IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රටවල් හතකට නව තානාපතිවරු - මහ කොමසාරිස්වරු පත් වෙති

 

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 7 දෙනකු සමඟ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.

එසේම ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 

විශේෂයෙන් විදේශ ආදායම් ඉපයීමේදී ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර 4 තුළ තානාපති කාර්යාලවලට  විශේෂ වගකීමක් පැවරී තිබෙන බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ආර්ථිකයේ බාහිර ස්ථායිතාව ඇති කිරීමේදී තීරණාත්මක සාධකයක් වන විදේශ විනිමය මාර්ග සියල්ලම තානාපති කාර්යාල සමඟ බැඳී පවතින බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමෙන්ම විදෙස් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ වරණීය වෙළෙඳ සැකසුම්වලට එළඹීම කාලීන අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද නව රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙසේය.

01. ඉන්දුනීසියාවේ තානාපති- එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය

02. බ්‍රසීලයේ තානාපති-  සී.ඒ.සී.අයි.කොලොන්න මහත්මිය

03. මාලදිවයිනේ මහකොමසාරිස්- එම්.ආර්.හසන් මහතා

04. තුර්කියේ තානාපති-  එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී.කදුරුගමුව මහතා

05. නේපාලයේ තානාපති - රුවන්ති දෙල්පිටිය මහත්මිය

06. දකුණු කොරියාවේ තානාපති- එම්.කේ.පත්මනාදන් මහතා

07. ඕමානයේ තානාපති-  ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් මහතා

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (2)

රටවල් හතකට නව තානාපතිවරු - මහ කොමසාරිස්වරු පත් වෙති

සෙනෙවිරත්න Saturday, 23 August 2025 07:29 AM

නෑදෑ සනුහරේ වරිග සභාවේ උන් ඕවාට යවපු සංස්කෘතිය ඉවරයි. ඔය වෙනස එනකන් තමයි අපි බලාගෙන උන්නේ. පුදුමේ තවමත් ඒ ජරා ක්‍රමයට ආවඩන නිවටයින් ඉන්න එක...

:       0       3

Nishan Saturday, 23 August 2025 08:32 AM

ඇමරිකාවේ තානාපතිකමටත් මාලිමාවේ කෙනෙක්ව දාන්නකෝ...! බලන්න ආසයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site