
(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
නිදහස් ශ්‍රී ලංකාවෙි 26 වැනි අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දුන්නේය.
2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබා ගත් මොහොතක පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම දෛවයේ හාස්කමක් බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.
හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතායි.එය ලෝක වාර්තාවක් ලෙස ද සැලකේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු අද සවස ගිනිගෙන දැවෙන කුරුසිය කරට ගනු ඇත...!!
තවත් ලෝක වාර්තාවක් ලංකාවට... මේවට කොහෙන් හිනා වෙන්නද?
ගෝඨාභය අයින් වෙලා කොහේ කියලා යන්නද..? ඔක්කෝටම හිරේ යන්න වෙනවා.. එක්කෝ ගුටි කන්න වෙනවා. තමන්ගේ වාසියට මොනමොනවා හරි කරකර මේ වගේ ඉන්න වෙනවා. පොඩ්ඩක් හිතපල්ලා බන්... ආර්ථික අර්බුදය උග්‍ර වුණාම මැරුම් කන්න වෙන්නවා.. මහින්ද නම් කලින් අයින් වෙලා පණ බේරාගත්තා..!
කවුරු කොහොම කිව්වත් මේ වෙලාවේ රට ගොඩගන්න වෙනත් කිසිවකු නැහැ. දැන් කළයුතු වෙන්නේ රට ගැන හැඟීමක් තියෙන සියලු දෙනාම එකතුවෙලා රට හැදීමයි. කවුරු හරි කියන්නකෝ රනිල්ට රටේ හරියට පාලනයක් තිබුණේ කවද්ද කියලා...?
සමස්ත විපක්ෂයම තම වගකීම පැහැර හරිද්දී නිර්භයව ඊට මුහුණ දුන් රනිල් මහතාට අපගේ ප්‍රණාමය...!
දැන් ඉතින් රාජපක්ෂලාට නීතියෙන් දඬුවම් ලැබෙනවා බොරු. මේ ඔක්කොම එකවල්ලේ පොල්. මේ ඔක්කොම යාලුවෝ මල්ලී. අන්තිමට රටේ කොල්ලො කෙල්ලො දිවි හිමියෙන් අරගල කරලා ලබා ගත්තු දේ මේකද? මුන්දෑ මේ රටේ කීපාරක් අගමැතිකම් කෙරුවද? ඒ හැම වතාවේම මිනිස්සු මේ මනුස්සයගේ පාලනයට විරුද්ධව නැවත ඡන්දෙ පාවිච්චි කරලා ගෙදර යැව්වද? දැන් ආයේ ලැජ්ජා නැතුව මුන්දැ හොඳයිලු,... ගේමක් ගහලා රට ගොඩ ගනියිලු.
හොඳ දක්ෂයෙක්... අපේ නව අගමැති..!
තවමත් ගමේ දේශපාලනය ඉවර නෑ වගේ.. ආයෙත් රට පුරා කලබල කියලා කෑ ගහන්න එපා.
තවත් ඔලු මාරුවක්.. දැන් බලමු අර ජනතා නියෝජිතයෝ කියන අය, ඇත්තටම ජනතාවගේ මතය නියෝජනය කරන ජනතා නියෝජිතයෝද, නැතිනම් ඔවුන්ගේ කුලී හේවායෝද කියලා..? දැන්වත් පක්ෂ දේශපාලන ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය අවසන් නොකළොත් කවදාවත් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. දැන් අගමැති කෙනෙක් පත්කළ නිසා ඔවුන්ගේ කුලී ජනතා නියෝජිතයින්ට කියලා අනුමත කරවාගෙන විරෝධතාකරුවන්ට නෙලයි දුවන්න.
සුබපැතුම් ඔබට, නමුත් රටට සුබදැයි නොදනිමි...
අපරාදේ 69 ලක්ෂෙ ඡන්ද ටික. මහ බැංකුව හොරා කෑවා හා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි කියලා නේද ඔවුන් ගෝඨාභයට ඡන්දෙ දුන්නේ?
ඊළඟ පාර්ලිමේන්තුව වාරය 17 දින ආරම්භ වෙනවා. එදිනට ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමට යෝජනාවක් සාකච්ඡා කිරීමට තියෙනවා කියනවා නේද? ජනාධිපති එයින් පරාජය වෙන්න කැමති වේද? එහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ..?
රාජපක්ෂලා අමාරුවේ වැටුණු හැම අවස්ථාවකම ඔවුන් බේරාගෙන ඔවුන්ට ඔක්සිජන් දෙන්න රනිල් ඉදිරිපත් වේ. රනිල් හොඳ නෑ කියමින් උඩපැනපු සිරිසේන ප්‍රමුඛ පොහොට්ටු කාරයින්ට මේක හොඳ නිග්‍රහයකි. දැන් ඉතින් හොරු ඇල්ලීම සිහිනයකි.
අළුත් සටන් පාඨ - ‘‘මිස්ටර් බීන් ගෝ හෝම්‘‘, ‘‘බෝංචියාගෝගම‘‘, ‘‘බෝංචියා ගෝ හෝම්‘‘...
