(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.
ජනතාව තමන්ට ආසන්නම නගරයට පැමිණ රජයට විරෝධය පා විරෝධතාවල නිරත වූහ.
මෙම විරෝධතාවලට පැමිණි ජනතාව වෙනුවෙන් එම නගරවැසියන් විසින් ආහාර පාන ද පිළියෙල කරනු දක්නට ලැබිණි.
ජනතාව සටන් පාඨ කියමින් සහ සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවන්හි යෙදුණහ.
මෙම හර්තාලය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබූ අතර, නගරවල වෙළඳසැල් වසා කළු කොඩිද ඔසවා තිබෙනු දක්නට ලැබිණ.
ජනතාව වීදි බැස රජයට එරෙහි විරෝධතාවල නිරතව සිටි අතර ඇතැම් ස්ථානවල මාර්ග තදබදයන්ද පැවතිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රට පුරා විරෝධතා උත්සන්න වෙයි
අප්පුහාමි Friday, 06 May 2022 02:39 PM
ජනාධිපති හා අගමැතිට විරුද්ධව පවත්වන හර්තාලය ස්වභාව ධර්මයා විසිනුත් අනුමත කළ බවක් තද හිරුරැස් නොමැතිව තිබීමත්, වැස්සක් නැතිව තිබීමත් මගින් පැහැදිලි වෙනවා. එයින් පේනවා ලෝක පාලක දෙවියන් පවා ඉන්නේ ජනතාව පැත්තේ කියලා. ඒ නිසා ජනතා ඉල්ලීම පිළිගෙන තවත් බලා නොසිට අයින්වෙලා පලයල්ලා...
රටවැසියාSaturday, 07 May 2022 12:21 AM
අප්පුහාමි... ලෝක පාලක දෙවියන්ට පෙණුනේ නැද්ද සමහර අය අමුඩය ඇඳගෙන නටනවා කියලා... හැබැයි පිටරට ඉන්න අය ඒවා ඔක්කොම දැක්කා..! ඉතින් රට බංකොළොත් බව දෙවියන්ට පෙනුණා.. ඉතින් ජනතාව පැත්තේ ඉන්න දෙවියන් තීරණය කළා පොළව ඉඹින නායකයෙකුට රට බාරදෙන්න..!
SenakaSaturday, 07 May 2022 07:04 AM
රටට මෙච්චර විපතක් වෙනකන් ඔය දෙවිවරු පොල් ගෑවාද? රටට කෙලවුණාම හෙන ගගහ වැහැලා විතරක් වැඩක් නෑනේ... රටට විතරක් නෙමේ ලෝකෙටම කෙළවීගෙන යන්නේ.... ඒක නිසා ඔය මිථ්‍යා අදහස් අතෑරලා බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න.
sujeewaSaturday, 07 May 2022 01:58 PM
නම අප්පුහාමිනේ... ඔය විදිහට තමයි හැම දෙයක් ගැනම හිතනවා ඇත්තේ. රට හදන්න පෙරට එන අය හිතන විදිහ තමයි ඔය. රට, ආර්ථිකය, සමාජය, දේශපාලනය, සංස්කෘතිය, නීතිය මේ කිසිම දෙයක් හරියට නොදැන තමන් පමණයි දන්නේ කියලා හිතන පිරිසක් එකතු වුනහම මීට වඩා අච්චාරුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. රැගුම්, වැයුම්, ගැයුම් වලින් සිත් වසඟ කළ හැකි මුත් එයින් රටවල් හැදීමට නොහැක.
රකිත. Friday, 06 May 2022 03:29 PM
බැඳුම්කර වංචාව කරන කොට මෙයාලාට හිතුනේ නැද්ද රටට මෙහෙම වෙයි කියලා. දැන් තමයි ඇහැරිලා තියෙන්නේ...!
BamunuarachchiSaturday, 07 May 2022 03:31 PM
රකිත, බැසිල් අයවැය කියවද්දී ඇහුවේ නැද්ද බැඳුම්කර රැඳවුම් මුදල් කොටසක් අයවැය පියවන්න ගන්නවා කියලා... ඇහුවේ නැත්නම් සොයාගෙන කියවලා බලන්න බැඳුම්කර වංචාව කිව්වාට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...
මැක්ස් Friday, 06 May 2022 05:44 PM
අපත් කොළඹ අවට නගර කීපයක ඇවිද්දා. කඩ වහලා. ලයිට් කණුවල කලු කොඩි එල්ලලා. ඒවා ජවිපෙ වැනි සංවධානයකින් කළබව පැහැදිලියි. කෙසේ වුවත් උද්ඝෝෂකයින්ට නිකං කන්න බොන්න දුන් බවක් නම් නොදුටුවෙමු.
MO77Saturday, 07 May 2022 05:51 AM
ඔබට හිතට එකඟව කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නයට වගඋත්තරකරුවන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන නෙමෙයි කියලා? විරෝධතාව කවුරු සංවිධානය කරත් විරෝධතාවයට සහභාගි වෙන්නේ ජනතාවයි. මෙම ප්‍රශ්නයෙන් පීඩා විඳින්නේද ජනතාවයි. දේශපාලඥයින් නොවේ. ජනතාවට ප්‍රශ්නයක් නැත්නම් ජනතාව කුමක් සංවිධානය කරත් ඒවට සහභාගි වන්නේ හෝ ආශිර්වාද කරන්නේ නෑ. ඔබ පොහොට්ටුවේ ද පාක්ෂිකයෙකු ලාභ ප්‍රයෝජන ගන්නෙකු වෙන්න පුළුවන්. ඒ නිසයි ඔබට මේ සත්‍ය පේන් නැත්තේ...
lal Saturday, 07 May 2022 12:41 AM
අරගලයටත්, නව මගුල් ජෝඩුවටත් සුබ පතනවා...