
(ආරියරත්න රණබාහු )
භාණ්ඩාගාරයට එන හැම ශතයක්ම රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදී පැවසීය.
ජාතික ජනබලවේගයේ ඡන්ද ව්‍යාපාරය ජනතාව කරටගෙන දුවන බව පැවසූ දිසානායක මහතා එය මෙතෙක් මේ රටේ පැවැති තට්ටු මාරුයි දේශපාලන ක්‍රමයට දුන් හොඳ පිළිතුරක් යැයිද කීය
රට අනුරට තේමාව යටතේබදුල්ලේ නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් ඒ බව පැවසූ දිසානායක මහතා එහිදී මෙසේද කීය
මෙවර ඡන්දයේ විශේෂයක් තිබෙනවා. මීට කලින් අනෙක් පක්ෂ ඡන්ද කළේ කන්න දෙනවා. බොන්න දෙනවා, කාර්යාලයක් දාන්න 50,000ක් දෙනවා. රස්සාවක් දෙන්නම් කියනවා. සිමෙන්ති කොට්ට දෙකක් දෙන්නම්, තහඩු දෙන්නම්, වැඩ කරන්න කියලා ඉල්ලමින් තමයි මෙච්චර කල් ඔවුන් ඡන්ද කළේ. හැබැයි අද ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය අර කිසිවක් නැතිව මේ රටේ පොදු ජනතාව කරට අරගෙන කරගෙන යනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි පොදු ජනතාව මේ විදිහට ඡන්ද ව්‍යාපාරයක් තමන්ගේ කරට අරන් දුවන්නේ.
මේ රටට ඇති වෙමින් තිබෙන අනතුරුදායක තත්වය ජාතික ජන බලවේගයේ අපි දැක්කා. ඒ වගේම මීට අවුරුදු දෙතුනකට කලින් අපට මේ රටේ බලය ගන්න පුළුවන් කියන එකත් අපි දැක්කා. ඒ විශ්වාසය අපි තුළ ඇති වුණා. ඒ වගේම එළැඹෙන ඕනෑම මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ගන්න අවස්ථාව තිබෙන බවත් අපි දැක්කා. අනෙක් පක්ෂ සුපුරුදු විදිහට මේ බල මාරුව වෙයි කියලා කල්පනා කර කර හිටියා. සජිතුත් ඔහොම කල්පනා කර කර හිටියා. වෙනදා සූත්‍රය අනුව බලය එයාගේ අතට කඩාපාත්වෙයි කියලා එයා හිතුවා. එයා ලෝකයේ නැති දේවල් කිය කිය හිටියා. ජාතික ජන බලවේගයේ අපි මේ රට සැලසුම් සහගතව ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා කමිටු 36ක් පමණ පත් කළා. ගම්වලට ගියා. සම්පත් සොයා බැලුවා. ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවයන් සොයා බැලුවා. ලෝකයේ අනාගත පුරෝකථනයන් අධ්‍යයනය කළා. එහෙම කරලා ඉතාම දියුණු ශක්තිමත් පිටු 231ක වැඩපිළිවෙළක් අපි රටට ඉදිරිපත් කළා. ඒ වගේ ආණ්ඩුව ගත්තහම වැඩේ කරන්න පුළුවන්, ඒ ඒ විෂයයන් පිළිබඳව දැනුම තිබෙන අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් කණ්ඩායමකුත් අපි පිළිවෙළට තෝරා ගත්තා. හැම ග්‍රාමසේවක වසමකම කොට්ඨාස සභාවක් අපි හැදුවා. හදලා ඉවර වෙලා අපි අපේ කට්ටියට කිවුවා අනෙක් පාක්ෂිකයන් හමුවන්න. ඒ අය සමග කතා කරන්න. ඒ අය දිනාගන්න කියලා. රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව එකතු කරලා අද ජාතික ජන බලවේගය කියලා ශක්තිමත් ව්‍යාපාරයක් අප විසින් ගොඩනඟලා තිබෙනවා. අර ගොල්ලෝ පුරුදු සෙල්ලම කර කර හිටියා. ඒ ගොල්ලෝ හිතුවා ඡන්ද කාලෙ මාස එක හමාරක් ඇතුළෙ මේ ගේම ගහන්න පුළුවන් වෙයි කියලා.
