IMG-LOGO

රාමදාන් සමයේදී යාචකයන් අල්ලන්න ජංගම පොලිස් කණ්ඩායම් 35 ක්

beggars

 

ශුද්ධ වූ රාමදාන් මාසයේදී යාචක වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අභ්‍යන්තර අමාත්‍යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජංගම පොලිස් කණ්ඩායම් 35 ක් ස්ථාපිත කර ඇත.


පසුගිය වසරේදී කාන්තාවන් සහ පිරිමින් ඇතුළු යාචකයන් 280 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය.


කාන්තා සහ පිරිමි පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම් නීති විරෝධී යාචක වෘත්තියේ යෙදීම වැළැක්වීම සඳහා හඳුනාගත් ප්‍රදේශවල පැය 24 පුරාම රඳවා තැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බි්‍රගේඩියර් ජමාල් මොහොමඞ් අල් කාබි පවසයි.


යාචකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අනෙක් ආරක්ෂක අංශද තම දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නියමිත අතර පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ටද යාචකයන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කිරීම සඳහා 33618627 සහ 2347444 දරණ දුරකථන අංක වෙන්කර ඇති බව අල් කාබි පවසයි.


යාචක වෘත්තිය කටාර් හි සාමාන්‍යයෙන් දකින්නට නොමැති දෙයක් බවද ඔහු පෙන්වා දෙයි.


කෙසේ වෙතත්, විශේෂයෙන්ම රමාදාන් මාසයේදී ජනතාවගේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගෙන යාචක වෘත්තියේ යෙදීමේ අරමුණ ඇතිව සමහර පිරිස් රට තුළට ඇතුළු වන බවද ඔහු කියයි.


ඔවුන් අන් අයගෙන් මුදල් ඉල්ලා ගැනීම සඳහා අසත්‍ය කතා මෙන්ම ව්‍යාජ වෛද්‍ය සහතිකද ඉදිරිපත් කරයි. ඔවුන්ගෙන් සමහරු මුස්ලිම් දේවස්ථානයක් හෝ පාසලක් ඉදිකිරීමට සම්මාදම් ලෙසින් මෙන්ම ඔවුන්ගේ රටේ වෙසෙන අනාථ දරුවන් සඳහා යැයි කියමින්ද මුදල් එකතු කරති. සමහරුන් යාචක වෘත්තියේ යෙදීම සඳහා වන උපක්‍රමයන් ලෙසින් ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන අළෙවි කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවද අල් කාබි පවසයි.


පසුගිය වසරේදී පමණක් මුස්ලිම් දේවස්ථාන, සාප්පු සංකීර්ණ, ජනප්‍රිය වෙළෙඳපොළවල් සහ නේවාසික ප්‍රදේශ ආශ්‍රිතව යාචක වෘත්තියේ යෙදුනු පුද්ගලයන් 280 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යාචක මර්දන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු වන පළමු ලුතිනන් අබ්දුල්ලාහ් සාද් අල් දොසරි පවසයි. යාචකයන්ට මෙන්ම යාචක වෘත්තියේ යෙදීමට ඉඩ ලබාදෙන අයටද විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඔහු කියයි.
සියලුම පරිත්‍යාග අවසරලත් පුණ්‍ය සංවිධාන වෙත පමණක් ලබාදෙන ලෙසටත්, එවිට එම පරිත්‍යාග සත්‍ය ලෙසින්ම ආධාර අවශ්‍ය කරන අයට පමණක් බෙදාදිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලුම පුරවැසියන්ට සහ විදේශිකයන්ට උපදෙස් දෙමින් පවසයි.

 



අදහස් (0)

රාමදාන් සමයේදී යාචකයන් අල්ලන්න ජංගම පොලිස් කණ්ඩායම් 35 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site