මෙන්න දිවුරුම් දීමෙන් පසු රටට ආදායම ලබාගන්නා ක්‍රමවේදයන්... නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණක් දෙන්න. ඉන්පසු විශ්ව විද්‍යාලවල ඉගෙනුමට වසරකට මුදලක් අය කරන්න..! මහපොළ දීමනා ලබා ගනී නම් රැකියාවකට ගියාට පසු අවුරුදු 10ක් ඇතුළත ඒ මුදල 2% පොලී අනුපාතයක් ඇතුළත් කර ගෙවන්න කියන්න..! සෑම කෙනෙකුගෙන්ම 15% වාර්ෂික බද්දක් අයකරන්න. ටියුෂන් ගුරුවරු හා චැනල් සෙන්ටර් දොස්තර වරුන්ගෙන් 25% ආදායම් බද්දක් අය කරන්න. පාසල් කාලය උදේ 7:30 සිට දවල් 3:45 දක්වා දික්කරන්න. 'යූ-ටියුබ්' චැනල් හදලා ලොකු ආදායමක් හොයන අයගෙන් බද්දක් අයකරන්න! දිනපතා තදාසන්න නගරයට ඇතුලුවන විට [රජයේ හා පාසල් වාහන හැර] අනිත් හැම වාහනයකින්ම ඇතල් වීමේ ගාස්තුවක් අය කරන්න..! කසල පාරේ දාන අයට දඩමුදලක් අය කරන්න... පොලිතීන්/ ප්ලාස්ටික් නම් දඩමුදල දෙගුණ කරන්න..
ලෝක වාර්තාවක් පිහිටුවමින් 6වැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ රනිල්ට අපේ උණුසුම් සුබපැතුම්..! කෙසේ වුණත් ඔබගේ තනතුර පහසු එකක් නොවනු ඇත. වලිගයට ගිනි තබාගෙන එමගින් රටම ගිනිබත් කළ රාජපක්ෂ හතුරන් රංචුව තවම පාර්ලිමේන්තුව ඇතුලේ බව අමතක නොකරන්න.
සජිත්, රනිල් මහාවංශයෙන් අහෝ... පියාණෝ නොදුටු පුතාණෝ...!
ඇලිස් දුටු විශ්ම ලන්තය...
ඔන්න මම හැමදාමත් කිව්වා අවබෝධතා ගිවිසුමේ ප්‍රතිඵල. දැන්වත් පිළිගන්නවද අපි රැවටිලා කියලා.. ඔවුන්ගේ නියෝජිතයින්ට අපි කතිරෙ ගහනවා වෙනුවට අපේම නියෝජිතයින් පාර්ලිමේන්තු යවන්න ක්‍රමයක් හෝ වෙනත් ස්වාධීන පක්ෂයක් පිහිටුවාගන්නේ නැතිව මේ උගුලෙන් ගැලවෙන්නට බැහැ.
හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා.
හැමදාමත් ඔය කහපාට ටයිඑකමනේ...! වෙන එකක් නැතිද?
ජෙප්පන්, සජියා බොරදියේ මාලු බාලා, මිනිස්සු එකාපිට එකා මළත් මස් රාත්තලම ඉල්ලා සිටිද්දී, ජනාධිපති පුටුවට කෙළ හලද්දී, අගමැතිකම ගත්තත් කරන්න තියෙන්නේ පට්ටම අමාරු වැඩක් බවත් තමන්ටත් මිනිස්සුන්ගෙන් ඕනෑතරම් නින්දා අපහාස විඳින්න වෙන බවත් දැනදැනම මේ වෙලාවේ අගමැතිකම ගත්තු තමුන්නැහැ ගැන අපට සතුටුයි. ඔබට චෝදනා තියෙනවා තමයි. ඒත් බංකොළොත් බව කියන වැද්දා දැල දාලා තියෙන වෙලාවේ කකුල පෑගිච්චි එක හොයන්න කලින් දැල උස්සන් පියාඹලා හිටපල්ලා. නැත්තන් අපිට වෙන්නේ වටු සුප් වෙන්න. බේරිලා ගියාට පස්සේ බලමු කකුල පෑගුවේ කව්ද කියලා...
අපිට දැන් අරගල කරලා මහන්සියි. අපේ රටට ඉක්මණින්ම මේ ඉන්ධන, විදුලිය, ගෑස් හා කෑම ප්‍රශ්නයෙන් මිදෙන්න හැකියාව ලැබේවා...!
පුරවැසියා නම් සතුරාට එරෙහිව දිවයින පුරා ඇඳිරි නිතිය පනවා, යුද ටැංකි, බර අවි සහිත සන්නද්ධ හමුදා ආරක්ෂාව යොදවා, ජනමතය තුට්ටුවකට මායිම් නොකර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති විසින් අභිනව අගමැතිවරයෙක් පත්කළ වගයි. ප්‍රීතියි..!
සුබපැතුම් සර්...!