මහජන ධනය හොරා කාලා සුඛෝපභෝගී රථවලින් ජැන්ඩියට ඇඳ පැළඳගෙන ඇවිල්ලා වාහනයෙන් බහින කොට එදා ජනතාව හිතුවා මේ තමයි උත්තමයෝ කියලා. අද මොකද වෙලා තිබෙන්නේ. අද ගමට බහින කොටම දන්නවා මේ පට්ට හොරෙක් කියලා. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් රනිල්ගෙ පිලෙත්, සජිත්ගේ පිලෙත් දෙවන පෙළේ කට්ටිය යටින යටින් සාකච්ඡාවක් පටන් අරන් තිබෙනවා. ‘අපට මාර වැඩේ වෙන්නේ. අපි බෙදිලා හිටියොත් අපි අමාරුවේ. ජාතික ජන බලවේගය දිනනවා. ඒ නිසා එකට එකතු වෙන්න ඕනැ’ කියලා. අර පැත්තෙන් මද්දුම බණ්ඩාර කෝල් එනවා. මේ පැත්තෙන් සාගලගේ නෝනාට කෝල් එනවා. දැන් දෙගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් පරක්කු වැඩියි තමයි කියලා.
දැන් රනිල් වික්‍රමසිංහ අන්තිම සතියෙ තොග ගණන් ටී.වී. දැන්වීම් දාන්න සැලසුමක් හදා තිබෙනවා. විශාල ධනස්කන්ධයක් වියදම් කරලා, 88-89 ගැන අපිට මඩ වදින විදිහට. දැනට දැන්වීම් හදන්න දීලා. ටී.වී.වල පත්තරවල දාන්න. දැන් මොකද වෙලා තිබෙන්නේ. හදන්න ගත්තු කෙනා මට කතාකරලා කියනවා මෙහෙම වැඩක් යනවා සහෝදරයා, බදුල්ල රැස්වීමේදී මේක කියන්න කියලා. දැන් අපිට විරුද්ධව අවලාද පටන් අරන්. රනිල් වික්‍රමසිංහ අපිට විරුද්ධව ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි රට වැටිච්ච වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මටත් ආරාධනා කළාලු ආණ්ඩුව බාර ගන්න කියලා. නමුත් මම හැංගුණාලු. සමහරු හිතනවා මේක ඇත්ත කියලා. මම රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. එහෙම දෙයක් මටවත් අපේ කණ්ඩායමටවත් කතා කරලා හෝ ටෙලිෆෝන් කරලා හෝ වෙන මොන ක්‍රමයකට හරි කියලා තිබෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න කියලා. රනිල් බොරු කියන බව අපි දන්නවා. නමුත් රනිල් ඒවා ඔයාගෙ ජනාධිපතිකමට තරම් නෙමෙයි.
දෙවෙනි කාරණය තමයි එයා කියනවා ඒ ගොල්ලෝ නැත්නම් රට අමාරුවේ වැටෙයි. කියලා. මහින්ද එක කාලයක් කිවුවා එයා දිනුවේ නැත්නම් රටේ උසස් හමුදා නිලධාරීන් විදුලි පුටුවල ඉන්දවයි කියලා. නැතිනම් තමා පැරදුනොත් එයාව විදුලි පුටුවෙ වාඩි කරයි කියලා. ඊට පස්සේ කිවුවා මහින්ද ආවෙ නැතිනම් ජාතිය අනතුරේ. ජාතිය බේරා ගන්න එයා දිනවන්න ඕනෑ කියලා. දැන් රනිල් කියනවා එයා ආවේ නැත්නම් ගෑස් එක අනතුරේ. කියලා. ගෑස් සිලින්ඩරේ පුපුරණවලු. ගෑස් සිලින්ඩරේ පිපුරුවේ දැන් ඔය රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්න අය බලයේ හිටපු කාලේ. රනිල් කියනවා එයා ආවෙ නැත්නම් රට වැටෙනවාලු. තවත් කොහාටද මේ රට වැටෙන්න තියෙන්නේ. රනිල්ලා මේ රට වැට්ටුවා.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න ප්‍රවීණ කලා ශිල්පී බුද්ධදාස විතානාරච්චි යන මහත්වරු ඇතුළු තවත් කීප දෙනෙක්ද කතා කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF කියන විදිහටද නැත්තන් 13 සම්පූරණ කරලා ඉඩම් පොලිස් බලතල දීලා සුමන්ලා කියන විදිහටද බ්‍රෝ...?
