IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රතු වී ගැන හම්බන්තොට මැසිවිලි

(සනත් ගමගේ)

2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එවන් පසු බිමක රතු නාඩු අමු වි කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිළකට විවිධ පුද්ගලයන්  මිළදි ගැනිම සිදුකෙරේ.

එසේ මිලදි ගන්නා වි පෞද්ගලික හාල් මෝල්වල කොටා රුපියල් 290 - 300 අතර මිලකට වෙළඳ පොළට නිකුත් කෙරේ.

සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිනිමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිළගණන් යටතේ පාරිභෝගිකයන් මිලදි ගනී.

මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක  රජය තවමත් වි සඳහා සහතික මිලක් නියම නොකිරිම පාලන මිල අභිබවා සහල් මිල ඉහළ යැම පාලනය කිරිමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත්නොවීම ගොවි සංවිධාන සහ සහල් මෝල් හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලෙක්ම බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා මහතා අද පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි සහල් මිල ගැන  කියා සිටියේ රජය ස්ථාවර මිලක් වි සඳහා ඉදිරි දිනවල ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වි සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වි අස්වනු මහ පරිමාන වශයෙන් නෙළිමට තවත් කාලයක් ගතවෙනවා. සුළු වශයෙන් නෙළිම සිදුවෙනවා. දැනට රටේ විවිධ ප්‍රදේශවල පවතින කාළගුණික තත්ත්වයද සැලකිල්ලට ගෙන වී මිල තීරණය කිරිම සිදුකෙරෙන හෙයින් ඉදිරියේ දි සහල් මිලය නියම කිරීමෙන් පසුව එම මිලගණන් යටත් වි අලෙවි මණ්ඩලය මගින් වි මිලදි ගන්නවා.ඒ සඳහා ගබඩා පහසුකම් සියල්ල සකස් කර අවසන් වි තිබෙනවා.



අදහස් (3)

රතු වී ගැන හම්බන්තොට මැසිවිලි

කයිය Tuesday, 21 January 2025 10:27 PM

කයිය විතරයි වැඩ නෑ.

:       20       38

Lalla Wednesday, 22 January 2025 11:15 AM

සුදුහාල් බත් කන්නම බැරිද? වෙනස් වෙන්න බැරිකම විනාශයට මුල.. ස්වභාවික වරණය..... දකුණේ විනාශය...

:       9       0

karolisWednesday, 22 January 2025 03:54 PM

කලින් ආණ්ඩු තියෙද්දී රතු හාල් කාපු මිනිස්සු ඇයි මාලිමාව ආවාම සුදු හාල් කන්නේ? මාලිමාව පොරොන්දු වුනේ සියල්ල දෙනවා කියලානේ..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site