IMG-LOGO

රට නංවන පියවර රැසක් ගත්තා

මහින්ද රාජපක්ෂ ජනපති සිය අට වැනි අය වැය අද පස්වරු 12. 59 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹීය. කුරක්කන් සාටකය සහිත සුපුරුදු  ජාතික අඳුමෙන් සැරසි පැමීණි ජනාධිපති  අයවැය ලේඛණය ද රැගෙන පාර්ලිමේන්තුවට පිවිසියේ කතානායක චමල් රාජපක්ෂ මහතා එහි පැමිණ මිනිත්තුවකට පසුවය. ඉහළ ගිය උද්ධමනය, විරැකියාව, තෙල්මිල, ස්වභාවික ව්‍යසන මැද්දේ ගෝලීය ආර්ථිකයේ පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාව ආපස්සට හරවා යළි සංවර්ධන මාවතට යොමු කිරීමට රජයට හැකි වූ බව ජනපති කීවේය. අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු නගර, ගම් සංවර්ධනය කර යටිතල පහසුකම් වැඩිකර උද්ධමනය, විරැකියාව පහත හෙලා නීතිය හා සාමය තහවුරු කර පස් අවුරුදු සැලැස්මකට මුල් ගල් තබා, ඒකපුද්ගල ආදායම ඉහළ දැමීමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන බව ද ජනපති කීවේය.



අදහස් (0)

රට නංවන පියවර රැසක් ගත්තා

ඉන්ද්‍රජිත් Friday, 09 November 2012 02:33 PM

මේ පුවත පලවී මෙතරම් පැය ගණනක් ගෙවිලත් "...අනේ හොඳයි, ...ඉතා වැදගත්.., නියම තීරණයක්.., ඔබයි සැමදා අපේ .." වැනි පරණ පුරුදු කියමන් දකින්න නැත්තේ මොකද? මිනිස්සුන්ට එක්කෝ ඇත්ත වැටහීගෙන යනවා, එක්කෝ තවම වැටහුනේ නැතත් මෝඩකම් එළිපිට පෙන්වන්න ලැජ්ජයි. (ස)

:       0       0

බණ්ඩාර Friday, 09 November 2012 10:04 AM

බොහොම හොදයි

:       0       0

අජිත් Friday, 09 November 2012 10:36 AM

ජයවේවා

:       0       0

වරුණ Thursday, 08 November 2012 09:48 PM

ඒක තමයි වෙන්න ඕනේ

:       0       0

මධු Thursday, 08 November 2012 05:34 PM

බලමුකෝ.... (නි)

:       0       0

අචිනි Thursday, 08 November 2012 01:46 PM

අනේ මේකෙ ඇති වැදගත්කමක් මටනම් පේන්නෙ නැහැ.. එයාලාගේ ආදායම සරු වෙයි අපේ බදු වැඩිවෙයි..අපි මොනවා උනත් කතිරෙ ගහනවානේ..!(නු)

:       0       0

ලක්ෂිත පෙරේරා Thursday, 08 November 2012 01:38 PM

කාගේ ඒක පුද්ගල ආදායම ගැනද ඔය කියන්නේ..? (නු)

:       0       0

අසෝකා Thursday, 08 November 2012 02:02 PM

ඕකත් තව අයවැයක් විතරයි..රට තිබුණු තැනමයි..!(නු)

:       0       0

දිලාන් Thursday, 08 November 2012 01:49 PM

සුරංගනා කතා තවත් නොකියනු මැන මට..!(නු)

:       0       0

කීර්ති Friday, 09 November 2012 12:28 AM

හැම අයවැයකින්ම කළේ රටවැසියා මුලාකිරීමයි. (නි)

:       0       0

කීර්ති Friday, 09 November 2012 12:52 AM

ලබන පාර ජනාධිපතිවරණයේදී තමයි කෙසෙල් ගහට කොටන කාලෙ එන්නේ. (නි)

:       0       0

චතුර Thursday, 08 November 2012 02:10 PM

අද තමයි මුල් ගල තියල තියෙන්නෙ පව් මෙයාට - ගල පැල වෙන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ(නු)

:       0       0

අචිනි Thursday, 08 November 2012 02:38 PM

අධිවේගයෙන් ගිණුම්වල මුදල් ඉහළ යනවෝ.!(නු)

:       0       0

ශ්‍රීමාලි දිසානායක Thursday, 08 November 2012 02:39 PM

සභාවෙ අය මේවා අහගෙන ඉන්නවා ඇති නේද?(නු)

:       0       0

බිනූ Thursday, 08 November 2012 02:29 PM

ඇත්තම නෙන්නම් මෙ කොරල තියන ටික හොදටම මදෑ (ස)

:       0       0

පනාගොඩ Friday, 09 November 2012 03:34 AM

රට නැග්ග නිසා වෙන්න ඇති බඩු මිළ ඔච්චරටම නැග්ගේ. (නි)

:       0       0

සරත් Thursday, 08 November 2012 02:55 PM

මේ කෙරීගෙන යන සංවර්ධනය නම්.?(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 08 November 2012 03:04 PM

ජනතාවට ජීවිතය පුරාවටම සිත් තැවුල් ගෙන දෙන ප්‍රධාන අය වැය තමයි අද ගේන අය වැය..!(නු)

:       0       0

මධූ Thursday, 08 November 2012 03:10 PM

හැම දෙයක්ම දැන් ගොඩක් ඉහලටම ගිහිල්ලා .මම කිව්වේ හොර මැරකම් මිණීමැරුම්, ගසාකෑම් වගේ දේවල් (ස)

:       0       0

ජගත් Friday, 09 November 2012 07:29 AM

රට කෙසේවෙතත්...... මොකට කියනවද මේවා. (නි)

:       0       0

නාලක Thursday, 08 November 2012 03:19 PM

ඇත්ත ..ඇත්ත ඒ කතාව ඇත්ත

:       0       0

ලංකා Thursday, 08 November 2012 03:59 PM

හොද වැඩක්

:       0       0

රුවන් Thursday, 08 November 2012 07:47 PM

ජයවේවා

:       0       0

ප්‍රදීප් Friday, 09 November 2012 09:19 AM

මගේ රටට තෙරුවන් සරණයි

:       0       0

ප්‍රසන්න Thursday, 08 November 2012 04:17 PM

ඒක පුද්ගල ආධායම මනින්නේ ඇමති පඩියෙන්ද ? .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site