IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රුපියල් බිලියනයක රන් අබරණ කඩිනමින් අයිතිකරුවන් වෙතට

(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)

එල්ටීටීඊ ත්‍රස්තයින්ගේ බාරයේ තිබී හා යුද සමයේ දී අතහැර දැමූ නිවාසවල තිබී සොයාගත් රුපියල් බිලියනයක් පමණ වටිනා රත්‍රන් භාණ්ඩ හා අනෙකුත් ආභරණ නැවත ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.

මේ ගැන සොයාබැලීමට පත් කළ කමිටුව මෙම නිර්දේශ ජනපතිවරයාට යොමු කර ඇති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙහි ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීමට සියලු පාර්ශවකරුවන් සමග සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව සහකාර ආරක්ෂක ලේකම් ආර්.එම්.එස් සරත් කුමාර මහතා සන්ඩේ ටයිම්ස් වෙත පැවසීය.

සන්ඩේ ටයිම්ස් යොමුකළ තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට පිළිතුරු දෙමින් මහ බැංකුව පැවසූවේ හමුදාව ලබාදුන් රත්‍රන් භාණ්ඩ කිලෝග්‍රැම් 37.7ක් තම අත්අඩංගුවේ ඇති බවයි. 

2010 සැප්තැම්බර් 07 වැනි දා සිට 2012 ජනවාරි 26 දක්වා කාලය තුළ අවස්ථා 28කදී හමුදාවෙන් දුන් රත්‍රන් භාණ්ඩ සහිත පාර්සල භාරගත් බව මහ බැංකුව කියයි.එහි වටිනාකම රුපියල් බිලියනයක් පමණ වෙයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම රන්භාණ්ඩවල බර හා වටිනාකම තක්සේරු කර ඇත.
එම පාර්සල බාරගන්නා සෑම අවස්ථාවකදීම හමුදා නිලධාරියකු හා මහ බැංකුවේ විගණකවරයකු ඉදිරියේ එම රන්භාණ්ඩ පාර්සල්වල බර  මැන හමුදාවට රිසිට්පතක් ආකාරයෙන් වූ ලිපියක් නිකුත් කර ඇතැයි මහ බැංකුව කියයි.

පසුගිය වසරේ හමුදාව බාර දුන් ග්‍රෑම් 6003.132ක බරකින් යුත් එක් පාර්සලයක බර හා වටිනාකම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තක්සේරු කර නැතැයි මහ බැංකුව පිළිගනියි.

 “මෙම පාර්සල බාරගැනීමට පෙර පරීක්ෂා කර තිබුණේ නැහැ.රන් භාණ්ඩ බව කියන එම පාර්සල තවමත් මහ බැංකුවේ අත්අඩංගුවේ තිබෙනවා“යැයි මහ බැංකුව කියයි.
රන් භාණ්ඩ හා ආභරණ සැලකිය යුතු ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවේ පවතින බව සහකාර ලේකම් කුමාර මහතා පවසයි.

ආභරණවලින් යම් කොටසක් මහජන බැංකුවට අයිති බව එම බැංකුව ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කර තිබිණි.
රත්‍රන් භාණ්ඩවල නීත්‍යානුකූල අයිතිය සලකා බලා එම රත්‍රන් භාණ්ඩ අයිතිකරුවන්ට ලබාදුන් බව පසුගිය රජය ප්‍රකාශ කළේය.
 
 2377 දෙනකු නීත්‍යානූකූල අයිතිකරුවන් ලෙස හඳුනාගත් බවත් ඔවුන් එම රත්‍රන් භාණ්ඩ යුද සමයේදී එල්ටීටීඊ සතු බැංකු වෙත උකස් කර තිබූ බවත් රජය හඳුනා ගෙන තිබිණි.

අරලිය ගහ මන්දිරයේ දී පැවති උළෙලකදී රත්‍රන් භාණ්ඩ පවරා තිබුණේ නීත්‍යානූකූල අයිතිකරුවන්ගෙන් 25 දෙනකුට පමණි.



අදහස් (8)

රුපියල් බිලියනයක රන් අබරණ කඩිනමින් අයිතිකරුවන් වෙතට

Channa Sunday, 16 April 2017 06:35 AM

අවංකකම තරම් වටිනා දෙයක් නැහැ.

:       112       75

Don Sunday, 16 April 2017 07:12 AM

ගිය ආණ්ඩුව කළා කියලා නේද? මේ ආණ්ඩුවෙන් මිනිස්සු නොමග යැව්වේ...

:       217       257

chamika Sunday, 16 April 2017 10:42 AM

මේ මොන විහිළුවක්ද? අයිතිකාරයෙක් පිළිබඳව ඔප්පු කල හැකි සාක්ෂි කිසිවක් නැති නිසා මෙම රත්‍රං බෙදුවොත් ඇමති ගෝල බාල සෙට් එකක් මේක බෙදා ගනීවි. ඒත් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි මේ රත්‍රං උතුරේ දෙමළ ජනතාවගේ කියන එක. ඒක නිසා මේ රත්‍රං වලින් ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතය දියුණු කරන වැඩසටහනකට මේව යොදවන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය මහත්තයා මේ රත්‍රං ගත්තා කියල කියපු චෝදනාවට ආණ්ඩුවේ ඇම්බැට්ටයෝ එතුමාගෙන් සමාව ගන්න ඕනේ....

:       67       260

Pitigala Milano Sunday, 16 April 2017 10:57 AM

විශාල රන් තොගයක් හෙලිකොප්ටරයකින් කොළඹට රැගෙන ආ නියමුවා අද්භූත ලෙස යානය කඩා වැටී මියගියා නේද? ඒ රනුත් මේරනුත් එකම රන්ද? ඒ හැරෙන්නට තවත් රන් තිබේද?

:       48       91

චන්ද්‍රා Sunday, 16 April 2017 11:42 AM

ගිය ආණ්ඩුව හොරකම් කලා කියලා නේද මේ ආණ්ඩුවේ ගොඩක් අය කිව්වේ?

:       35       102

SSuanga Sunday, 16 April 2017 11:44 AM

දැන් මේවා ආපහු භාර දෙන්න උසාවි නියෝගයක් අවශ්‍ය නැද්ද?

:       0       48

ලපයා Sunday, 16 April 2017 12:46 PM

පහුගිය කාලේ වලවල් හෑරුවේ මේ රත්තරන් හංගල තියනවා කියල නේද? ජනතාව නොමඟ යවපු මෙහෙමත් යහපාලනයක් ජීවිතේට දැක්කේ නැහැ.

:       42       115

himal Sunday, 16 April 2017 01:57 PM

මේ ප්‍රවෘත්තියේ කියවෙන්නේ හමුදාවෙන් මහ බැංකුවට භාර දුන් රත්තරන් තොග කිහිපයක් ගැන විස්තර. නමුත් හමුදාව කොපමණ රත්තරන් සොයා ගත්තාද? ඒවාට කුමක් වුණිද ගැන මහ බැංකුවට කියන්න බෑ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1935 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site