(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ විනාශයට පත් දේපළ ප්‍රතිසංස්කරණය සඳහා අමතර ප්‍රතිපාදන වශයෙන් කෝටි ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වර්ෂය සඳහා කෝටි පනස් දහසක මුදලක්ද ඉදිරි වර්ෂ සඳහා කොටස් වශයෙන් තවත් කෝටි පනස් දහසක්ද ඇතුළත් කර මෙම පරිපූරකය සකස් කෙරෙන බව දැනගන්නට ඇත.
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා පාර්ලිමේන්තුව හදිසියේ රැස් කරන ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කතානායකවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා කැඳවන බව දැනුම් දෙමින් කථානායකවරයා විසින් ගැසට් නිවේදනයක් පෙරේදා ( 13) නිකුත් කරනු ලැබීය.
පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට දිනයක්ද එය අනුමත කිරීමට දිනයක්ද වශයෙන් දින දෙකක් අවශ්‍ය වන හෙයින් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පවත්වා එම දින තීරණය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
අයවැය අවසාන ඡන්දයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට ගොඩ ගන්න කෝටි ලක්ෂයක පරිපූරකයක්