IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට

රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.


(සුරංග රාජනායක , රංජිත් රාජපක්ෂ සහ සුදත් එස් කුමාරසිරි)

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21  දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ලංගම බසයක් අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් ගම්පොළ පේරාදෙණිය, නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි. 

------------------------------------------------------

පෙරවරු  6.00

(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් මේ වන විට කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත

බස් රථයේ සිටි මගීන්ගෙන් තවත් පිරිසක් බසය තුළ සිරවී ඇති බැවින් පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් බේරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.



අදහස් (17)

රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට

ගුණරත්න Sunday, 11 May 2025 08:32 AM

ඉස්සර වැඩිම අනතුරු වුනේ පෞද්ගලික බස් වලින්, හරි පුහුණුවක් නැති රියදුරන් වගේ කතා කිව්වේ, එත් දැන් අහන්න ලැබෙන්නේ එකේ අනිත් පැත්ත, ලංගමේ රියදුරු පුහුණුවත් තියෙන ලංගමේ බස් රථම අනතුරු වෙනවා. මොකද හේතුව. ආණ්ඩුව ලංගමේ ලොක්කන්ට දීල තියෙනවා නියෝගයක්, ලාබ පෙන්නපන් කියලා, ඉතින් මම හිතන්නේ මුන් ධාවනයට නුසුදුසු බස් රථ පවා ධාවනයට දමනවා ඇති කියලා, ඔය ඡායාරූපයේ පෙනෙනවා බස් රථයේ ටයර් ගෙවිලා කියලා. ඉතින් තේරෙනවා ඇති මොකක්ද අර්බුදය කියලා. මේ කාලකන්නි ආණ්ඩුවට සාමාන්‍ය මිනිස්සු ගැන තැකීමක් නැහැ.

:       29       137

janahitha Sunday, 11 May 2025 08:43 AM

සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. අනතුරු දායක ස්ථානවලට පැතිබැමි දැමිය යුතුයි.

:       5       58

Nandana Sunday, 11 May 2025 10:03 AM

බස් එළවන හුඟ දෙනෙක් මිනීමරුවෝ, ඔය කට්ටිය නියාමනය කරන්න. පස්වලට වේග සීමා පාලක හයි කරන්න. නැතිනම් බලපත්‍රය අහෝසි කරන්න. පාණ්ඩු ආණ්ඩු මේවා කරයිද?

:       56       16

සාලිය Sunday, 11 May 2025 12:25 PM

ලොරි බස් ගෙනාපු දේශප්‍රේමීන් දැන් අදහස් දක්වන්න...

:       48       18

sukitha Sunday, 11 May 2025 02:19 PM

අනවශ්‍ය තරඟකාරිත්වයක් ඇති මාර්ගවල සේවාවන් නියාමනය කරන්න..

:       2       76

ගුණරත්න Sunday, 11 May 2025 02:39 PM

අපේ රටට සාපයක් වැදිලා, 60,000ක් මරණ වලට වගකිවයුතු සාපලත් පක්ෂයකට බලය දුන් නිසා වෙන්න ඕනෑ. දළදා ප්‍රදර්ශන තිබ්බාට... ඒ ලේ හේදිලා යන්නේ නැහැ.

:       32       115

Deepal Sunday, 11 May 2025 03:59 PM

ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා...

:       67       18

වින්සන්ට් කජ්ජා Sunday, 11 May 2025 04:16 PM

60,000ම නෙමේ. UNP වගකිව්වේ 50,000කට විතරයි, ගුණරත්න. ජේ.ආර්. කෙරුවා වගේ මතකයි...

:       68       7

Asintha Sunday, 11 May 2025 03:59 PM

ගුණරත්න මහත්මයෝ, ඔයා වගේ හැමදේටම දේශපාලනය ගාවගන්න මිනිස්සුනම් රටට සැපයක් තමයි. මීට කලින් බස් පෙරලිලා සුනාමි ඇවිල්ල, කොච්චි පීලි පැනලා, යුද්දේ නිසා මිනිස්සු කී දාහක් මිනිස්සු මැරුණද? ඒ මදිවට දළදා ප්‍රදර්ශනයත් මේකට ගාවගෙන. ඕක ඔයාගේ වැරද්දක් නෙමෙයි, ඔයාගේ දෙමව්පියන්ගේ වැරුද්ද, මොකද ළමයි හදන්නම් වාලේ හදලා වැඩක් නෑ, උන්ගේ ආකල්ප, ගුණධර්ම වර්ධනය කරන්නේ නැතුව.

