(ඩි.ජී.සුගතපාල)
රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ පාවෙමින් තිබු අත් පා ගැට ගසන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද රාත්‍රි ගොඩට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපිනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි පුද්ගලයාගේ බවට හඳුනා ගෙන ඇත.
කලපුවෙ මළ සිරුරක් පාවෙන බවට ලැබුන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරින් ගොස් මළ සිරුර ගොඩට ගෙන ආදාහනාගරය අසල තබා ඇත.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය හෙට සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

COMMENTS