
(නිමල කොඩිතුවක්කු)
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබාදීමෙන් ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට ඇහුමුකන්දෙමින් විසදුම් ලබා දෙන ශක්තිමත් ආන්ඩුවක් බිහිකිරීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ රජයේ සේවකයන් වෙනුවෙන් මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව පැවසුවත් එය තවදුරටත් මැතිවරණ පොරොන්දුවක් පමණක් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹ දී පෙරේදා(5) පැවති ජන හමුවකදී පැවසීය.
බදු මිල, ඉන්දන මිල, විදුලි බිල අඩු කර පාස්පෝට් පෝලිමට විසදුම් ලබා දෙනවා කිව්වත් කිසිවක් සිදු නොවු බවත් ඔහු සඳහන් කළේය.
විදුලි බිල 33%කින් අඩු කරන බවත් හොරකම අල්ලස දුෂණය නිසා විදුලි බිල වැඩිවන බව පැවසුවත් අද විදුලි බිල අඩු නොවන්නේ ද මේ දුෂණය නිසා ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා යැයි පැවසුවත් සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් සහ පොල් දරාගත හැකි මිලකට දිය නොහැකි බවත් මෑත කාලයේ පොල් පෝලිම් පවා ඇතිව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
එදා හොරකම දූෂණය වංචාව නිසා තෙල් මිල වැඩි බව පැවසුවත් තෙල් මිල අඩු කර රට වට්ටවන්න බැරි බව අද වනවිට තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන බවත් මෙය ජනතා විමුක්ති පෙරමුණේ දිව දෙකේ දේශපාලනය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වැට්, සෘජු හා වක්‍ර බදු අඩු කරන බව පැවසුවත් අයි එම් එෆ් සමග සාකච්ඡා වට දෙකක් තිබුනත් ප්‍රතිඵල කිසිත් නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයා අයි එම් එෆ් එකේ හිරකරුවකු බවට පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්ව රජය දැන් කියන්නේ අත්‍යාවශ්‍ය නම් පාස්පෝට් ගන්නා බවත් ආන්ඩුවේ වැඩිපිළිවෙල එයින්ම ගම්‍ය වන බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා පත් කිරීමට රටින් ආව අයත් අද පාස්පෝට් පෝලිමේ බවත් මේ රජයට රට මුහුණ දෙන ගැටලු වලට විසදුම් දෙන්න බැරි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
මෙයා කට ඇරියොත් ඡන්ද අඩුකර ගන්නවා. පඩි වැඩි කරනවා කියලා තියෙද්දී ආයේ අඬනවා. විදුලි බිල අඩුකරන්න යෝජනා දීලා තියෙද්දී බයිලා කියනවා. තෙල් වලටත් වෙච්චි දේ සභාපති කියනවා...
කවුරු ආවත් ඔච්චරයි. කම්කරුවාගේ සිට ඉහළම නිලය හොබවන එකා දක්වා හොරකමට ඇබ්බැහි වෙලා. කොහොමද සුද්ධ කරන්නේ..?
එතරම් වෙලා ඉන්නේ ඔබ ජනතාව නොවේ අපි හරි පාරේ යනවා.
අපි නම් අනාථ වෙලා නැහැ. ඔයාලා සෙට් එකේ නම් යන එන තැන් නැති වෙලා බව හොඳටම පැහැදිලියි...!
මුලින් සල්ලිවලට හරි, මීටින් වලට මිනිස්සු ටිකක් එකතු කරගන්න.
අපි නම් අතරමං වෙලා නැහැ.කරුමෙට හරි තමුන් මේ රටේ නායකයා වුණා නම් , රටට වෙන නස්පැත්තිය ගැන නම් කියලා වැඩක් නැහැ .
රටේ ජනතාව නෙවෙයි පුතානෝ අතරමන් වෙලා.
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු.. කෝ බලන්න මගේ පියාණෙෝගේ යි මගෙයි වහල්ලු ටික.. පෝලිමට ඇවිල්ල කැන්වසින් කරලා සිකුරිටි කම්කරු ජොබ් ගන්න........ හාහ හා හා
ජනතාව අතරමං වෙලා. මෙයා මංමුලා වෙලා. හහ් හහ්....