තවමත් බලය ලබානොගත් එකම කණ්ඩායම ජාතික ජනබලවේගයයි. කලින් බලය ලබපු අය... කරපු දේවල් ජනතාව හොඳින්ම දන්නවා. ඒ නිසා කියන දේවල් ඒ ලෙසම කරනවාද කියලා දැනගන්න මෙවර මාලිමාව දිනුවොත් දැනගන්න පුළුවන්. හැබැයි වරද්දා ගත්තොත් අර 3% වත් ආයේනම් ලැබෙන එකක් නැහැ.
13 දෙනවා කිව්වේ සජිත්නේ බ්‍රෝ, බිල්ලෝ හැමතැනම...!
නරියා සහ කේජු කෑල්ල කතාව මතක් වෙනවා...
මෙයාලාටත් බලය දේවි ජනතාව... එතකොට කියන විදිහට රට කළොත් හරි. නැත්නම් තියෙන එකත් නැති වේවි. අන්ධව පක්ෂ බදාගෙන නොඉන්න ජනතාවක් රටේ ඉන්නවා. එයාලා තමයි තීරක බලවේගය වෙන්නේ...!
ඒ කියන්නේ මෙතකේ කල් රටේ සහ ජනතාවගේ යහපතට වැඩ කරලා නෑ කියන එක නේද? තමුන් ගැනයි, පක්ෂය ගැනයි විතරයි වැඩ කරලා තියෙන්නේ!
"මීට පස්සේ නම් "රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා කියලා කිව්වානම් තමයි හරියටම නිවැරදි මොකද මෙච්චර කාලයක් කරේ රටට මිනිස්සුන්ට හිරිහැර වෙන දේවල්මනේ....
අනුර යනු අඟහරු ලෝකයෙන් පැමිණි පිටසක්වල ජීවියෙකි...
අතීතයේ අපි කරන ලද වැරදි ගැන පසුතැවිලි වෙනවා ඉදිරියේදී අපි ජනතාවගේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා කියල කිව්වනම් තමයි නිවැරදි
කට්ටිය කියනවා අත්දැකීම් නැතුව දේශපාලනය කරන්න බෑ කියලා. එමිල් සැටෝපික් ඔලිම්පික් වලට සහභාගී වෙනකොට දන්නේ නෑ... මැරතන් දුවන විදිය හැබැයි තරඟය අවසන් කරන්නේ රන් පදක්කමක් ඇතුව. අත්හදා බැලීමයි වැදගත්...!
ජනතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි. අප සතු නිදහස කොමියුනිස්ට් අදහස් සහිත පක්ෂයක ග්‍රහණයට යටත් කළොත් නැවත වෙන්නේ අල බතල කන, සමුපකාර පෝලිම් වල ලගින්න වෙන පාලනයක් ඇතිවෙන එක. එල වුණත් ඉන්දියාව නොඉවසන නිසා ඉල්ලගෙන කන්න. අනුර කුමාර ඇයි දැන් ඕවා කියන්නේ? එදා බංකොලොත් රට අරගෙන ණය ගෙවලා බංකොලොත් බවින් මුදාගන්න තිබුණානේ...! ඔය වේදිකාවේ කයිය ගහන එක ලේසි වුණා කියලා රටක් පාලනය කරන්න බෑ. අනුර කුමාරගේ ගෙදරින් ගෙනත් කළොත් මිසක් රටක් ගෙනියන්න සල්ලි නෑ. ගිය සැරේ ගෝඨාභය ඇවිත් ලොකු ටෝක් දීලා කලේත් රනිල් සහ ඔහුගේ කණ්ඩායම භාණ්ඩාගාරයේ ඉතුරු කරලා ගිය සංචිත හිඳෙනකම් වියදම් කරලා රට බංකොලොත් වුණාම පැනලා ගිය එක. ජනතාව අපි කියන දේ ඇහුවේ නැත්නම් ආයෙමත් වෙන්නේ ඒක. බටහිර රටවල් සත පහකින් උදව් නොකරන විට රටේ ජනතාවට සිදුවනු ඇත්තේ යෝජිත කොමියුන්වල හදන මයියොක්කා කෑමටයි. තීරණය ඔබ අතයි...
අපි හොඳට හිතලා කතිරය දෙමු...!
හොරුන්ට කඩේ යන අය නම්. මීහරක් පොඩිළමයා පවා දන්නවා මේ නඩේ හොරා කාපු හැටි... මහ අයට තේරේන්නෙ නැත්තේ. රයිස්නේ කන්නේ තෙල් බෝතලෙත් එක්ක. අල බතල කන කට්ටිය හරි නුවණක්කාරයෝ පිනට කන්න පාගා ගන්න කැමැති නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න තමයි කැමැති...!