ලෝක වාර්තාවක් තබමින් හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවතින සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීමට නායකත්වය ගැනීම අගය කළයුතු වෙමු. රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් දේශපාලනයෙන් සමුගෙන සිටියේ නම් මෙවන් විරල අවස්ථාව කිසිදිනෙක ශ්‍රී ලංකාවේ ඇති නොවන්නට හෝ කිසිවකු සිස්ටම් චේන්ජ් පිළිබඳව කතා නොකරන්නට ඉඩ තිබිණි. වසර 40කට වඩා දේශපාලන අද්දැකීම් සහිත පක්ෂ විපක්ෂ ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු යටතේ වගකිවයුතු කැබිනට් ඇමති තනතුරු දැරූ එතුමාට අවංක, විස්වාසනීය, රට වෙනුවෙන් කැපවීමෙන් රට මුහුණ දී තිබෙන්නා වූ අර්බුද සඳහා මුහුණ දියහැකි කණ්ඩායමකට නායකත්වය ලබද්දීම සහ ඔවුන්ගෙන් උපරිම සේවය ලබාගැනීම සහ මේ වනවිට ඉතාම අසරණව සිටින්නා වූ කුඩා දරුවාගේ කිරිපිටි සහ ජන ජීවිතය ගෙනයාම සඳහා අත්‍යාවශ්‍ය සියල්ල ලබාගැනීමට හැකි වාතාවරණයක් කරගැනීම මේ මොහොතේ සිදුවිය යුතුම වේ...
අපේ සුබ පැතුම්...!
රටක ආර්ථික සහ සමාජීය අර්බුද මතු වූ අවස්ථාවන්හිදී රටේ පුරවැසියන් වෙනුවෙන් වගකීම් ගැනීමට "කොන්දේසි" ඉදිරිපත් කරන්නා වූ දේශපාලන නායකයින් කියාගන්නා පිරිස් සිටින රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැදිහත් වීම අගය කරමු. එය රටේ පුරවැසියන් පමණක් නොව විදේශීය තානාපති අංශවලද පැසසුමට ලක්වනු ඇත. එමෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයා අවසාන මොහොතේ හෝ වගකීමක් ගතහැකි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධුරය බාරගැනීමට අරාධනා කිරීම අගය කරමු..
දෙකයි, පහයි හතයි. ඒකයි 25 වෙනියාගෙන් රටටම හත වැදුණේ.. බලමු 26 වැනියා කොහොම කරයිද කියලා..!
අනේ මෙහෙමත් නාඩගම්..! මහබැංකුව හොරාකාලා ආවා රාජපක්ෂ සනුහරේ ආරක්ෂා කරන්න.
අභියෝගවලට මුහුණ දීමට බියක් නැති පුද්ගලයෙක්... ඔයාට දෙවි පිහිටයි...!!!
සජිත්ට අභිනව ආණ්ඩුවේ විදුලිබල සහ බලශක්ති ඇමතිකම දෙන්න. මේ දිනවල අපට වැඩියෙන්ම විදේශ විනිමය වැයවෙන්නේ ඛනිජතෙල් ආනයන සඳහායි. මෙතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධකම් පාවිච්චි කර වසර දෙකක් පුරාවට නොමිලේ ඛනිජ තෙල් ලබාදීමට රටවල් 2 ක් එකඟ වී ඇති බව එතුමා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකශ කළා. තෙල් නොමිලේ වසර 2ක් අපට ලැබුණොත් අනෙකුත් ප්‍රධාන ආනයනවලට (ගෑස්, බෙහෙත්, පෝර සහ කිරිපිටි) ඒ මුදල් යොදවන්න පුළුවන් නේද? කරුණාකර මහනායක ස්වාමීන් වහන්සේලා, අතිඋතුම් කාදිනල් වහන්සේ, ගෝල්ෆේස් අරගල කරුවන්, දේශපාලන පක්ෂ සහ මහජනතාව ජනාධිපතිතුමාව සහ නව අගමැතිතුමාව මේ ගැන අනිවාර්ය වියයුතු දෙයක් ලෙස සලකා ප්‍රබල බලපෑමක් කළයුතුමයි. මේ ඇමැතිකම සජිත් මහතාට නොදුන්නොත් වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, ස්ටාලින්, කුමුදේශ් සහ මොටිවේශන් අප්පච්චි ඇතුලු පිරිස සමග නොනවතින වැඩවර් ජනයකට යා යුතුමයි...
මං ඔබට ඡන්දයක් නම් දීලාම නෑ.. ඒත් මේ වෙලාවේ මේ කුණු ගොඩක් බාරගන්න ලොකු ගටක් තියෙන්න ඕනෑ. අපි දරුපවුල් කාරයින්. ටුවරිස්ට් ෆීල්ඩ් එක ඉවරයි. දරුවන් ඉස්කෝලේ යනවා. මොනවා හෝ කරන්න ලැබේවා..!
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. අරහේ මිනිස්සු ගෑස් පෝලිමේ දිවුරනවා...