(සුජිත් හේවාජුලිගේ )
රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ් මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය.
(සුජිත් හේවාජුලිගේ )
රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ් මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය.
COMMENTS
රට වැසීමේ එක ප්‍රතිඵලයක් විදිහට, ආණ්ඩු විරෝධී ජනතා පොකුරක් ඇතිවෙලා තියෙනවා. දැන් පරක්කු වැඩියි නෝනා.. අපි මුල ඉඳලම රට වහන්න බොරුවට විරුද්ධ වුණේ ඒ නිසයි.
ඔව්..., ලෙඩ්ඩුත් අඩුයි. මරණත් අඩුයි. හැබයි එහෙම වුනේ කොහොමද කියලා කියන්න බැරිද? පීසීආර් කරන ගාණ එහෙම කියන්න බැරිතරම් කරනවා ඇති නේද?
එන්නත්කරණය සාර්ථකව යනවා. රටක් දිගටම වහන් ඉන්නවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ජනතාව දැනගන්න ඕනෑ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන විදිහට ආරක්ෂාකාරිව විනයක් ඇතිව හැසිරෙන්න. හැම එකක්ම තමන්ගේ දේශපාලන මතයට දාගෙන නටන්න තරම අමන නොවන්න.
මෙයා රජයට කඩේ යනවා
කොහේ වහපු රට ගැනද මේ කියන්නේ...?
බත සිරවිය කුස ඇවිලිය ගෙවිලියට... සිත හැඬවිය පුතු නැළවිය ගෙයි වියට... ගත මැලවිය මද පමණිය විය රියට... කිම සරණිය කොඳ බැමිණිය අරිව් රට...
ඒ නිසා මට/අපට සංචාරක බැංකු වලින් ගෙවීමට හැකිය: ණය කොටස් ගෙවීම්, විදුලි හා ජල බිල්පත් යනාදිය, රජය විසින් තීරණය කළ හැකි නම් ස්තූතියි.
අපි බලාපොරොත්තුවෙන් ඉමු.
ඇත්තටම වහලද...?
රෝග ව්‍යාප්තිය වලක්වන්නට ලංකාවේ පහසු නොවේ .දේශපාලනය නිසා බහුතර ජනතාව ඉතාමත් අඩු පහසුකම් යටතේ දරිද්‍රතාවයෙන් පෙලෙන නිසත්ය .නමුත් පවතින තත්වය යටතේ ජනතාව ඒකරාශී වීම වැළැක්විය යුතුය .අපේ අදහස නම් පවතින අකාර්යක්ෂම ආණ්ඩුවේ විහිලු කැබිනට් එක ඉවත් කලයුතුය .නැතිනම් ආණ්ඩුවද වෙනස් කල යුතුය
පසු ගිය දා අපෙන් ලැබුණු හූව නිසා ආණ්ඩුවේ නූගතුන් ඉන්න කැබිනට් එක තැතිගන්නවා ඇත .බහුතරය හූව සමග එක් වනු ඇත .පක්ෂ බේදයක් එතන තිබුනේ නැත .එකාවන්ව හූ තැබූ ඔවුන් එය මේ රට තුලදී පමණක් කලේ නම් උචිතය .ඔවුන් නරින් නොවන්නටද තිබුණි
කවුද යකෝ රට වැහුවේ ?අද උදේම ගස් නගින එකත් ඇවිත් අපිට පොල් ටික කඩලා දීලා ගියා .ඒකත් අත්‍යවශ්‍ය එකක් නේ .
කොහෙද රට වහලා තියෙන්නේ.අපේ ගමේ නම් හොරෙන් කසිප්පු පෙරන තැන්වලටත් කට්ටිය එනවා.
අපේ මිනිස්සුන්ට මොන ක්‍රමානුකූලද.?
මේ ක්‍රමේ දිගටම යමු, ඇරලත් නැහැ වහලත් නෑ.