:       72       39

එඩ්වඩ් Sunday, 11 May 2025 04:55 PM

2025 සැප්තැම්බරයේ සිට මේ රටට පාත් වන හෙණ ගෙඩිවල ඉවරයක් නැහැ. ඊයෙ පෙරේදා හෙලිකොප්ටරයක් කඩා වැටුණා. දැන් මහා බස් අනතුර. රට පුරා තැන් තැන්වල ජයටම මිනීමැරුම්. ජනජීවිත අවුල්. පාසල් දැරියන් දූෂණයට ලක් වෙනවා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීම පමා වෙනවා. බඩු මිල ජනතාවට දරා ගන්න බැහැ. ඒත් ආණ්ඩුවේ කයිවාරු නං අඩුවකුත් නැහැ. ලෝක පාලන දෙවියනි ඔබවහන්සේලා වත් අපේ රට ගැන බලලා යහපතක් කරලා දෙන්න. මිනිස්සුන්ටත් දැන් තමන් කර ගත්ත මෝඩකමේ තරම ටික ටික තේරෙන නිසා තමයි පහුගිය ඡන්දෙදි ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවේ.

:       21       58

ජයකොඩිSunday, 11 May 2025 07:11 PM

අර මොනවද පහවුණත් කතාව දෝලාවෙන්. ඊළඟ මහ ඡන්දෙකදී ඔය තියෙන දෙක තුනත් නැතිවෙනවා...

:       0       0

දිනේෂ් Sunday, 11 May 2025 11:27 PM

විද්‍යා දැරිය, කොටකෙතන ඝාතන, අටලුගම දැරිය ඝාතනය, සාරුව සුනිල් සිද්ධිය, යාංගල්මෝදර බස් අනතුර වගේ දෙවල් වුණා පහුගිය කාලේ... ගුණරත්න එඩ්වඩ් කියන විදිහට ඒවාත් ආණ්ඩුවේ වැරැද්ද? පෞද්ගලික බස් ලාබයි ආණ්ඩුවේ බස් පාඩුයි. ආණ්ඩුවේ බස් ලාබදායී කරන්න කියන එක වැරැදිද ගුණරත්න...

:       1       0

fairoos Sunday, 11 May 2025 06:11 PM

ඉතාම කණගාටුයි. තුවාල ලැබූ අයට ඉක්මන් සුව ලැබේවා.

:       0       0

Saman Sunday, 11 May 2025 08:55 PM

බස් රියදුරන්ගේ විනය අන්තිමයි.. මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර පිස්සන් වගේ එළවනවා. පව් අසරණ මගීන්...

:       0       0

Nandalal de Silva - France Sunday, 11 May 2025 09:22 PM

මෙවැනි අනතුරුදායක, වංගු, කඳුපල්ලම් ආදිය ඇති පටු මාර්ග වල, රාත්‍රී මගී බස් රථ ධාවනය තහනම් කළ යුතුයි. මත්වතුර, මත්කුඩු වැනි දෑ ගිලදමා සුක්කානම අතට ගෙන, ඔවුන් ප්‍රවාහනය කරන අසරණ මගීන්ගේ ජීවිත තඹ දොයිතුවකට ගණන් නොගන්නා ගොබ්බ රියැදුරන්, හරක් වගේ බස් එලවනවාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි...! සමහර පොලිස් මාර්‍ග බාධක වලදී මෙවැනි "මිනීමරු රියදුරන් " අල්ලා ගත්තත්, තවත් කොතරම් ප්‍රමාණයක් ගැලවී යනවාද? බසයක් ගමන් ආරම්භ කිරීමට පෙර, ඔවුන්ගේ breathing test පරීක්ෂණ කිරීමත් ඵලදායි නොවේ. අතරමග තේ බොන්න නවත්වන "තේ කඩ " වලින් පවා කසිප්පු, මත්කුඩු ආදිය පහසුවෙන් ලබාගත හැකි නිසායි..

:       0       0

පැරකුම් Sunday, 11 May 2025 10:38 PM

ලාබ පෙන්වන්න අමානුෂික අන්දමට එක දිගට පැය දහය දොළහ නිදිමරාගෙන රියැදුරන් යෙදවීමේ අවදානම කොපමණද? අනතුර සිදුවන විට ඔහු පැය හයක් බසය පදවා ඇත. ගමනාන්තයට ගියා නම් පැය දොළහටත් වැඩිවිය හැකිව තිබුණි. රාත්‍රී කාලයේ යන මෙවැනි ගමන් සඳහා රියැදුරන් දෙදෙනෙකු නොයොදවන්නේ ලාබ පෙන්වීමටද? තවද රියැදුරන් මත්ද්‍රව්‍ය ගන්නේ දැයි සොයා බැලිය යුතුයි. අසරණ මගීන් මෙසේ බිල්ලට දීම කොතරම් අසාධාරණද? දියුණු රටවල මෙවැනි දේ සිදු නොවේ...

:       0       0

Ajith Monday, 12 May 2025 01:33 AM

මේ අනතුරට හේතුව තවම දන්නේ නෑ. බොහෝ විට බසයේ දෝෂයක් වෙන්න පුළුවන්. මේ බස් හරි පරණ බස්. අලුත් ආන්ඩුවක් හෝ ඇමැති කෙනෙක් පත් වුණාම පරණ බස් හදලා ධාවනයට එකතු කරනවා. පරණ බස් හැදුවාට දෝෂ එන එක නවත්වන්න බෑ. වෙන රටවල අවුරුදු පහකින් විතර බස් රථ ධාවනයෙන් ඉවත් කරන්නේ ඒ හේතුව නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 15 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1529 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site