයක් කරගන්නයි තියෙන්නේ..

:       1       31

shahiwal Monday, 23 October 2017 10:05 AM

අනේ ඇයි නිදහස් කළේ? තව අවුරුද්දක් විතර තිබ්බා නම් කැම්පස් ස්ට්‍රයික් එක ඇදගන්න තිබුණද? එතකොට පුද්ගලික කැම්පස්වල ළමයි අවුට් වෙලා. නිදහස් අධ්‍යාපනයේ විනාශය...

:       2       30

kumar (galf) Monday, 23 October 2017 10:43 AM

මෙයාට දෙහිවල සූ එකේ කාමරයක් දෙන්න බැරිද?

:       2       103

Jehaan Monday, 23 October 2017 11:36 AM

මෙයාගේ හතර වරිගයේම කාටවත් රජයේ රැකියා දෙන්න එපා. රාජ්‍ය දේපල විනාශ කර නෙයියාඩගම් නැටුවාට නිකම් අත ඇරලා හරියන්නේ නැහැ.

:       0       57

sathyapala Monday, 23 October 2017 11:46 AM

මෙන්න මගෙන් තවත් නොවරදින අනාවැකියක්. සයිටම් ප්‍රශ්නයට ඉදිරි සතිය තුල සතුටුදායක පිළිතුරක් ලැබෙනවා. හේතුව පොඩි මාළුවකු ඇමට යොදා ලොකු මාළුවකු අල්ලාගැනීමට. රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන්නට පෙර සයිටම් රජයට පවරාගෙන ඒ සතුට අස්සේ රට බෙදන ගිවිසුම එලියට එනවා.

:       7       0

sesath Monday, 23 October 2017 06:25 PM

සිසු ව්‍යාපාර වල යෙදෙන මේ අය අධ්‍යාපන කල යුතු කාලයෙන් වැඩිම කාලයක් මහජන මුදල්ද දේපලද කාදමමින් ඒ අයටත් රටටත් අවැඩ දේවල නිරත වෙමින් මුළු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම ඇනයක් වෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site