(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
රට තවදුරටත් විනාශ නොකර තමන් කැමති කණ්ඩායමකට රට භාරදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් කිරිඇල්ල මහතා පැවසීය.
ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළ බවත් ඒ සඳහා කිසිඳු විසඳුමක් ඉදිරිපත් නොවූ බවත් හෙතෙම කීවේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් බව යළි යළිත් තහවුරු කිරීම පමණක් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වූ බවත් කිරිඇල්ල මහතා තවදුරටත් සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘රටේ අර්බුදය ගැන ජනාධිපතිවරයාටත් අවබෝධයක් නෑ‘
ප්‍රියන්ත Thursday, 17 March 2022 01:25 PM
පුළුවන් කෙනෙක් එයි... ආයි ඔබලා නම් එන්න හිතන්නවත් එපා...
කිරි පුතා Thursday, 17 March 2022 01:47 PM
හා..හා.. මෙයාලට ආයෙ දෙන්නලු. ඒකත් හොඳයි. මෙයාලා රට හොඳටම ගොඩ දැම්මා නොවැ... මෙතුමා හීනෙන්වත් අවදි වෙලාද? නැත්නම් මොලේ කොලොප්පම් වෙලාද?
SUNIL MILANO Thursday, 17 March 2022 03:04 PM
අවබෝධයක් තිබුණු නිසා තමයි... හත්පොලේ ගාගෙන නන්නත්තාර වුණේ...දැන් නිකන් සුදනෝ වෙන්නේ නැතිව ඉන්නවා...
මැක්ස් Thursday, 17 March 2022 09:15 PM
ඔව්...! අප ජනතාව හැටියට අපේක්ෂා සහගතව සිටින්නේ ඔබතුමා ප්‍රමුඛ සජබයට බලය ලබා දෙන්නයි. 2015 සිට 2019 දක්වා රට කළ ප්‍රශංසනීය ආකාරය අපට මතක නිසා...