‘මම ඔබට විදුලිය දුන්නේ කළුවරේ ඉන්න නොවෙයි. ඔබ අදුරෙන් එළියයට එන්න ඕනෑ යුගය ඇවිත්. වෛරය ක්‍රෝධය පතුරුවන්න ලේසියි. ජාති වාදය ආගම් වාදය පතරුවන් ලෙසියි. ඒ පතුරවන අයගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා බැලුවොත් ඒ අය ඉන්නේ එංගලන්තේ, ඇමරිකාවේ හෝ කැනඩාවේ. මම මේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පළාත දියුණු කරන්න රට දියුණු කරන්න අපත් සමග අත්වැල් බැද ගන්න කියා. ‘ මහින්ද රාජපක්ෂ ජනපති අද කිලිනොච්චියේ රැලියක් අමතමින් පැවසීය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද පැමිණ සිටියේය.
‘අපි දුක් වින්දා ඇති. අපේ අම්මලා නැතිවෙලා, තත්තලා නැති වෙලා ඉන්නවා. අපට නැතව එවැනි යුගයක් ඕනෑද කියා හදවතින් හහලා බලන්න. දැන් සංවාර්ධන ඇරැඹුණා. ඔබේ දරුවාට හොද අධ්‍යාපනයක් දෙන්න අපි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. තරුණයන් එක්ලක්ෂ පනස් දහසකට රැකියා දෙන්න මම කටයුතු කර තිබෙනවා.
අපි සියලු දෙනා අත්වැල් බැදගෙන මේ ගමන යන්නේ ඔබේ ජීවිතය සැපවත් කරන්නයි. ඔබට ලබා දිය යුතු දේ ලබා දෙනවා. ඉඩම් ඔප්පු, රත්තරන් ලබා දුන්නා වගේ අපි ක්‍රමානුකුලව වැඩ කටයුතු කරගෙන යනවා. ‘
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට හදන්න එකතුවන්න
සිරිසේන Saturday, 20 December 2014 10:17 AM
රට හදන්න සියලු දෙනා එකතු වෙන්න.(හේ)
මොහොමඩ් කාන් Saturday, 20 December 2014 10:38 AM
හැම දෙයක්ම වැරදියට හිතන්නේ ඇයි.(හේ)
හෆීල් Friday, 19 December 2014 03:19 PM
නමුත් අද පොදු අපේක්ෂක මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති එළිදක්වෙද්දී විදුලිය විසන්ධි කලානේ. මේක වෛරය ක්‍රෝධ දේශපාලනය නැවෙයිද? (අ)
සරත් Friday, 19 December 2014 03:24 PM
කතාවේ නම් පුදුම විනිවිද බාවයක් තියෙන්නේ. (හේ)
චමින්ද Friday, 19 December 2014 03:31 PM
දුෂණයෙන් හා වංචාවෙන් තොර ලස්සන ශ්‍රි ලංකාවක් බිහිවේවා.(හේ)
ලාල් Friday, 19 December 2014 04:17 PM
අපි මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය සඳහා එකතුවෙමු. (නි)
පරාක්‍රම Friday, 19 December 2014 06:27 PM
මෙවැනි යුගයක් තිබුනොත් හොඳද කියලා හදවතින්ම අහලා බලන්න (නි)
සමන්ති Saturday, 20 December 2014 01:48 PM
ජාතිවාදය පතුරන අය ඉන්නේ කොහෙද? ආණ්ඩුව තියෙන්නේ පාට පක්ෂ බේදයෙන් තොරව වැඩ කරන්න නේද? (නි)
වරුණ Friday, 19 December 2014 11:45 PM
ඔබ ඇත්තෙන්ම අවංකයි (නි)
ඉදුනිල් Saturday, 20 December 2014 12:31 AM
ලස්සන කතාවක්. හදවතටම වදිනවා (නි)
ලුම්බිණි Saturday, 20 December 2014 01:11 AM
කතාව විදියට වැඩත් වෙනවා නම් අපි හරි සතුටුයි (නි)
කමල් Saturday, 20 December 2014 02:37 AM
අපි ඔබ සමඟයි (නි)
හසිත් Saturday, 20 December 2014 02:45 AM
මේ රැස්වීම් වල හැමතැනටම ආලෝකය පැතිරෙනවා. (නි)
ලලිත් Saturday, 20 December 2014 03:06 AM
ඔය කියන ආලෝකය සමහරුන්ගේ රැස්වීම් වලදී නැත්තේ මොකද කියල මම මේ කල්පනා කරන්නේ. (නදී)
බුවනෙක Saturday, 20 December 2014 03:07 AM
තමන්ගේ පැත්තේ අයට විතරක් ආලෝකය නොදී හැමෝටම දුන්නොත් නේද හොඳ ? (නදී)
මංගල Saturday, 20 December 2014 04:52 AM
ජනපතිතුමා එක්ක එකතු වෙන්න.(හේ)
තිලක් ඩුබායි Saturday, 20 December 2014 05:41 AM
අන්න අනුර කුමාර දිසානායකගේ කතාවක් යු ටුබේ එකේ තියෙනවා.පුලුවන්නම් බලන්න. (අ)
අජිත් කරුණාරත්න Saturday, 20 December 2014 07:04 AM
ජනතාවගේ අවශ්‍යතාවයන් කරන්න නේන්නම් ඔබ තුමාලව පත් කරගන්නේ. මම අරක දුන්නා මේක දුන්නා කියා කියා ඉන්නත් දෙයක්ද? ජනතාවවෙනුවෙන් වැඩ කරන එක ඕනෙම පක්ෂෙක දේශපාලකයකු කලයුතු දෙයක්. යුතුකමක්. (අ)