IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රටේ තිබූ බේකරි 7000 න් 6000 ක් වැහිලාලු

(මහින්ද නිශ්ශංක)

කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ ඇති වූ තත්වය හේතුවෙන් රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇති බවත් ඉන් සේවකයින් ලක්‍ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ වැසී ඇති මෙම බේකරි වල සේවය කළ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයි පැවසීය.

මෙලෙස බේකරි වැසී යෑම නිසා රැකියා අහිමිවීමෙන් අසරණ තත්වයට පත්ව ඇති මෙම සේවකයින්ට කිසියම් සහනයක් සලසා දීමට මැදිහත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉතාමත්  ඕනෑකමින් ඉල්ලා සිටින බවද පැවසු ඔහු මේ වන විට එම සේවකයින් කිසිඳු සහනාධාරයක් හෝ ලැබී නොමැති බවද කියා සිටියේය.

දැනට දැඩි දුෂ්කරතා මධ්‍යයේ පාන් නිෂ්පාදනය කරන බේකරි වල නිෂ්පාදනය වන්නේද සීයයට 10 ක් පමණ වු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

රටේ තිබූ බේකරි 7000 න් 6000 ක් වැහිලාලු

Appuhamy Thursday, 16 April 2020 10:31 AM

උඹල පාන් බෙදන්නෙත් ලොකු ලොකු වාහන වල . .. හම්බ කර ගත්ත එව්වගෙන් ටික ටික ඒ මිනිස්සුන්ට දීපල්ලා .. පාන් බේකරිකාරයෝ බහුතරයක් කොටිපතියෝ...

:       0       26

ravi Thursday, 16 April 2020 10:38 AM

දහදිය පෙරාගෙන, හොටු පෙරාගෙන .. පාන් තම්බපු බේකරි නම් වහල දැම්මාට අපේ විරුද්දත්වයක් නැහැ .

:       0       6

AMILA Thursday, 16 April 2020 12:00 PM

කාලෙකින් ඇහුවා වටිනා කතාවක්.... සතුටුයි. පාන් පිටි වැඩි මිලට ගිල්ලවනවාට..

:       0       0

rasika Thursday, 16 April 2020 01:08 PM

මේ නිවාඩු කාලයේ මොලේ පැදුනානම් බේකරි වැහිලම තියේවි. සුදු පාන්පිටි 30% අඩුකර හොදයි කියන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13982 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site