
(අංජුල මහික වීරරත්න)
රබර් ඉඩම් සිතියම් ගත කිරීම- ලියාපදිංචි කිරීම ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් සඳහා ප්‍රධාන වෙළෙඳ පොළක් වන යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී අනුගත විය යුතු නව රෙගුලාසි (EUDR) යුරෝපා සංගමය විසින් හඳුන්වා දී තිබේ. රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වන එම නව රෙගුලාසි සඳහා ශ්‍රී ලංකාව ද 2025-12-31 දිනෙන් පසුව අනුගත විය යුතු වේ.
ඒ අනුව රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීමට හැකි වන පරිදි රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් රට පුරා පිහිටි කුඩා රබර් වතු හිමියන්ගේ රබර් ඉඩම් වෙන් වෙන්ව භූ ඛණ්ඩාංක ගතකිරීම සහ නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ සවිස්තරාත්මක මෙන්ම සත්‍යාපනය කළ හැකි දත්තපද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරනු ඇත.
ඒ අනුව, රබර් ඉඩම් සිතියම්ගත කිරීම ,ලියාපදිංචි කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රබර් ඉඩම් ලියාපදිංචි කරයි