අතරමං වෙලා ඉන්නේ කවුද කියලා කණ්ණාඩියකින් බලන්න.
රටේ ජනතාව නෙමෙයි තමුන් නම් මංමුලා වෙලා ඉන්නේ... බස් එකක්වත් පාරට දාගෙන දුවන්න
ඔබතුමාගේ කට්ටිය නේද? දැන් යනඑන මන් නැතිව අනාථ වෙලා ඉන්නේ. 14 වෙනිදායින් පස්සේ ඔයත් අනාථයි, ඔයාගේ අම්මත් අනාථයි.
රටේ දැවැන්තම පක්ෂයක් වුණු UNPය විනාශ කිරීමේ කොන්තරාත්තුව බාරගැනීමේ සාපයෙන් නුඹට බේරෙන්න බැහැ...!
අපිනම් තාම අතරමං වෙලා නැහැ.
හොරු අතරමං වෙලා ජනතා තීන්දුව පිළිගන්න.
දරුවන් දේශපාලනයට ගෙනෙන්න එපා...
අපි පාර හොයාගත්තා... ඔබලා තමයි අතරමං වෙලා තියෙන්නේ... බොලාගේ තාත්තා තමයි අපිව අතරමං කරේ...
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය 90 මුත් දේශපාලන සාක්ෂරතාවය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක. මේ නිසාම ශ්‍රී ලාංකික අපි පසුපසටම ගියා. 77 න් පසු විවෘත ආර්ථිකය සමඟ යම්කිසි දියුණුවක් ඇතිවුවත් දිනෙන් දින සාරධර්ම ගිලිහෙන්න පටන්ගත්තා. වංචාව, දූෂණය, බලය අයුතු ලෙස භාවිතය, අධික ලෙස ණය ලබාගෙන ව්‍යාපෘති නාමයෙන් අතිවිශාල කොමිස් ලබාගැනීමෙන් රට හැම අතින්ම ඇදවැටුණා. ඒ වගේම දේශපාලන සංස්කෘතිය එන්න එන්නම පිරිහුණා. කෙසේ නමුත් එවන් පසු බිමක සජිත් කියන්නේ 94 සිට 2000දක්වා හම්බන්තොටට විශාල සමාජ සේවයක් කළ කෙනෙක්. එනිසාම රනිල් මහත්තයාට සිදුවූවා සංවිධායක කමක් දෙන්න. එතැන් පටන් සෑහෙන කාලයක් හම්බන්තොටට ලොකු සේවයක්, පිරිසිදු සේවයක් කළා. පසුව නියෝජ්‍ය නායකයා විදිහට, ඇමැති කෙනෙක් විදිහට විපක්ෂ නායකවරයෙක් විදිහට වාර්ථාගත සේවාවක් රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කළා. නමුත් සජිත්ගේ මෙන්ම අපගේ කුමක් හෝ අවාසනාවක් තිබෙනවා සේවය ලබාගන්න. ඒ වගේම බොහෝදෙනා අකෘතඥයි. කළගුණ සලකන්නේ නැහැ, කළගුණ හඳුනන්නේ නැහැ. UNP කාරයෝ ඔහුව රැකගත්තා. ඔහු UNP කරයින්ව රැකගත්තා. කෘතහස්ත භාවයෙන් ගෝඨාභයට, අනුරට වඩා මොනතරම් කෘතහස්ත ද? බලාසිටිමු මේ මොහොතේ ජනතා තීන්දුව...
පිනට දීපු හාල් වල ගුනේ වත් තියල නැහැනෙ?
ඔයාට කම්කරුද? සෙකියුරිටිද ඕනේ...?
අන්තිමට අතරමන් වුනේ කව්ද ? අනේ පව්! හැමදාම විපක්ෂයේ...පැරදිලා පැරදිලා පදම් වෙලා මෙයා!
එක මාසයක් රැදී ඉන්න
ඔය පින්තූරයේ ඉන්න අය නම් අතරමං වෙලා බව මුහුණෙන්ම පේනවා. හත්වලාමේ වෙච්ච දෙයක්. හොරු, බාර් කාරයෝ පේන්න නැතිව ජනතාවට නිකම් තක්කු මුක්කු වගේ. ටික කාලෙකින් හරියාවී. ඔහේ කලබල වෙන්න එපා හපොයි.