IMG-LOGO

රිදී බැඳි ඇල්ල කැඩේ

දැදුරු ඔයද රිදී බැඳි ඇල්ලද පිටාර ගැලීමෙන් පාදෙනිය අනුරාධපුර මාර්ගය අඩි 10ක් දක්වා ජලයෙන් යටවී තිබේ. අඩු ගණනේ ගෙවල් 100ක් යටවී ඇත. රිදී බැඳි ඇල්ල තැන් කීපයකින් පුපුරා කැඩී ගං වතුර ගලයි. රිදීබැඳිඇල්ලේ ගෙවල් 40ක් 50ක් පමණ යටවී ඇත. පාදෙනිය අනුරාධපුර පාරේ වාහන ගමනා ගමනය නැවතී ඇති හෙයින් නිකවැරටිය දළදාගම විකල්ප මාර්ගය තෝරා ගන්නැයි රියැදුරන්ට උපදෙස් දෙයි. නිකවැරටිය පුත්තලම මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනය නතර වී ඇත.



අදහස් (0)

රිදී බැඳි ඇල්ල කැඩේ

ප්‍රසන්න Tuesday, 18 December 2012 05:55 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රජිත් Tuesday, 18 December 2012 01:13 PM

නඩරාජා ඔබ හරියටම හරි , තව ඔහොම නොවයි මිනිස්සු අපරාද කරන්න කරන්න ස්වභාවධර්මය තවත් දඩුවම් දෙනවා , (ස)

:       0       0

පාලි Tuesday, 18 December 2012 01:46 PM

අපේ දුක හදුනා ගත්තාට ඔබට බොහොම ස්තූතියි මාර්ස්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 19 December 2012 08:00 AM

මින් පෙනෙන්නේ මේවාට කිසිම නඩත්තුවක් නැති බව නොවේද? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 18 December 2012 02:05 PM

අපරාදේ මේ පාර හොඳට හදලා ඉවර උනා විතරයි (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 December 2012 07:40 PM

වරද කාගේද? (නි)

:       0       0

රවී Tuesday, 18 December 2012 04:09 PM

කවුරුවත් ඉක්මන් ප්‍රතිකර්මයක් කරන පාටක් නම් නැහැ. (නි)

:       0       0

අචිනි Tuesday, 18 December 2012 10:26 AM

අයියෝ .. ඕවා මොනවද කාර් රේස් තියෙන කාලේ.. සතුටුවෙලා ඉන්න තියෙන්නේ (ස)

:       0       0

සෝමා Tuesday, 18 December 2012 10:52 AM

කවුරුත් මැරිලා නෑ නේද (ස)

:       0       0

සරත් Tuesday, 18 December 2012 11:25 AM

කාලයක් ඉඩෝරෙ කාලයක් ගංවතුර ඇයි මේ..!(නු)

:       0       0

පාලි ඩුබායි Tuesday, 18 December 2012 11:29 AM

අචිනි.. සෝමා ඔයාලා විහිළුවට ගන්න එපා ස්වාභාවධර්මය.. මොකද මම ඉන්නේ ඩුබායිවල.. අපිට කවදාවත් මේවගේ වෙලා නැහැ.. මගේ පවුලේ අය ගොඩක් දුකින් ඉන්නේ.. කාර් රේස් වෙනයි..ක්‍රිකට් වෙනයි.. ගංවතුර වෙනයි.. සුළිසුළං වෙනයි.. අපි කවුරු මැරෙනවා.. ඒක හිතට ගන්න..! (ස)

:       0       0

නඩරාජා Tuesday, 18 December 2012 11:40 AM

මිනිසුන් කරන අපරාධවල ප්‍රතිඵල තමයි මේවා..!(නු)

:       0       0

අනුර Tuesday, 18 December 2012 11:45 AM

හැම දේටම වැරදි විදියට බලන්න එපා.. ගංවතුරක් ආවත් ආණ්ඩුවට බණිනවා..!(නු)

:       0       0

දමිත් පානම Tuesday, 18 December 2012 11:46 AM

ගංවතුරෙන් අවතැන් වන අයට මොකද කරන්නේ..?(නු)

:       0       0

රුවන් Tuesday, 18 December 2012 11:53 AM

අන්තිමට බලන්න වෙලා තියෙන විනාසේ (දී)

:       0       0

මාර්ස් Tuesday, 18 December 2012 12:06 PM

අපිට දුක දෑනෙන නිසා තමා කාර් රේස් වලට ගිය සල්ලි මේ දුප්දුපත් අය වෙනුවෙන් යොදවන්න කියන්නේ. ඩුබායි ඉදගෙන කිඹුල් කඳුළු හලන්න එපා පාලි. දේශපාලනේ රට කනවා. ඔයා කඩේ යනවා. (නි)

:       0       0

චම්පික Tuesday, 18 December 2012 12:32 PM

ලෝකයට වරින්වර විපත් සිදුවන ආකාරය බුදු හාමුදුරුවෝ එක සූත්‍රයක දේශනා කර තිබෙනවා. කාලයකට ලෝකෙ මිනිස්සු විනාස වෙන්නෙ යුද්ද නිසා. ඉන් පසු කාලයකදි ස්වාභාවික විපත් නිසා. ඉන් පසු අමනුශ්‍ය කරදර නිසා. මම හිතන්නෙ දැන් ස්වාභාවික විපත් නිසා විනාසෙ සිදුවෙන කාලේ ඇවිල්ලා වගේ.(ස)

:       0       0

චානක Tuesday, 18 December 2012 12:37 PM

හෙට අනිද්දා බෝට්ටු වල බඩු අඩු කරලා බෝට්ටු රේස් තියාවිද දන්නේ නෑ (ස)

:       0       0

අනුලා Tuesday, 18 December 2012 12:36 PM

කිසිම කෙනෙකුට මොනයම්ම හෝ විපතක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site